මම වෙන ම මලක් -08

“මට දුලාජ් සින්දුවක් කරන්න කතා කරලා.”

අහස්‍යා එහෙම කියන්නේ කෑම මේසයේ දී ය. රදීෂ් තවත් බත් කටක් අනා ඇයට කැව්වේ කිසිම වගක් නැතිව ය. ආහාර පාලනය කිරීමේ රටා සහ කාලයකින් බත් නොකෑ කතන්දර කියන ජනප්‍රිය ගැහැනුන් මැද ඇගේ ජීවන රටාව රදීෂ්ට සිනා උපදවයි.

“ඇයි දැන් ඔයා ඒකට හිනා වෙන්නේ?”

අහස්‍යා අහන්නේ තරහිනි. සාමාන්‍යයෙන් දුලාජ්ට ළං වෙන සෙසු ගැහැනුන් සැමියාගේ දැඩි රෝෂයට ලක් වේ. එහෙත් මෙතැන වෙන්නේ වෙනත් දෙයකි. රදීෂ් ඇයට හෝ දුලාජ්ට හිනැහෙමින් සිටියි 

“මට ඇත්තටම නොතේරෙන දෙයක් තියනවා.”

රදීෂ් එහෙම කියමින් හිනැහුණේ සැහැල්ලුවෙනි. ඔහු කියන්නේ කුමක්දැයි දැන ගන්නට අහස්‍යා මුව අයා බලා සිටියා ය.

“මං හිතන් හිටියේ මැණික, දුලාජ්ගෙ දැල එලන්නේ සෙක්සි කෙල්ලන්ට කියලා. ඒත් දැන් තමයි මට තේරෙන්නෙ ඌ බබාලා වගේ කෙල්ලන්ටත් කැමති කියලා.”

අහස්‍යා මුහුණ එල්ලාගෙන කෑම මේසයෙන් නැගිට්ටා ය. ඇය ඒ විහිළුවට අකමැති ද නැත. රදීෂ් ඇයට බබෙකු මෙන් සැලකීම ඇය ජීවිතයේ ලබන ලොකුම සතුට ය. ඇයට ඕනෑ ඔහු ළඟ දැවටෙන්නට ය. බොරුවට හුරතල් වෙන්නට ය. ඒ ඇය ජීවිතයේ ලබන ලොකුම සහ එකම සතුට ය.

“ඔයා දුලාජ් එක්ක සෝන්ග් එකක් කරන්න. දුලාජ් මොන තරම් සෙක්සි ද එයාට මොනතරම් කතා හැදිලද කියලා කියන එක නෙවෙයිනෙ වැදගත්. මිනිහා කෙල්ලො අතර පුදුම ෆේමස් මනුස්සයෙක්. මං හිටියා කියලා නෑනේ. ඔයා කොල්ලන්ගේ “දෝණි” ඔය සින්දුව කොහොමටත් ජනප්‍රිය කරගන්න පුලුවන්.”

අහස්‍යාට එහෙම ජනප්‍රිය වෙන්නට ඕනෑ නැත.ඇය අයියාගේ වචන සිහි කළා ය. ඔහු කියන්නේ නම් රදීෂ්ට ඕනෑ ඇගේ යූ ටියුබ් සල්ලි බව ය. එහි ඇත්තක් ඇතිදැයි ඇය නැවත නැවතත් සිතන්නට ගත්තා ය.නමුත් දිගු සිතුවිලිවලට ඇය අකමැති ය. ඉන් සිදු වන්නේ ඇගේ සිතට රදීෂ් ගැන සැක සංකා රිංගා ගැනීම ය. එසේ වෙනවාට ඇය කැමතිම නැත. ඇයට ඕනෑ අන්ධයෙකු පරිද්දෙන් ඔහු සරණ යන්නට ය. ඔහුට ආදරය කරචිත්‍රන්නට ය.

“ඔයාගේ වොයිස් එක මාර ලස්සනයි මල්ලි.හරියට භාවනාවක් වගේ..”

දුලාජ් දන්දෙනියට යැවූ  පළමු මැසේන්ජර් පණිවිඩය ඇයට තවමත් මතක ය.ඈ පණිවිඩය ආවේ කොල්ලන්ගේ සිහින කුමරියක වූ අහස්‍යාගෙන්දැයි එදා දුලාජ් වතාවක් පරීක්ෂා කළේ ය. ඇය ඔහුගේ තෝරා ගැනීම් වලට අසුවන නිර්ණායක වල නොසිටිය ද ඒ පණිවිඩය ඔහුට මහත් ප්‍රීතියක් ගෙන ආවේ ය.

“බොහොම ස්තූතියි”

දුලාජ් එපමණක් ලියා යැවූයේ ඈ ඈත අහසක රැදුණු තරුවක් බව දැන සිටි නිසාම ය.නමුත් අහස්‍යා ඔහු ගයන සමහර ගී ගැන ඔහු හා සංවාද කරන්නට ගත්තා ය.

“ඒකිටත් ජීවිතේ බෝරිං වෙලා ඇති. ඒකනෙ උඹ එක්ක චැට් කරන්නේ. අනික හෙනහුරු කාලෙට බටකොළ කන්න වෙනවා කියන්නේ උඹලගෙ සිංහල මිනිස්සුමනෙ. මං හිතන්නේ ඒකිටත් ඒක තමයි වෙන්න යන්නේ.”

ගනේෂන් නම් කියන්නේ කිසිම හැඟීමකින් තොරව ය. අහස්‍යා මේ කතා කරන්නේ තමන් සමඟ බැඳෙන්නට නොවන බව දුලාජ් හොඳින් දැන සිටියේ ය. ඒ හන්දා ඔහු ගනේෂන්ගේ කතා ගැන එදවස ලොකුවට සිතන්නට නොගියේ ය.

