Tag: මම වෙනම මලක්

"මේ වැඩේ තව කෙනෙකුට කරන්න හොඳ වැඩක් නෙවෙයි. ඒත් මට නොකර බැරි වුණා." පටිගත කළ හඬපටය වාදනය වෙන්නට ඉඩ හැරීමෙන් පසු විකුම් පැවසුවේ පසුතැවීමක ස්වරයකිනි. රදීෂ් හුන්නේ ගල් ගැසී ය. ඔහු වේදනාවෙන් සිටින ඕනෑම මොහොතක ඔහු අසල රැඳෙන්නට කැමති අහස්‍යා රදීෂ්ගේ හිස පිරිමදිමින් සිටියා ය. "බබා, ඔන්න ඕකයි මං ඔයාට ඔය...
"ජීවිතේ මීට වඩා වෙනස් වෙන්න පුලුවන් කියලා ඔයා හිතනවද?" විකුම් ඇසුවේ සිසිල් පානය නිලුපුලීට සමීප කරවමිනි. සීත කළ චොකලට් පානයකට හිතේ ඇති වේදනා මකන්නට හැකි බව ඔහු පැවසුවේ ගැටළුව කුමක්දැයි නිලුපුලීගෙන් අසන්නටත් කලින් ය. "මට ඔයාව මුණ ගැහෙන්න ඕනෑ." නිලුපුලී ගෙන් පැමිණ තිබුණේ හදිසි පණිවිඩයකි. විකුම් උදෑසන අවදිවූයේ ද ඒ පණිවිඩයට ය....
"මමත් ලොකු අම්මගෙමද?  අම්මට මාව හදා ගන්න වුණාද? ඒකද අම්මා මට නපුරු වුණේ" නිලුපුලී එසේ අසද්දී නම් නිර්මලාගේ හදවත බිඳී යන්නට පටන් ගෙන තිබිණ. අතිශය රිදවුම් ලැබූ අවස්ථා මේ දැරිය මතක තබාගෙන තිබේ. අම්මා කෙනෙකු අතින් ඕනෑවට වඩා හදවත බිඳී යාමක් දැරියකට කිසිදා අමතක කරන්නට නොහැකි බව දැන් නිර්මලාට වැටහේ.ඇයට...
"කොතන හරි හිරවෙලා එතනම නැවතුණාම මිනිස්සුන්ට කවදාවත්ම ඉස්සරහට යන්න බෑ දුව..  අවුරුදු ගාණක් මම හිටියේ එහෙම. නැත්නම් මට කසාදයක් බැඳලා ඔයාට නංගියෙක් මල්ලියෙක් ගෙනල්ලා දෙන්න වුණත් තිබ්බා." නිර්මලා නිලුපුලී සමඟ එසේ පැවසුවේ එදා රාත්‍රියේ ය. ඕනෑනම් නිලුපුලීගේ තාත්තා කවුදැයි ඇයට කියන්නට පවා ආවේගයක් නිර්මලාට උපදී. නමුත් ඇය ඉවසීමෙන් හිඳින්නට කැමති...
"තනිකම කියන්නේ මනුස්සයෙක්ට දැනෙන්න ඕනෑම නැති දෙයක්. ඔයාගේ අම්මා අවුරුදු විසි එකක්ම ඒ තනිකම එක්ක ෆයිට් කරනවා ඇති. එතකොට එයාට ඔය විදියට තරහ යන එක හරිම සාමාන්‍ය දෙයක්." විකුම්ට රදීෂ් ගෙන් පැවරුණු රාජකාරිය වූයේ නිලුපුලීගේ පවුලේ විස්තර වැඩිදුරටත් සොයා බැලීම ය. නමුත් ඔහු ඒ සියල්ල පසෙකලා තමන්ගේ දුක ඇයට කියන්නටත්...
"ඔයාගේ කොම්පැනිය අයිති ලොකු අම්මගෙ එකම පුතාට. ඒ මහත්තයා ඔයාගෙ අයියා පුතේ.” අම්මා එසේ පැවසූ දවස නිලුපුලී සිහි කළා ය. එහෙත් කිසිවක්ම රදීෂ්ට නොපවසන්නැයි අම්මා කියා නැත. ඒ හන්දා රහස් හෙළි කිරීම ගැන නිලුපුලී ලොකුවට නොසිතන්නට සිතා ගත්‍තා ය. "මට රදීෂ් සර් දැක්ක ගමන් ආදරේ හිතුණා. ඒ ආදරේ විකුම් වෙනුවෙන් ඇති...
හේවගේ නිර්මලා! ඔහුගේ උප්පැන්නයට අනුව ඔහුගේ අම්මාගේ නම හේවගේ චාරුලතා ය. එකම වාසගම කියන්නේ සිතා බලන්නට දෙයකි. රදීෂ් මොහොතක් කල්පනාවේ නිරත විණ. ඉන් අනතුරුව ඔහු ඊළඟ පියවර ක්‍රියාත්මක කරන ආකාරය සිතා බැලී ය. මේ වතාවේ කතන්දරය ගගනට හෝ අහස්‍යාට කියන්නට උවමනා නැත. ඔහු ඒ වෙනුවට මේ දිනවල අවධානය වෙනස් කළ...
"අම්මගෙ තිබ්බ කැලෑ ගති තමයි උඹටත් තියෙන්නේ. වත්තක ගැනියෙක්ගෙ ළමයෙක් හොඳ වෙන්නේ කොහොමද?" පුංචි අම්මා දන්නා කාලයේ පටන් එසේ දෙස් තිබ්බා ය. රදීෂ් හොඳින් ඉගෙන ගනිද්දී පවා ඇයට තිබුණේ එවැනි චෝදනා ය. ඔහු මුඩුක්කුවකට අයත් කොල්ලෙකු බව ඇය කැට තබා කීවා ය. "වේල්ල වත්තට පලයං උඹ අයිති එහෙට" පෞද්ගලික විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය...
නිලුපුලීට ඔහු දුටුවනම සිනා නැඟිණ. මේ ඇය ෆේස්බුක් චැට් කරන්නට පටන් ගත් පසු ඔහු දුටු පළමු දැක්ම ය. ඒ සිනාව රදීෂ් දුටුවේ ය. ඔහු එය කියවා ගත්තේ වැරදියට ය. "මේ ගොනාගේ ගොන් හැසිරීම නිසා ඔෆිස් එකේ ඉන්න අහිංසකම ළමයත් ඌට හිනා වෙනවා." ඔහු සිතුවේ තරහිනි. ඒ තරහ නිලුපුලී වෙත නොවේ. විකුම්...
තමන්ගෙයි කියලා කවුරුත්ම නෑ කියලා හිතෙන මොහොතක පවා තමන්ට කියලා කවුරුමහරි ඉතුරු වෙනව.” ඒ කතාව උගත් තැන නිලුපුලීට අමතක ය. නමුත් එය එසේ බව පමණක් ඇය සිතුවා ය. නමුත් ඒ කතාව ගැන පාසලේ විදුහල්පතිනියගේ කියවා ගැනීම වෙනස් එකක් වූ බවත් ඇයට මතක ය. ” ඕනම කෙනෙක්ට මේ ලෝකෙ ඉන්න හොඳම කෙනා...