මම වෙනම මලක්

'ලිලී ෂේඩ්' හි මල් සැකසුම් ප්‍රවාහනයේ යෙදෙන තරුණයෙකු වූ දිනේෂ් නිලුපුලී වෙත ආවේ මල් කළඹක් රැගෙන ය. එය රතු රෝස මල් කළඹකි. ඔහු එය නිලුපුලී අසල තැබී ය. "දිනේෂ් මල්ලි, අක්කලාගෙ ආදරේ තමයි ෂෝක් කියලා නිලූට මල් බොකේ එකක් දුන්නද?" පසෙක හුන් සාවිත්‍රි අසන්නේ හිනැහෙමිනි. දිනේෂ් මුහුණ නොරොක් කර ගනිමින් නිලුපුලී...
"මං ඔයාට චාරු ලොකු අම්මා ගැන කියලා තියනව නේද පුතේ?" නිර්මලා ඇසුවේ කුස්සියේ උයමනට උදව් දෙමින් සිටි නිලුපුලීගෙනි. නිලුපුලී හිස වැනුවා ය. ඇය එහෙම කෙනෙක් ගැන අසා තිබේ. "අර ජෝතිරත්න මහත්තයා නිමිත්තක් බලල කිව්වේ ලොකු අම්මා මං ගාවට වෙලා ඉන්නවා. බෝතලේකට දාන්න ඕන කියලා." නිලුපුලී අඩුවැඩිය එකතු කළා ය. ජෝතිරත්නගේ ජොතිෂ්‍ය කටයුතු...
එහෙම කෝපයක් දියණිය කෙරෙහි ඇති කර ගැනීම ගැන දැන් නිර්මලාට දැනෙන්නේ ශෝකයකි. එමතු නොව ඇය "කොම්පැනියේ ලොක්කා" සහ නිලුපුලී හාද වනතුරු පවා බලා සිටියා ය. එහෙත් දියණිය සේවය කරන්නේ රදීෂ් ලියනාරච්චි ළඟ බව දැන් ඇය දනියි. නංගී අයියාගේ සේවිකාවක වී තිබේ! පාලිත ලියනාරච්චි මේවා දැනගතහොත් කෙසේ හැසිරේදැයි ඇය සිතා බැලුවා ය. "මොකාද...
අක්කාට හිමි වී තිබූ රැස් විහිදෙන ජීවිතයෙන් නිර්මලාගේ දෑස ද ගිනිකන වැටෙන්නට පටන්ගෙන තිබිණ.ඇයට ඒ ලෝකයට ආශා ඇති විණ. මහා ලොකු සල්ලි කාරයෙක් කියන්නේ අක්කාට නොවන බව වැටහුණ ද ඇය සිටියේ ඒ ලෝකයට ආශාවෙනි. "මේක නිරූට. නිරූ බටර් කෑල්ල වගේනෙ" පාලිත එහෙම තෑග්ගක් ගෙනාවේ අක්කා ගර්භනියක කාලයේ ය. අයියා කෙනෙකු නංගියෙකුට...
නිර්මලා සිටියේ බර කල්පනාවක ය. ඇය බොහෝ දවසකට පස්සේ නිලුපුලීගේ රෙදි සෝදන්නට සූදානම් වූවා ය. දන්නා දවසකවත් එසේ කළ වගක් මතක නැත. නිලුපුලී ඒවා කරගත්තේ තනිවම ය. නමුත් දැන් නිර්මලාට ඒවා සියල්ලම කර දෙන තරමේ ආදරයක් පහළ වී තිබේ. "හරි ලස්සන ගවුමක් අක්කේ" නිලුපුලීගේ ඇඳුම් තෝරන අතර එසේ පැවසූ දහසය හැවිරිදි කෙල්ලක...
"මේ නංගි අපි කිට්ටුවෙන් ආස්සරේ කරන පවුලක ළමයෙක්.එයාට ආසාවක් තිබ්බා ස්ටුඩියෝ එකකට ගිහින් බලන්න එහෙම. මං එයාව එක්කන් එන්නේ ඒකයි.නැතුව රදීෂ්ට ඕනෑ නෑ යන යන තැන මගේ ආරක්ෂාවට කවුරුත් යවන්න." අහස්‍යා එසේ කියද්දී දුලාජ් උස් හඬින් හිනැහිණ. ඔහු කැමති කුරුලු කූඩු වලට ගල් ගසන්නට ය. ඉනික්බිතිව සිදු වන දෑ හන්දා...
නිලුපුලී කාර්යාල කාමරයට ආවේ රදීෂ්ගේ කැඳවීමෙනි. අහස්‍යා නිල් අහසක් සේ සැරසී හුන්නා ය. ලා නිල් පැහැති ගවොමත් මොණර පිලක හැඩ ගත් කරාබු යුවලත් ඇයට ගෙනෙන්නේ අපූරු ලස්සනකි. මෙතැනට වැඩි දුලාජ් බව නිලුපුලීට සිතේ. ඇය ඔහු දෙස නොබලා ඉන්නට සිතුවා ය. ඇත්තටම ඔහු හොඳ මනුස්සයෙක් නොවන බව ගොසිප් වෙබ් අඩවිවලට...
දුලාජ් අහස්‍යාව දකින්නට ආවේ අමුතුවෙන්ම සැරසීගෙන ය. ඇය නිවසට එන්නට ආරාධනා කළ ද ඔහු ඒ වෙලාව හිතාමතාම මඟ හැරියේ ය. ඔහුට ඕනෑ වූයේ අතරමඟකදි ඇය මුණ ගැහෙන්නට ය. "ලිලී ෂේඩ්ස් එකට එන්න" අහස්‍යා එසේ ලියා එව්වා ය. දුලාජ්ට දැනුණේ කෝපයකි. ඔහු පසෙකින් නිදන සෙව්වන්දිට ඉඩ දී යහනෙන් නැගිට්ටේ ද ඒ කෝපයෙනි.  මහ...
"අද සර්ගේ ලස්සන බලන්නකො." කෙල්ලන් අතර කුටුකුටුවක් නැඟුණේ අහම්බයකින් වාගේ ය. නිලුපුලී හිස ඔසවා බැලී ය. වෙනදා වාගේම ය. ඉමිහිරි සුවඳකට පසු රදීෂ් ලියනාරච්චිගේ සිනාව මතු විණ. නිලුපුලී ඔහු හා හිනැහුණා ය. හදවත මත බර අඩි තබා ඇවිද යන ඔහු කෙරෙහි හටගන්නා ආදරය මින් පෙර කිසි දවසක දැනී නැති බව...
"කෙල්ලගෙ රස්සාව මොකද නිර්මලෝ." රුක්ෂානිගේ අම්මා ශාන්ති එසේ ඇසුවේ හොඳ පිළිතුරක් බලාපොරොත්තුවක් ඇතිව නොවේ. නිර්මලා පරල වී බනින්නට පටන් ගැනීම ම සහනයකි. එවිට ඇයට වත්ත පුරා ගෙන යන්නට හොඳ ඕපාදූපයක් තිබේ. "අනේ ඒකිට මේ වත්තෙන් එළියට යාගන්න ලැබෙනවනම් ඇති." නිර්මලා කියන්නේ ශාන්ති කිසිම අයුරකින් බලාපොරොත්තු වූ පිලිතුර නොවේ. ශාන්ති පුදුමයට පත් වූවා...