අරුමැති ආදරයක්

පියසීලිගේ ගතින් දහඩිය වැගිරෙමින් තිබිණ. ඕ ඉනට දෙඅත් තබාගෙන හති ඇරියේ කාන්තිව නිවසෙහි වූ එකම කාමරයට තල්ලු කර දැමුවාට පසුවය. ඉවක් බවක් නැතුව පාර දිගේ දිව යන ගැහැණිය මෙල්ල කර ගැනීම ලෙහෙසි පහසු එකක් නොවේ. හොඳ වෙලාවට චින්තන කාන්තිව දැක ඇත්තේ අහම්බෙන්ය.  “ මං අර පන්සලේ ටෙන්ට් එක ගේන්න කියලා ගියේ...
අපූර්වා යුවනි අබේසිහංගේ සැම්සුන්ග් වර්ගයේ ජංගම දුරකථනය නාද වූයේ ඇය ත්‍රී රෝද රථ නැවතුම්පොළෙහි සිටියදීය. කියවමින් උන් දිනපතා පත්තරය පසෙක තැබූ ඈ ජංගම දුරකථනය අතට ගත්තාය. ඇමතුමෙහි නම සඳහන් වූයේ ‘ගරාජ් අයියා…’ යනුවෙන්ය. ඕ  දෙවරක් නොසිතාම දුරකථනය කන තබා ගත්තාය. “ නංගී අලුත් ගමට හයර් එකක් තියෙනවා. මේ මං දන්න මහත්තයෙක්....