නිම් නැති නිම්නය

නිම් නැති නිම්නය
කවීශ්වර ඉදිරිය බලා ගෙන රිය පදවයි. තවමත් ඔහු එක වදනකුදු කතා කළේ නැත. ආරාධනා වරින් වර ඔහු දෙස හැරී බැලුවා ය. පෙර දා ඔහු ගෙනැවිත් දුන් බඩු වලට මුදල් ගෙවන්නට යාම නිසා කවීශ්වර තරහා ගත් බව ආරාධනා ට වැටහුණේ ඒ වෙලාවේ ම ය. ඔහු ගේ ඇස් වලින් ගින්දර පිට...
නිම් නැති නිම්නය
දියවන්නා ඔය පිස හමා ආ සුළඟ මේ තරම් ගිනියම් ඇයි දැයි කවීශ්වර ට සිතිණ. සූර්යයා දවසේ විඩා නිවමින් නිස්කාන්සු බැස යාමකට සූදානම් ව සිටියේ ය. දියවන්නා ජල තලය මත ලා රත් පැහැති සූර්ය කදම්බයක් මෘදු තරංග වල පැටලී තිබිණ. කොක් රෑනක් ඉංග්‍රීසි වී අකුරක හැඩයට අහස් තලාවේ රටාවක් අඳිමින්...
නිම් නැති නිම්නය
සැත්කම නිම වීමෙන් පස්සේ කාශ්‍යප ට සෞභාග්‍යා ව බලා ගන්නට සිදු වූයේ බබෙකු වාගේ ය. ඇයට සියල්ල ඔහු අතට පයට සිදු කොට දිය යුතු විය. ඕ දෙපයට බර දී ඇවිද්දේ වුව නැති තරම ය. සිය සැත්කම කාශ්‍යප ගේ වරදකින් සිදු වූවක් සේ ය ඇතැම් විට ඇය හැසිරුණේ. ඇය ඉන්නා...
නිම් නැති නිම්නය
උසාවි භූමිය මීයට පිම්බා සේ නිහඬ ව තිබිණ. නමුත් ආරාධනා ගේ හදවත මැද දෙබරක් ඇවිස්සුණා වන් කලබලකාරී බවක් විය. ආසන පෙළෙහි ඇය දෙපසින් මධුරි හා රාජිකා මැණිකේ යන මව්වරු දෙදෙන ද ඔවුන් ට දෙපසින් සේනාසිංහ හා ගජධීර යන පියවරු දෙදෙන ද අසුන් ගෙන සිටියහ. ශාලාවේ පිටුපස සෙනග අතරේ කවීශ්වර...
නිම් නැති නිම්නය
කාශ්‍යප වැතිර සිටියේ ගිනි ගත් යහනක ය. කවීශ්වර ගේ දුරකතන ඇමතුම පැමිණෙත්දී "මල්ලි" කියමින් ඔහු යහනෙන් බැස්සේ සෞභාග්‍යා ට ඒ බව දැනුම් දීමක් වශයෙනි. ඇය යටැසින් බැලුවා ය. දුරකතන ඇමතුමෙන් පසු ඔහු ඇවිත් වැතිර ගත්දී බඩ පපුව දැවෙමින්, වරදකාර හැඟීමක් ද පසු තැවීමක් ද බුර බුරා නැගෙන්නට විය. "ඇයි..." ඒ තනි...
නිම් නැති නිම්නය
හීන් නිළි වැස්සක් වැටෙනා හඬ ඇසෙමින් තිබිණ. ඒ අතරින් ආරාධනා ගේ කාමරය දෙසින් නැන්දම්මා හා ලේලිය රහස් ස්වරයෙන් කතා කරන හඬ ද සිනහ වෙන හඬ ද ඇසුණේ ය. තාත්තා ඇස් පියාන නින්දකට අවතීර්ණ වීමට සූදානම් වනු දැක, කවීශ්වර ජංගම දුරකතනය ද ගෙන කාමරයෙන් පිට වූයේ ය.  ප්‍රධාන දෙපලු දොර විවර...
නිම් නැති නිම්නය
ආරාධනා ඉකි ලමින් හැඬුවා ය. ඇගේ ඇස් වලින් ඇද හැළුණ කඳුළු, මුරුගසං වැස්සකට සම කළ හැකි ය. ඒ කඳුඵ වල එපමණට සන්තාපයක් විය. සංවේගයක් විය. සංවේදනයක් විය. කාශ්‍යප සැනසුම් පාය හැර ගිය දිනයේ සිට වරින් වර ඇද හැළුණු වල මුළු පරිමාවවත් දැන් මේ මොහොතේ වට කඳුළු වලට සම කළ...
නිම් නැති නිම්නය
ආරාධනා කෑම මේසය සූදානම් කළේ කවීශ්වර බිඟු ට පීසා ගන්න ගියා කී වෙලාවේ ය. වෙනදාට ඇය එසේ කරන්නේ රිය ගෙමිදුලට හැරවෙත්දී කුස්සියට දිව ගොස් ය. කල් ඇතිව මේසයට කෑම යවා තිබුණොත් සීතල වෙන නිසා, මේසයට ඉඳ ගන්න ඔන්න මෙන්න තිබියදී ඇය එසේ කරන්නී ය. කවීශ්වර ට ආපසු සාප්පුවට යන්නට...
නිම් නැති නිම්නය
දරුවෙකු බිහි කළ අලුත ස්ත්‍රියක සැලකිය යුතු තරම් කායික මානසික විචල්‍යතා පෙළකට ගොදුරු වේ. ඒවා, හෝමනමය වෙනස්කම් වල සිට සංකීර්ණ මනෝ භාවයන් දක්වා විහිද යන්නේ ය. ඉන් සාර්ථක ලෙස ගොඩ ඒමට නම් පවුලේ අයගේ හා සමීප ව අසුරු කරන්නන් ගේ වටහා ගැනීම ද සහයෝගය ද අත්‍යවශ්‍ය වන්නේ ය.  එහෙව් තත්වයක්...
නිම් නැති නිම්නය
අලාම් එකේ හඬින් ආරාධනා අවදි වන විටත් බිනර වැස්ස සිරි සිරි ගා ඇද හැලෙමින් තිබිණ. ඇය ඒ දුක් ගීතයක් වන් වැසි නද ට කන් දී ගෙන තවත් මොහොතක් ඇස් පියා ගෙන සිටියා ය. නමුත් යළි නින්දකට එළඹෙන්නට එක තත්පයරයක පමාවක් ඇති ය. ඇය වහා යහනෙන් නැගී සිටියා ය. එතකොට...