දෙහිතක කතාවක්

“මේ මොකද්ද?”  ප්‍රභාත් විසින් පෙන්නන්නට යෙදුනේ මෙයට වසර ගණනකට එහායින් තමා කල වරදක ප්‍රතිපලය. ඒ වරදින් එවන් ප්‍රතිපලයක් ඉතිරි වී ඇතිදැයි කියාවත් තමා නොදැන හුන් බව දැන උන්නේ කැළුමිණී පමනකි. මෙතෙක් වේලා අතේ එල්ලී තිබුන අත් බෑගය බිම වැටුනේත්, ප්‍රභාත්ගේ අතින් දුරකතනය අතට ගෙන එහෙමම කැළුමිණී සෙටිය මත ඉන්දවුණේත් අනිච්චානුගවය. නිම්න පිළිබඳ...
ඊයේ පාටිය නිසාවෙන් උදැසන කෑම සැකසිය යුතු නැති බව ප්‍රභාත් පැවසුවේ රැයෙමය. එවන් දිනයක සුපුරුදු සම්ප්‍රදායික සැමියෙකු නොවී සැලකීමම කැළුමිණී ට අනුව ප්‍රබාත් හා ආදරයෙන් බැඳෙන්නට හේතුවකි. වෙනදාට වඩා පමා වී ඇහැරුණද රැකියාවට යාමට ප්‍රභාත් සූදානම් වෙද්දී ඔහුට තේක සකසා ගෙනවිත් දුන්නාය. "පරක්කු නොවී ගෙදර එන්න. මම අද ස්පෙශල්හදන්නම් ඩිනර් එක....
“නිමේශ්ගේ පාටි එක හෙට නේද?” කැළුමිණී උන්නේ අල්මාරිය ඇරගෙන ඒ උත්සවයට යන්නට සුදුසු ඇඳුමක් තෝරමිනි. එයද තමන් වෙනුවෙන් නොවේ ප්‍රභාත් වෙනුවෙනි. තමන් විසින් හැඳගෙන යන්නට බලා හිඳින ලා කොල පැහැ මැක්සි ගවුම මිල දී ගත්තේ Shein වෙතිනි.  ඒ ඇඳුම ආසාවට මිල දී ගත්තට අඳින්නට තැනක් නැති නිසාවෙන් මෙතෙක් දිනක් අල්මාරිය අස්සේ...