ඇමසන් වනයේ අතරමං වූ දරුවන් බේරා ගත් මෙහෙයුම

කොලොම්බියාවේ ඇමසන් වනාන්තරය තුළ දරුවන් හතර දෙනෙකු නිරුපද්‍රිතව දින 40ක් සිටි පුවතක් පසු ගිය දා වාර්තා විය. දින 40ක් පුරාවට කැලෑවේ සිටි කුඩා පැටවුන් සිව්දෙනා පණපිටින් සොයා ගැනීමට එරට හමුදා නිලධාරීන් සමත් වූ දා සිට “ආශ්චර්යය” යන තමන් විශ්වාස කරන්නට ගත් බව ඔවුහු පැවසූහ.

තම මවත් සමග ගුවන් ගමනකට ඔවුන් ගුවන් ගත වෙන්නේ මැයි පළවෙනිදායි. එම ගුවන් යානය අනතුරට පත් වීම සමග ඔවුන්ගේ මව සහ වැඩිහිටියෝ දෙදෙනා එතැන ම මිය ගියහ. ඉන්පසු කුඩා ළමුන් සිව් දෙනා ඔවුන් ව හමුදාවෙන් සොයා ගන්නා තුරු ම කැලයේ සිට තිබේ.

47 හැවිරිදි උයිටෝටෝ ගෝත්‍රයේ උපන් ඔවුන්ගේ ආච්චි ෆිඩෙන්සියෝ වැලෙන්සියා වාර්තාකරුවන්ට පැවසුවේ මම මගේ මුණුබුරන් දුටුවා විතරයි මගේ හිතට ආවේ ඔවුන් ජීවත් වෙනවා,ඉතා ම වෙහෙසට පත්ව සිටියද ඔවුන් හොඳ සෞඛ්‍ය මට්ටමක සිටින බවයි.

කොලොම්බියාවේ අගනුවර හමුදා රෝහල ඉදිරිපිටදී ඔවුන්ගේ සීයා පැවසුවේ “ඔවුන් පවුල දැකීමට සතුටු වූ බවත් ඔවුන් වනන්තරයේ දරුවන් වන අතර ඔවුන් වනාන්තරයේ ජීවත් වන්නේ කෙසේදැයි දන්නා බවත් ය.

ඔවුන් දිවි ගලවා ගත්තේ ගුවන් යානයේ තිබූ චිප්ස් සහ පිටි ආහාරයට ගැනීමෙන් බවත්, ඒවා අවසන් වන විට බීජ සහ ගෙඩිවර්ග අනුභව කොට තිබේ.

Amazon හි Guaviare වනාන්තරයේ දින 40ක් ඉබාගාතේ ගිය ලෙස්ලි (13), Soleini (9), Tien Noriel (4) සහ Christine (1) දිවි ගලවා ගත් අය විසින් ජීවතුන් අතර සිටින බව සොයා ගන්නා ලදී.

තම මව සහ තවත් වැඩිහිටියන් දෙදෙනකුට මරු කැඳවූ සෙස්නා 206 අනතුරෙන් ගලවා ගත් උයිටෝටෝ ගෝත්‍රික සාමාජිකයන් වන මෙම ළමයින්, අනතුර සිදුවූ ස්ථානයේ සිට කිලෝමීටර් 5 ක් දුරින් සොයා ගන්නා ලදී.

වැඩිමහල් සොහොයුරිය වන ලෙස්ලිගේ සටන්කාමී ස්වභාවය නිසා ඔවුන්ට ජීවත් වීමට හැකි වූ බව ඔවුන්ගේ ආච්චි විශ්වාස කරයි. “

සාමාන්‍යයෙන් එයාගේ අම්මා වැඩ කරනකොට එයාගේ සහෝදර සහෝදරියන්ව බලාගත්තා. ඒ හුරුව ඇයට තිබුණා. ඇය ඔවුන්ට පිටි, මඤ්ඤොක්කා රොටි, පඳුරු වල පලතුරු ආදිය කන්න දී තිබෙනවා.

Amerindian Peoples of Colombia (Opiac) ජාතික සංවිධානයට අනුව, ඔවුන්ගේ පැවැත්මට වැදගත් සාධකයක් වූයේ ඔවුන් ස්වදේශිකයින් වීමයි. ඔවුන් පවසන්නේ සොබාදහම සමඟ ඇති මෙම විශේෂ බැඳීම නිසා දරුවන්ට දිවි ගලවා ගන්නට හැකි වූ බවයි. මෙම වනාන්තරයේ සිටින දරුණු ඝනයේ සර්පයින්, ජගුවරයින් වැනි සතුන්ගෙන් හානියක් නොවී දිවිගලවා ගන්නට හැකි වූයේ ඔවුන් සස්වභාවධර්මය සමග දිවි ගෙවීම බව ඔවුහු පවසති.

Related Articles

Don't Miss


Latest Articles