නිම් නැති නිම්නය

නිම් නැති නිම්නය
දික්කසාදය සඳහා සිතාසි අත පත් මොහොතේ කාශ්‍යප ගේ ආත්මය දෙදරා, පුපුරා, කැබලි වී, සුණු විසුණු වී, අළු දුහුවිලි වී ගියේ ය. එය වූ කලී බෝ වෙලාවක් කම්පන තරංග වල තීව්‍රතාව පහ ව නො ගිය විදාරණයකි. දික්කසාදය! එය මුහුණ දීමට ඒ තරම් අසීරු සිදුවීමක් වෙතැයි විවාහය හැර ආ ගමනේ දී...
නිම් නැති නිම්නය
සඳයුරු නින්දට වැටිණ. ඔහු ව සුව පහසු ලෙස යහනේ සතපවා, සුදු මුදු පුළුන් කොට්ට වලින් වට කොට, ආරාධනා ඒ මොළකැටි මුහුණට එබී ගෙන සිටියා ය. බිළිඳෙකු කියන්නේ සිහින පොදියකි. ඔහු රත් දෙතොල් පොපියමින් සිනහවකට අරඇන්දේ ය. සුරංගනාවක ඔහු ට ආදරේ ගැන කතාවක් කියන්නට ඇත. මේ ළපටි මුහුණු දෙක දෙස...
නිම් නැති නිම්නය
චමල් සේනාසිංහ විසින් සිය දියණිය ආරාධනා වෙනුවෙන් දික්කසාද නඩු පැවරීම නීතීඥවරයෙකු වෙත භාර දෙන ලද්දේ ගජධීර පවුලේ අය සමග ද කතා බහ කිරීමෙන් පස්සේ ය.  "ඒක මගෙ තීරණේ. තව දුරටත් මට එයා එක්ක ජීවත් වෙන්න බලාපොරොත්තුවක්වත් ඕනකමක්වත් නෑ" ආරාධනා එසේ කීවේ හිස කෙළින් තියා ගෙන ය. ඒ වෙලාවේ ඇගේ ඇස් වල...
නිම් නැති නිම්නය
සැනසුම් පායේ හදවත් හතර ම තිබුණේ කඩා වැටෙන්නට ආසන්න අහසක් වාගේ බර වී ගෙන ය. රෝහලේ දී කාශ්‍යප හමු නොවුණා නම් කියන හැඟීම ඒ හැම හදක ම හුස්ම ගන්නට ඇත. නමුත් නො විය යුතු ව තිබූ බොහෝ දේවල් සිදු වී තිබේ. සිදු වෙමින් ද තිබේ.  කවීශ්වර සිතා ගෙන සිටියේ එන...
නිම් නැති නිම්නය
පිටත තද වැස්සක් වහිමින් තිබිණ. ආරාධනා සිව් මස් බිළිඳු පුතු සඳයුරු වඩා ගෙන වීදුරු බිත්ති වලින් පිටත බලා සිටියා ය. සඳයුරු අම්මා ගේ අත් දෙකත් පපුවත් අතර මැද අවකාශයේ හිර වී සිටියේ තරමක නො සතුටකිනි. ඔහු ගේ හඬ තැලීම් වල වූයේ ඒ නො රිස්සුම බව ආරාධනා නො දන්නවා නොවේ....
ගැඹුරු තුවාල පහසුවෙන් සුව වෙනවා නොවේ. නමුත් ඒ ගැඹුරු වේදනාවට හුරු වූ විට එය උහුලා ගත හැකි වේ. ඒ වූ කලී යම් ආකාරයක නිර්වින්දිත තත්වයකි. ආරාධනා පත් ව සිටියේ ද එබඳු තත්වයකට ය. ඇතැම් අවස්ථා වල නිර්වින්දිත බව අඩු වී රිදුම් ඉස්මතු ව ආවේ ය. එවන් අවස්ථා වල කාශ්‍යප...
අස්ථි පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයෙකු විසින් සැත්කමක් කොට, රාජිකා මැණිකේ ගේ උරහිස ළඟින් බිඳී ගිය අස්ථිය ඇණ යොදා පුරුද්දනු ලැබිණ. ඒ සඳහා මූලික වශයෙන් වියදම් දැරුවේ කවීශ්වර ය.  කවීශ්වර සතුව ඉතිරි කර ගත් මුදලක් වෙතැයි ගජධීර යුවළ වුව සිතුවේ නැත. ඔහු තුරුණු වියෙහි දී රැකියා කිහිපයක් ම අත්හරිමින් ද මාරු...
එදා කාශ්‍යප ව හමු වී පැමිණීමෙන් පස්සේ කවීශ්වර ගජධීර සමගින් ආරාධනා ගැන යමක් සාකච්ඡා කොට තීරණයකට ආවේ ය. ඒ තව දුරටත් ආරාධනා ව සැනසුම් පායේ රඳවා ගෙන නො සිට ඇය නිදහස් කොට හැරිය යුතු බවටයි. ගජධීර සේ ම රාජිකා මැණිකේ ද කැමති ආරාධනා දරු දෙදෙනා සමගින් හැමදාමත් ඔවුන් සමග...
.  පාසල් නිවාඩුව ඇරඹිණ. එය ආරාධනා ගේ හදවත ට මහත් සැනසිල්ලක් වූයේ ය. දවල් ට සුපුරුදු පාසල් සේවා රියෙහි බිඟුනි ගෙදර පැමිණී ද උදේ ට ඇය කැටිව යාමට කවීශ්වර ට කරදර කළ යුතු වීම ඇගේ හදට බරක් ව තිබිණ. කවීශ්වර වචනයකිනිදු එහෙම නොකැමැත්තක් නො හැඟවී ද එය ඔහු ගෙන් බලාපොරොත්තු...
එදා සැනසුම් පායේ දිවා ආහාරය වෙලාවේ ඉන් පිටත සාමාජිකයෝ දෙදෙනෙක් වූහ. ඒ කාවින්දි ගජධීර සහ තාරා සේනාසිංහ ය. තාරා සේනාසිංහ වූ කලී ආරාධනා ගේ සොයුරු චින්තක ගේ බිරිඳ ය. ඇය වෘත්තියෙන් පශු වෛද්‍යවරියකි. විවාහ වී දරුවන් ලැබීමෙන් පසු රජයේ රැකියාවෙන් ඉවත් වී, ගෙදර පසෙක ඉදි කරන ලද ගොඩනැගිල්ලක පවත්වාගෙන...