මම වෙනම මලක් -13

නිලුපුලී කාර්යාල කාමරයට ආවේ රදීෂ්ගේ කැඳවීමෙනි. අහස්‍යා නිල් අහසක් සේ සැරසී හුන්නා ය. ලා නිල් පැහැති ගවොමත් මොණර පිලක හැඩ ගත් කරාබු යුවලත් ඇයට ගෙනෙන්නේ අපූරු ලස්සනකි. මෙතැනට වැඩි දුලාජ් බව නිලුපුලීට සිතේ. ඇය ඔහු දෙස නොබලා ඉන්නට සිතුවා ය. ඇත්තටම ඔහු හොඳ මනුස්සයෙක් නොවන බව ගොසිප් වෙබ් අඩවිවලට පින් සිදු වන්නට නිලුපුලී අසා තිබේ.

“රාජකාරී වැඩකට නම් නෙවෙයි. අපිට නිලුපුලීගෙන් උදව්වක් ඉල්ලන්න හිතුණා.”

දුලාජ්ට තේ බොන්නට යන්නැයි දැන්වූ පසු රදීෂ් පැවසී ය. ඔහුගේ කටහඬ එපමණකට කාරුණික ඇයිදැයි නිලුපුලී සිතුවා ය. අනිත් කෙල්ලන් ඔහුට ආකර්ෂණය වූවාට කම් නැත. නිලුපුලී ඔහුට ආදරය කරන්නී ය. ඒ අහස්‍යාගෙන් ඔහු උදුරා ගන්නට සිතෙන රාගාන්විත ප්‍රේමයක් නොවේ. ඇය ඔහුට බොහෝ සේ ආදරය කරන්නී ය.

“මට ස්ටුඩියෝ එකකට යන්න තියනවා ඩාලිං. අද ඔයාලගෙ සර්ට මට දෙන්න ටයිම් නෑලු”

අහස්‍යා එසේ කියන්නේ රදීෂ් දෙස බලාගෙන තොල පෙරලාගෙන ය. නිලුපුලීට ද ඒ කතාවට සිනා නැඟුණා ය. මේ සුන්දර පවුල කැඩී යන තුරු බලා සිටිනා කාර්යාලීය කෙල්ලන් ගැන ඇයට තරහක් ද ඉපදිණ.

“මට වැඩ වගයකනම්..”

රදීෂ් අතක් එසවූයේ ය. සියල්ල බලා ගන්නට හැකි බව ඔහු පැවසුවේ ඉන් පසුව ය.නමුත් අහස්‍යා එය වඩාත් හොඳ ආකාරයකින් කියවා ගත්තා ය.

“මේ දරුවා යන්න අකමැතිනම් එක්ක යන එක හොඳ නෑනේ. අපි එයාගේ කැමැත්ත ඇහුවද?”

නිලුපුලී එයට කලබල වූවා ය.ඇයට එහෙම අකමැත්තක් නොවේ. ඇත්තටම ඇය සිටියේ ඒ ගමන යන්නට කැමැත්තෙනි. ඇය මුහුණ අඳුරු කරගෙන අහස්‍යා දෙස බැලුවේ ඒ හන්දා ය.කාර්යාලයේ කෙල්ලන්ව නැවත ඉරිසියාවට ඇද දමමින් අහස්‍යා මෝටර් රථයට නැග ගත්තේ නිලුපුලීගේ අතක් ද අල්ලා ගෙන ය.ඇය දුලාජ්ට ගිටාරය සමඟ පිටුපස අසුනේ ඉන්නට ඉඩ හැර නිලුපුලී ඉදිරි අසුනට ගත්තා ය.

“ඔයාලා බබාලා එහෙම හදන්න අදහසක් නැද්ද?”

දුලාජ් අසන්නේ අමුතු ප්‍රශ්නයකි. එවැනි කතා ප්‍රසිද්ධියේ අහනවාදැයි සිතා නිලුපුලීට නම් ඇති වූයේ තරහකි.නමුත් අහස්‍යා නම් නැළවිල්ලේ හිනැහුණා ය.

“මේ දරුවා නම් ඉස්කෝලේ ගිහින් ඉවර වුණා විතරයි.මගෙන් ඔයා එහෙම ඇහුවේ ඇයි කියලා දැන ගන්න පුලුවන්ද?”

රදීෂ් අහස්‍යාව ඕනෑවට වඩා ප්‍රවේසම් කිරීම තමන්ට ඉතා විහිළුවක් ලෙස දැනෙන බව දුලාජ් කිසිම බයක් සැකක් නැතුව කියන්නට පටන් ගත්තේ ය. සැබෑවටම එය එසේදැයි නිලුපුලී සිතා බැලී ය.

“දැන් මේ පොඩි ළමයෙක්ව පටලල එව්වෙ ඇයි?එයාට ඔයාව සැකයි.”

එහෙම දෙයක් නැත. නිලුපුලීව ළං කර ගැනීම ඔවුන් කැමැත්තෙන් කරන්නකි.එසේ නොමැතිව ඔවුන් ඇය මුර බටයෙකුට යොදා ගත්තා නොවේ. එය නිලුපුලීට පැහැදිලි කළ යුතු නොවේ.

“ඔයා හිතනව වගේ මට හොඳ සමාජ තත්වයක් තියන,සමාජේ පිළි ගත්ත රස්සාවක් කරන මිනිහෙක් වීම විතරක් ආදරේ කරන්න සාදකේ නෙවෙයි.මට ඕන ආදරේ දන්න මිනිහෙක්.මං ආදරේ ළඟදි පිස්සු වැටෙනව.එයා කියන්නේ පිස්සු වැටෙන තරම් ආදරයක් දෙන කොල්ලෙක්.  එයාගේ ඔය සමහර දේවල් එක්ක ආදරේ මැනල බලන්න මට ඕන නෑ..”

දුලාජ් එන්නේ මොන කතාන්දරයකටදැයි දන්නා අහස්‍යා කිසිම බියකින් තොරව එහෙම කිව්වා ය.නිලුපුලීට තිබුණේ එක් බයකි. ඇය දන්නා තරම් පවුල් කැඩී යයි.මේ පවුලට එහෙම වෙනවා දකින්නට ඇය අකමැති ය.

“ඕෂෝ කියන්නේ සුන්දර මනුස්සයෙක්. දුලාජ් වගේ උන් තමන්ගෙ ජරා ඇජෙන්ඩා වලට ඒ මනුස්සය යොදෝන එක තමයි කැත.මොනවයින් හරි මත් වෙලා සිගරට් එකකුත් කටේ ගහගෙන ඕෂෝ ගැන මොනමොනව හරි කියල කසාද බැන්ද ගෑනු අන්දන එකද උන්ගෙ අමුතු විදියට හිතන ප්‍රේමෙ කියන්නෙ? ඒක ආදරේ නෙවෙයි.ඒකට කියන්නෙ වෙන වචනයක්.

දුලාජ් ගීතයක් කිරීමට ආරාධනා කළ පසු ඔහුගේ ජීවන දර්ශනය ගැන කියමින් නෑනන්ඩිය එසේ පැවසූ අයුරු අහස්‍යා සිහි කලා ය. ඇය එක් දෙයක් දනියි. දුලාජ් කියන්නේ අතේ දුරින් නොව කිලෝමීටර් ගණනාවක් දුරින් තැබිය යුතු මිනිසෙකි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles