Tag: මම වෙනම මලක්

"කෙල්ලගෙ රස්සාව මොකද නිර්මලෝ." රුක්ෂානිගේ අම්මා ශාන්ති එසේ ඇසුවේ හොඳ පිළිතුරක් බලාපොරොත්තුවක් ඇතිව නොවේ. නිර්මලා පරල වී බනින්නට පටන් ගැනීම ම සහනයකි. එවිට ඇයට වත්ත පුරා ගෙන යන්නට හොඳ ඕපාදූපයක් තිබේ. "අනේ ඒකිට මේ වත්තෙන් එළියට යාගන්න ලැබෙනවනම් ඇති." නිර්මලා කියන්නේ ශාන්ති කිසිම අයුරකින් බලාපොරොත්තු වූ පිලිතුර නොවේ. ශාන්ති පුදුමයට පත් වූවා...
අම්මා සතු ඇදහිය නොහැකි වෙනස නිලුපුලී බලා සිටියේ පුදුමයෙනි. ඇය සියළු කැත නොසරුප් කතාන්දර සිතෙහි සිර කරගන්නට පටන් ගෙන තිබුණා ය. ඉනික්බිති ආදරණීය අම්මා කෙනෙකු මෙන් හැසිරෙන්නට පටන් ගෙන තිබුණා ය. "නිලූ…ඔපිස්සෙකට ගෙනිහිල්ලා කන්න බත් එකක් බැඳලා දෙන්න ගිහින් කන එක ලැජ්ජාවක්ද" ඇය එසේ අසා අනතුරුව ඌණපූර්ණයක් එක් කරන්නට ද වූවා...
"මට දුලාජ් සින්දුවක් කරන්න කතා කරලා." අහස්‍යා එහෙම කියන්නේ කෑම මේසයේ දී ය. රදීෂ් තවත් බත් කටක් අනා ඇයට කැව්වේ කිසිම වගක් නැතිව ය. ආහාර පාලනය කිරීමේ රටා සහ කාලයකින් බත් නොකෑ කතන්දර කියන ජනප්‍රිය ගැහැනුන් මැද ඇගේ ජීවන රටාව රදීෂ්ට සිනා උපදවයි. "ඇයි දැන් ඔයා ඒකට හිනා වෙන්නේ?" අහස්‍යා අහන්නේ තරහිනි....
"යස විගඩමක්නෙ. එහෙම අපේ වත්තට පැනලා අපේ කොල්ලන්ට ගහන්න පුලුවන්ද?" නිලුපුලී කෑගැසුවේ අමුතුම ආවේගයකිනි. ඇය කෑගසන්නට හේතු වූයේ ඇයිදැයි ඇයටම පැහැදිලි නැත. නමුත් ඇයට  ආවේගාත්මක වෙන්නට සිතිණ. ඒ ඇස් දකිද්දී පැටලෙන්නට හිතෙන්නේ ඇයිදැයි නොදන්නා නමුට් ඇයට දැනටමත් එසේ සිතී තිබේ. "මූ කරලා තියන වැරැද්ද දන්නවද? කොල්ලාද ඇසුවේ කිසිම ගණනකට නොගෙන ය. නමුත්...
"මේ රස්සාව හොඳයි වගේ අම්මේ." නිලුපුලී එසේ පැවසුවේ අම්මා ගෙන ආ බත් සහ ව්‍යාංජන බෙදා ගන්නා අතර ය. නිර්මලා කැත සිනාවක් පෑවා ය. ඇයට මේ රස්සාව ගැන විශ්වාසයක් නැත. නරක තාත්තා කෙනෙකුගේ දුව හොඳ එකියක වන්නට බැරි බව පමණක් ඇය දනියි. "පොත්ත රත තියනතාක් ඔය රස්සාව හොඳ වෙයි තමා." නිර්මලා ඔලොක්කු කටහඬකින්...
"අඩේ උඹ මාර ලස්සන වෙලානෙ මේ දවසට දෙකට" නිලුපුලීගේ සිහිනමය අහුර බිඳ වැටුණේ රුක්ෂානිගේ හඬට ය. ඇය අසීරු සිනාවක් නගා ගන්නට තැත් කළා ය. රුක්ෂානි හොඳම යාළුවා වූ දවස් තිබූ වග ඇත්තකි. එහෙත් අවංක හදවත ඇයට විවෘත කිරීම කිසිම අයුරකින් කළ නොහැක්කකි. "නිලුවා වැඩට ගිහින් එතන ලොක්කගෙ හොර ගෑනිත් වෙලා. " එහෙම...
"මිනිස්සු ආදරේටම වහල් වෙලා තීරණ ගන්න හොඳ නෑ. අපේ නංගි කළේ ඒක. ආදරේටම වහල් වුණා.එයාගේ ලෝකේ රදීෂ් වටේ කැරකෙන්නෙ ඒකයි." ගගන කියන්නේ නොකැමැත්තෙන් ය. උමාලිට තිබුණේ එයට එරෙහි කතාවකි. බොහෝ අයට බොහෝ දේ තිබේ. නමුත් ආදරය සොයා ගන්නට අපහසු ය. ඒ හන්දා එය ඕනෑවටත් වඩා හිමි වූ අහස්‍යා ඒ ආදරයට...
නිවසේ දොර සීනුව නාද වෙද්දී උමාලි හැරී බැලුවා ය. කොහොමටත් නිවසේ දොරකඩින් මතු වන්නේ තමන්ගේ අය ය. එහෙම නැති අයට ගෙතුළට එන්නට මැණිකාගෙන් අවසර ගැනීම අසීරු ය. "අහස්.. එනවා කියලා මැසේජ් එකක්වත් නෑ." ඇය අහස්‍යාගේ අත අල්ලාගෙන ඇයව තෙන්නකෝන් මැදුර තුළට ගත්තේ ආදරයෙනි. උමාලිට මේ ලෝකයේ සිටින හොඳම මිතුරිය අහස්‍යා ය....
"මං දිහා බලන්නකෝ අනේ." අහස්‍යා චුරුචුරුව පටන් ගත්තේ රදීෂ් ඇයට කිසිම අවධානයක් නොදෙන බව වැටහෙද්දී ය. ඇය එහෙම ය. කුඩා දියණියක තාත්තෙකුගේ අවධානය ඉල්ලා සිටින්නාක් මෙන් ‍රදීෂ්ගේ අවධානය පැය විසි හතරම බලාපොරොත්තු වීම ඇගේ එකම සතුට ය.  "මැණික, මං වැඩක්. නුවරඑළියේ සප්ලයර් කෙනෙක් විකාරයක් කරලා." රදීෂ් පවසන්නේ කරුණාවන්ත හඬකිනි. හඬෙහි උස්පහත් වීමක්...
යුවතියන්ගේ සිහින් කිච්බිචිය කුමක් අරඹයා දැයි නිලුපුලීට වැටහීමක් නැත.නැතුවාම නොවේ. ඒ ඇයට වග ඇය දනියි. නමුත් මෙවර ඒ කුමන හේතුවකටදැයි ඇයට සැක ය. ඈ නෙත් කොනින් වටපිට බැලුවා ය. අඩුම තරමේ මේ වතාවේ කුමන කාරණාවකටදැයි දැන ගන්නට තිබුණානම් අපූරු ය. නමුත් ඇයට ඕවා කියන්නට කෙනෙක් නැත. ඇලකන්ද වත්තේ කෙල්ලක් ලිලී...