Health

මස් මාංශ වර්ග කන්න කැමති අය ගොඩක් ඉන්නවා. හැමෝටම නිර්මාංශ වෙන්නත් බෑ, එහෙම වෙන්න කියලා කියන්නත් අපිට බෑ. ඒ වගේම තමයි සමහරුන්ට අනුව නම් මේ “මං මාංශ කන එක හරි පව් වැඩක්” වුනාට සමහර අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ත වර්ග ශරීරයට එකතුකරගන්න ගොඩ්ක අය මේ මස් මාංශ වර්ග වලට යොමුවෙලා තියෙනවා. ඔය...
වර්තමාන ලෝකයේ කොතරම් කාර්ය බහුලද කියනවා නම් බොහෝවිට බොහෝ දෙනාට තම ප්‍රධාන ආහාර වේල් ලබා ගැනීම පවා මඟ හැරෙනවා. ඔබ ඔබේ ආහාර වේල් පිළිබඳව එතරම් සැලකිල්ලක් නොදක්වන කෙනෙක් නම්   ඔබට පහත සඳහන් තත්ත්වයන් ඇතිවීමේ සම්භාවිතාවය ඉතා වැඩි බව කිව යුතුයි. පෝෂණය අපගේ ශරීරයට අත්‍යවශ්‍ය වන අතර ශරීර අභ්‍යන්තරයේ ක්‍රියාකාරීත්වය...
පිළිකා රෝග තත්ත්වය කියන්නෙ තවදුරටත් අපිට අමුතුයි කියලා හිතෙන මාතෘකාවක් නෙවෙයි. අද වෙද්දි සමාජ ජාල වෙබ් අඩවි වගේම සන්නිවේදන මාධ්‍යයන් වල දියුණුව නිසා මේ වගේ රෝගී තත්ත්වයන් ගැන කතා බස් කිරීම් නිතරම පාහේ සිදුවෙනවා. හැබැයි කොච්චර කතා කරත් පිළිකාවක් කියන්නෙ හිතට සැනසුමක් ගෙනත් දෙන මාතෘකාවක් නෙවෙයි. තමන්ට හෝ තමන් ආදරය...
ලංකාවේ අපි බහුලවම භාවිතා කරන තෙල් වර්ගය ඇහුවොත් මතක් වෙන්නේ පොල් තෙල් කියලානේ. ඒ අතරට එළවළු තෙල්, සුරියකාන්ත තෙල් වගේත් කිහිප දෙනෙක් කියාවි. හැබැයි ඒ ප්‍රශ්නේම ඉන්දියානුවෙක්ගෙන් ඇහුවොත් ලැබෙන්නේ වෙනස් උත්තරයක්. ඉන්දියානු ජාතියකන්ගේ ආහාරවේල් වල වගේම, ආහාර සකසනකොටත් භාවිතා කරන ප්‍රධානම තෙල් වර්ගය තමයි මේ එළඟි තෙල්. ගිතෙල් කියලා...
හෝමෝන නිපදවීම සහ ශ්‍රාවය කිරීම හරහා විවිධ ශාරීරික ක්‍රියාකාරකම් නියාමනය කරමින් ශරීර සෞඛ්‍ය සමබරව සහ නීරෝගීව පවත්වාගෙන යාම සඳහා දැවැන්ත කාර්‍යභාරයක් ඉටු කරන තයිරොයිඩ් ග්‍රන්ථිය කියන්නෙ අපේ උගුරේ පිහිටා තිබෙන සමනල හැඩැති කුඩා ඉන්ද්‍රයක්. ශරීරය විසින් ශක්තිය භාවිත කරන අන්දම නියාමනය කර එමඟින් පරිවෘත්තිය ක්‍රමවත් කිරීම, හෘද සපන්දනය විශේෂයෙන්ම, විවේකි හෘද...