නමුත් ඔහුට ද දැන් ඇය ගැන නානාප්‍රකාර දේ සිහියට පැමිණේ. ඔහු සිතන්නේ ගීතයක් කර පාඩුවේ ඉන්නටම නොවේ.ලිලී ෂේඩ්හි අයිතිකාරයා වන්නට ය. රදීෂ්ගේම ආයතනයෙන් මිලට ගන්නා රතු රෝස මල් පොකුරක් අහස්‍යාට දී ඇයට ආදරේ වග කියන කැත සිහිනයක ඔහු එල්බ ගත්තේ ය.

ඔයා අර බොරුවට කියුට් වෙන්න හදන නාඩගමට ඩුවට් එකක් කරන්න කතා කරන්න යන්නෙ..”

කොහෙන්දෝ ලද ආරංචිය පවසන්නට සෙව්වන්දි වහා දුලාජ්ව ඇමතුවා ය.සතුටු වීම හෝ තරහ ගැනීම වෙනුවට දුරකථනයෙන් ඇසුණේ ඇයට ඇසුණේ උස් සිනා හඬකි. දුලාජ් දැන් ඇයව රුපියලකට තබා සතයකටවත් මායිම් නොකරන්නී ය.

“විහිළු නෙවෙයි මෝඩයෝ..ඇත්තටම.ඔයා ගැන කොච්චර අය පැහැදිලාද ඉන්නේ? ලස්සන හඬක් තියන ලස්සන කොල්ලෙක් කියලා..ඔය මල සමයමට වඩා ඔයාට ඇයි බැරි අභිෂේකාට,ශශිකාට, රයිනිට කතා කරන්න”

සෙව්වන්දි වඩා සුරතල් හඬකින් පවසන විට පවා සිනාව ගලා එන්නේ ඇයට සරදම් කරන සෙයියාවකිනි. ඇය මේ එන්නේ මොකටදැයි ඔහු හොඳින්ම දනියි.

“අනේ අනේ බබී..”

ඔහු සිනාව අතර පවසයි. ඔහුට ඕනෑ ඇය කේන්ති ගන්නා තුරු ඇයට හිනැහෙන්නට ය.කොහොමටත් සෙව්වන්දි ඕනෑවට වඩා කරදරයක් වී අවසන් බව දැන් ඔහු නිරන්තරයෙන්ම සිතයි.ඔහුට ඕනෑ කරදරය ඉවරයක් කර ගන්නට ය.

“ඇයි අනේ…”

සුප්‍රකට ගීත රචකයෙකු අතින් ලියැවුණු ගීයකට දක්ෂ තරුණ තනු නිර්මාණ කරුවෙක්‍ය් අතින් යෙදූ තනු නිර්මාණයක් සහිතව ඒ ගීතය සැකසෙමින් පවතී. එයට මෙතරම් සරදම් කරමින් හිනැහෙන්නට දුලාජ් හිඳින්නේ මත් වීදැයි සෙව්වන්දි සිතුවා ය. රාත්‍රිය මත් බවින් පිරී ගියානම් ඔහු තවම ඒ සිහියෙන් සිටිනවා විය හැකි ය. නැතිනම් ඇය සිතන ආකාරයටම අහස්‍යා ඒ ආරංචිය ප්‍රතික්ෂේප කර ඇතිවා වන්නටත් පුලුවන. එහෙම වනවානම් එය යස බව ඇයට සිතේ. අභිෂේකා හෝ ශෂිකා අලුත් කොලුවෙකුට උදව්වක් දෙන තරමේ ලොකු හදවත් ඇත්තියන් වුවත් අහස්‍යා තරමක ආඩම්බරකාරියක බව ඇය නොදන්නවාද නොවේ.

“ ජනප්‍රිය කමක් හදා ගන්න බැරි වුණු ඔයාගේ නංගිව මං ලව්වා ජනප්‍රිය කරවන්න පැටියෝ ඔයා කොච්චර ට්‍රයි කරාද? ඒක පැත්තකින් දාලා ශෂිකාට මාත් එක්ක ඩුවට් කරන්න කතා කරන ඔයාගේ හිත මාර ලොකු වෙන්නෙපැයි.”

සෙව්වන්දිට ඒ කතාවට රිදුණා ය.සමාජ මාධ්‍ය තුළ නම් දුලාජ් බොහෝ ජනප්‍රිය කොල්ලෙකි.නමුත් මේ කාලයේ ගායිකාව ලෙස අහස්‍යා ලියනාරච්චි හඳුන්වන්නට බැරිකමක් නැත. ඇය එපමණකට දක්ෂ කෙල්ලකි.

“අහස්‍යාට ඇයි ඉතින් හොඳ ජනප්‍රිය ගායකයෙක් එක්ක සින්දුවක් කරන්න බැරි ඇයි කියලා ඔයා හිතුවද බබා? එතකොට ඒක ඒ මනුස්සයගෙ සින්දුව මිසක් එයාගේ වෙන් නෑනෙ.එයා මේ හදන්නෙ නිකං යූ ටියුබ් කවර්ස් කරන කොල්ලෙකුට අත දුන්නු සුරංගනාවි වෙන්න නේද?”

සෙව්වන්දිගේ කතා ඔහුට වැඩකටම නැත.ඔහුට කොහොමටත් ඕනෑ අහස්‍යාව සුරංගනාවියක් ලෙස දකින්නට ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles