මම වෙනම මලක්

"ඒ ලෙවල් රිසල්ට්ස් එන්න ළඟයි නේද?" ඉන්නා පරිසරය ගැන කිසිදු කතාවක් නැවත නොපැවසූ විකුම් නිලුපුලීගෙන් එසේ අසා එවා තිබිණි. නිලුපුලී බය සහ චකිතය ඇති ඉමෝජියක් යවන්නට තීරණය කළා ය. "ඔයා හොඳටම පාස් ඇති. බය වෙන්න එපා.තමන්ගේ අනාගතය ගැන හිතලා මහන්සිවෙලා වැඩ කරන මිනිස්සු කවදාවත් පරදින්නෙ නෑ." විකුම් එහෙම ලියා එවා තිබිණ. එහි...
නිලුපුලී එදින නැවත අන්තර්ජාල සබඳතාවය ක්‍රියාත්මක කළේම නැත. ඇය රාත්‍රියට ඔහේ ගෙවී යන්නට ඉඩ දුන්නා ය. ඇයට ඒ රාත්‍රිය දිගු විය. නින්ද අහිමි වග දැනිණ. එහෙත් ඈ ඒ රාත්‍රියට ගෙවෙන්නට දුන්නා ය. අඩුම තරමේ හොඳ යහළුවෙකු වත් සිටියානම් ජීවිතය මීට වඩා පහසු වන්නට තිබුණා නොවේදැයි ඇය සිතුවා ය. ඇයට...
"ජීවිතේ විඳවන්න ගත්තට පස්සේ අපි කාලයක් යනකම් ඒ විඳවිල්ලට පුරුදු වෙනවා . සමහර වෙලාවට ලෙඩක් සනීප වුණාමත් හිස්කමක් එන්නේ. අර පරණ ජනකතාවක් තියෙන්නේ ගමරාලගෙන් ගුටි කාලා කාලා ගමරාල මැරුණට පස්සෙ වංගෙඩියෙන් ගුටි ගහගත්තු ගම මහගෙ කෙනෙක් ගැන. අන්න ඒ වගේ. සමහරු දුකම කොයි තරම් මිහිරක් ද කියලා ඒක විඳින්න...
නිලුපුලී දවස ලිලී මල් පොකුරේ සුවඳ දින් කිහිපයක්ම වින්දා ය. මල් කල් තබා ගන්නා දියරයක් ඉස ඇය ඒ මල් පොකුර දින ගණනාවක්ම කාර්යාල මේසය මත තබා ගත්තා ය. ලිලී මලකින් හමන්නේ අපූරු සුවඳකි. එහෙත් ඇය ආසා කරන්නේ රතු රෝස මලකට ය.ඔහුට රතුරෝස රැගෙන එන්නට බැරි වුණේ ඇයි දැයි ඇය...
අනෝරා වැස්ස ඇද හැලේ.නොකඩවා ඇද හැලෙන වැස්ස දැන් ඕනෑවට වැඩි බව සිතුණු උමාලි ජනේලය වසා දැම්මා ය. ඉල්ලීමකින් තොරව වසා දැමුණු ජනේලයෙන් මෑත් වූ ඇය දෙස බැලුවේ නොපහන් දෑසකිනි. “වැස්ස දිහා බලාගෙන හිටියෙ" විකුම් එසේ කීවද මල්ලිගේ මඟ බැලීම ද කල්පනාවට වැටීම ද උමාලිට නුරුස්සයි. ඕනෑවට වඩා සිතන්නට යාම කිසිවක්ම යහපත්...
විකුම්ගේ කේක්  සංග්‍රහය ලිලී ෂේඩ්හි කොල්ලන්ටත් කෙල්ලන්ටත් ගෙන ආවේ සතුටකි. හවස තුන හතර වෙද්දී රදීෂ් කාර්යාලයේ ඉන්නවානම් පොඩි බඩගිනි දැනෙනබව කියන ඔවුන් ඔහු නැත්නම් කරන්නේ සම්මාදමක් දමා මොනවා හෝ කන්නට රැගෙන ඒම ය. අද ඒ මොනවාවත්ම ඕනෑ නැත. කන්නට නොව නාන්නට තරම් කේක් තිබේ. "Ae Dil Hai Mushkil ෆිල්ම් එකේ...
විකුම් කේක් වර්ග කිහිපයක් ම මිලට ගත්තේ ය. ප්‍රේමයක් බිඳී යාම සමරන අරුම පුදුම මිනිසෙක් යැයි ඔහුට "ලිලී ෂේඩ්" හි කොල්ලන් සහ කෙල්ලන් හිනැහෙන්නට පවා ඉඩ තිබේ. නමුත් ඔහුට එසේ නොකර හිඳින්නට අසීරු ය. එදා සිදුවීම කොහොම වෙතත් මේ මුළු කාලයම පුරාම තමන් සතිපතා යැවූ ඇණවුම් පවා ඔවුන් ඉටු...
අයත් වූ ආදරය රැක ගැනීමට උවමනා නැතැයි බොහෝ ගැහැනු සිතන්නට පුරුදු වී සිටිති. ප්‍රේමයම ජීවිතය කරගෙන තමන් මත්තේ හිඳින්නන් මොන තරම් මානසික සහ කායික පීඩා විඳින්නට සිදු වුවත් හැර නොයන බව විශ්වාස කරන්නට ඔවුන් සතුටු ය. නිමේෂා ජීවත් වූයේ ඒ ෆැන්ටසියේ ය. ඇගේ දෑසට පෙනුණු කඩවසම් ම තරුණයා දිනා ගන්නට...
"මේ මෝඩයා ඒ තරම් නාඩගමක් නැටුවට පස්සෙ රදීෂ්ගේ සායම යන්න ඇතිනෙ." උමාලි පිරුණු කුස ද ඔසවාගෙන එහෙමෙහෙ ගියේ කෝපයෙනි. ඇයට ඇති ලොකුම ශෝකය රදීෂ්ගේ කාර්ය මණ්ඩලය ඉදිරිපිට මල්ලි නටන්නට යෙදුණු නාඩගම ය. ඇයට අනුව ඒ කළු පැල්ලමකි. ඒ කෝපයෙන් ඇය ඔබමොබ ඇවිද්දා ය. අනතුරුව මල්ලිට අමතන්නට සිතුවා ය. "ඔයාට පිස්සුද උමී?...
"නිකං අත තුවාල කරගන්න එපා" බිත්තියේ වතාවක් අත හප්පාගත් හිත තුවාල වූ තරුණයා හැරී බැලුවේ ය. අනෙක් කිසිවෙක් කිසිවක්ම නොකියන්නට තීරණය කළ ද නිලුපුලීට ඔහු නවත්වන්නට ඕනෑ වී තිබිණ.  "ආදරේ හින්දා නිකං විනාස වෙන්න එපා" ඇය මහා පණ්ඩිතකමකින් ඊළඟ උපදෙස ලබා දුන්නා ය. තරුණයා දෑස් ඔසවා පණ්ඩිත කෙල්ල දෙස බැලුවේ පුදුමයකිනි. ආවේගාත්මක...