පරිප්පු වලට අපේ ශ්‍රී ලාංකීය ආහාර රටාව තුළ හිමිවෙන්නෙ කොයිතරම් වැදගත් ස්ථානයක්ද කියල අපි කවුරුත් දන්නවනේ. අන්න ඒ නිසා පරිප්පු කියන්නෙ ශ්‍රී ලංකාවෙ නිළ නොවන ජාතික ආහාරය විදිහට හඳුන්වන එකෙත් වරදක් නැහැ,  පරිප්පු වල රස වගේම පරිප්පු කියන්නෙ පෝෂණය අතිනිත් සුළුකොට සලකන්න බැරි ආහාරයක්.  වෙළඳපොලේ ඉතාම ජනප්‍රිය සහ බහුලවම දකින්න ලැබෙන...
ඇඹරැල්ලා කියන්නෙ පළතුරක් වුනත් ලංකාවෙ අපි නන් පළතුරක් විදිහට ඇඹරැල්ලා ආහාරයට ගන්නවට වඩා ව්‍යාංජනයක් විදිහට පිළියෙල කරල ආහාරයට ගන්න අවස්ථා වැඩියිනෙ. ලංකාවෙ විතරක් නෙමෙයි ඉන්දියාව, මැලේසියාව, ඉන්දුනීසියාව, තායිලන්තය, ජැමෙයිකාව සහ බාබඩෝස් වගේ රටවල් වලත් මේ ක්‍රම දෙකටම ඇඹරැල්ලා ආහාරයට ගන්නව.  ෆයිබර්, ප්‍රෝටීන්, කාබෝහයිඩ්‍රේට්, පොස්පරස්, සෝඩියම්, පොටෑසියම්, කැල්සියම්, විටමින් A, B සහ...
IBS කියන රෝගී තත්වය ගැන ඔබ මීට කලින් දැනන් හිටියද?  IBS එහෙමත් නැත්නම්, කුපිත වූ බඩවැල් සින්ඩ්‍රෝමය කියන්නෙ ආමාශය සහ බඩවැල් ආශ්‍රිතව ඇති වෙන්න පුළුවන්, ඉතාම සුලභ සහ එදිනෙදා ජීවිතය සම්පූර්ණයෙන් අඩාල කරල දාන්න පුළුවන් තරමටම වේදනා අපහසුතා ඇති කරන්න පුළුවන් තත්වයක් විදිහට හඳුන්වන්න පුළුවන්.  මේ නිසා කැක්කුම්, උදරයේ වේදනාව, ඉදිමීම,...
ව්‍යායාම කරන්නෙ ඇයි කියල ඇහුවොත් අපි බොහෝදෙනෙක්ට හිතෙන සහ අපි බොහෝදෙනෙක්ගෙන් ලැබෙන්නෙ ශරීරයේ හැඩය පවත්වා ගන්න, අනවශ්‍ය බර අඩු කරගන්න වගේ පිළිතුරු කියල ඔබ දන්නව. මේ ප්‍රශ්නෙ ඔබගෙන් ඇහුවත් ලැබෙන්නෙ ඒ වගේ පිළිතුරක් වෙන්න පුළුවන්.  හැබැයි, අපි වැඩිය නොහිතුවට ව්‍යායාම කිරීමෙන් බලාපොරොත්තු වෙන ප්‍රතිඵල එකිනෙකාගෙන් එකිනෙකාට වෙනස්. ශරීරයේ අනවශ්‍ය බර අඩු කරගන්න...
යකඩ ඌණතාවය, රක්තහීනතාවයේ එක් පොදු ප්‍රභේදයක් විදිහට හඳුනාගන්න පුළුවන්. ශරීරයේ පටක වලට අවශ්‍ය ඔක්සිජන් ප්‍රවාහනය කිරීමට ප්‍රමාණවත් රතු රුධිර සෛල ප්‍රමාණයක් නොතිබීම මෙහි ප්‍රධාන ලක්ෂණයක් ලෙස සඳහන් වෙනවා.  අපේ ශරීරයේ ප්‍රමාණවත් යකඩ ප්‍රතිශතයක් නොමැති වූ විට ශරීරයට අවශ්‍ය කරන ප්‍රමාණයට හිමෝග්ලොබින් ප්‍රවාහනය කිරීම සඳහා අවශ්‍ය රතු රුධිරාණු නිපදවීමේ හැකියාවක් ලැබෙන්නෙ...