මල්වර මල් සර

දුල්නෙත් ගේ රතු වූ දෑසත්, අවුල් වූ හිස කේත්, මැලවී ගිය මුහුණත් දුටු අයානා ගේ හෘත් පේශි වල වෙනස් විදිහේ සංකෝචනයක් සිදු විය. දින දෙක තුනකින් ඔහු රැවුල කපා නැති බව, කටු තුඩු වන් ව වැවෙනා රැවුල් කොට නිහඬ ව මුමුණා කියමින් තිබිණ. ඒ ඉරියව් වල ශෝකී විලාශය දෙස...
මංජරී සිනහ වෙමින් කතා කරමින් තමන් අභියසට පැමිණෙමින් හිඳින්නේ කවුරුන් සමගද කියා දුල්නෙත් ට හැඳිනිය හැකි වූයේ නැත. නමුත් මංජරී ඒ පුද්ගලයා කෙරේ විද්‍යමාන කළ රසායනය තුළ ඔවුන් ඉතා හොඳින් උනුන් හඳුනන බවක් ප්‍රකට විය. දුල්නෙත් ගේ ඇස් බැමි මඳක් හැකිළී නළල රැලි නැංවුණේ මංජරී ප්‍රකට කළ හුරතලය, ජීවිතයට...
දුල්නෙත් ගේ රුව දකින්නට නැතිව දෙදිනක් ම ගෙවෙත්දී ඔහු යළි නිර්වාණයෙහි දැකිය නො හැකි වනු ඇති බවට අයානා නිගමනයකට ආවා ය. ඒ සිතිවිල්ල ඇය තුළ ඇති කළා වූ ශෝක රසය කහ අරලිය සුවඳ වාගේ එකකි. ඇය ඒ ශෝකය සඟවා ගනු වස් වැඩියෙන් සිනහ වී සිටියා ය. "දැං ඔයා හිනා වෙලා...
අළුයම පිබිදෙන විට මහා සැනසිලි සුවයක් දුල්නෙත් ට දැනෙමින් තිබිණ. එය හරියට අනෝරා වැස්සක් සමග ආ සුළි සුළඟකට පසු පරිසරයේ දැකිය හැකි නිහඬ නිස්කාංසුව වාගේ දෙයකි. කැඩී බිඳී සිඳී වැනසී සේදී යා යුතු සියල්ල එසේ ම සිදු වූවාට පස්සේ ඇති පවිත්‍ර බව එහි විය. සුන් බුන් නිසා සිදු වී...
තිරුවාන කැට අතුළ ඒ කුඩා මිදුල අඩි දෙක තුනකින් තරණය කරමින් දුල්නෙත් නිර්වාණ ද්වාරය වෙත පිවිසියේ ය. ඔහු ගේ ඇස් වල වූයේ උමතු ශෝකයකි. හිස කේ අවුල් වී තිබිණ. හැන්දෑ වරුවේ ක්‍රිකට් ගැසීම නිසා හැඳ උන් ටී කමිසය දහදියෙන් තෙත් ව තිබිණ. ඔහු ඇවිද්දේ අඩියක් ඔසවා අඩියක් තබා ගත...
මීදුම් දුමාරය ගලා හැලෙමින් තිබිණ. තේ එකක් බොමින් නවාතැනේ සඳැල්ලට වී නුදුරින් පෙනෙන මනාලියක බඳු කුඩා දිය ඇල්ලේ මනහර දර්ශනය තුළ ගිලී උන් අයානා ජයසුන්දර ගේ රතදර මත්තට මන්දහාස රැල්ලක් වැඩියේ ය. ඒ මීදුමක් වාගේ ඇය ආදරේ ම දෙයක් නො විණි නම් දිය ඇල්ලේ දසුන වසා දැමීම ගැන අයානා නො...
ඒ හිරු රැස් දැඩි වී ගෙන එන වෙලාව ය. නමුත් පෙර දා රාත්‍රියේ වට වැස්ස නිසා සෞම්‍ය බවක් වායු ගෝලයේ වූයේ ය. අහසේ ගැඹුරු අහස් නිලක් වූ අතර, වලාකුළු සුදු පාටින් පේළි සැදී නතර වී සිටියේ ආකාස රැස්වීමකට අර අඳිමින් මෙනි. විශ්ව විද්‍යාලයේ නිවාඩු දී ඇති නිසා සාපේක්ෂව සෝරත...
මංජරී අකමැති ම විශ්ව විද්‍යාලයේ නිවාඩු ලැබෙනවාට ය. නිවාඩු දුන් විට ගෙදර යන්නට සිදු වේ. නැත්නම් ඇය නැවතී ඉන්නා ඥාති නිවසේ අය ඒ ගැන ප්‍රශ්න කරති. ඒ ප්‍රශ්න වලට උත්තර දෙන්නට ද ඇය ගෙදර යනවා තරමට ම අකමැති ය. විශ්ව විද්‍යාලයේ වැඩක් තිබෙනවා යයි කියමින් දවසක් දෙකක් බොරුවට කල්...
අකුණු පුපුරා අක් වැසි වැටෙන්නට ගති. සුළං අතට ආනත වී ආ වැස්ස වීදුරු දොරෙහි හැපුණේ හඬක් නංවමිනි. ඒ වැහි බින්දු ඇද වූ රේඛා වන් ව පහළට ගලා යන හැටි අයානා දුටුවා ය. ඇයට අඟල් දෙක තුනක පිටුපසින් උණුහුම් පිරිමි හුස්මක සුවඳ වූයේ ය.  අයානා ගේ උගුර ගොළු ගැසී තිබිණ. නමුත්...
හිත ඇතුළේ නො සන්සුන් කමක් නළියනවා අයානා ට දැනිණ. ඒ විදිහට හිතිවිලි තරංග වල රිද්මය වෙනස් වෙනවාට ඇය තරමක් බිය ය. එහෙම වෙලාවට කුමක් හෝ දෙයක නිරත වී චිත්ත තරංග සන්සුන් කර ගන්නට ඇය පෙළඹේ.  නිර්වාණ ද්වාරයේ සෙනග වැඩිපුර ගැවසෙන වෙලාවට නම් හිතිවිලි මෙල්ල කිරීම හරි පහසු බව ඇය අත්දැකීමෙන්...