දෙහිතක කතාවක්

දික්කසාදය ලැබුනේ සිතුවට වඩා ඉක්මනිනි. ඒ දික්කසාද සමගින් මෙතෙක් ජීවිතය පුරා රැඳී තිබුන බරක් හෑල්ලු වූ බවක් කැලුමිනීට දැනුනි. දික්කසාදයක් වනාහී ගැහැණියකට වේදනාවක් සහ අනාරක්ෂිත බවක් ගෙන එන්නට හේතුවක් වුවද තමා විශයෙහි එය අසත්‍ය බව කැලුමිනී තේරුම් ගනිමින් හුන්නේය. පබෝදාත්, අරවින්දත් උන්නේ කැලුමිනී වෙතම නැඹුරු වූ කල්පනාවෙන් සහ දෙනෙතිනි. කාර්‍යාල...
“ඔයා ඇයි කෝසල මං වගේම තව ගෑණියෙක්ට එහෙම කලේ?” අනුරාදි ආවේ කෝසලට ඇප ලබා ගන්නටය. දන්නා හඳුනන නිතිවේදීන් කොතෙක් උන්නද කැලුමිනීට උපකාර කරන්නට පැමිණ තිබුණු හස්තය තමා සිතුවාටත් වඩා බල සම්පන්න බව කෝසල තේරුම් ගත්තේ ඒ කිසිවකින් ඇප ලබා ගැනීමේ කාර්‍යය අසීරු වෙද්දීය. අනුරාදි දෙනෙත් අස්සේ කැටිකොට තිබුනේ බිඳුණු සිතක වේදනාවයි....
කෝසල ගැන ආයෙ වොරි වෙන්න එපා” අරවින්ද කැලුමිනීට කිව්වේ එදා රැයේ රාත්‍රී ආහාරයෙන් පසුව පබෝදා සූරියබණ්ඩාර මහත්මිය සමගින් පහල තට්ටුවේ කතා කරමින් ඉද්දිය. අරවින්ද නිවසින් පිටත විසල් ගෙඋයනට ආවේ කැලුමිනී සමගිනි. කොළඹ වුවත් සඳ කිරණ වැටී තිබුණ ගෙඋයන කැලුමිනී දුටුවේ මන බන්දනීය ලෙසිනි. දෙණියාය තරම් සිහිලසක් නොවුනද ගලා යන මද...
“ආයෙ මේ ගෑණු ළමයට කතා කරල කරදර කරල තිබුණොත් මේ පොලොව උඩ හුස්ම ගන්න පුලුවන් වෙයිද කියල ශුවර් එකක් තියාගන්නෙ නැතුව කතා කරපන්” කැලුමිනී උසාවියෙන් එලියට බැස පාර පැන තම වාහනය තිබෙන ඉසව්වට එන අයුරුත් කවුරුන් හෝ පිරිමියෙකු ඇයට තර්ජනය කරන අයුරුත් අරවින්ද නොදුටුවා නොවේ. ඒ පිරිමියා කවුද කියා අරවින්ද...
වාහනයේ දෙපසක අසුන් ගෙන අරවින්දත් කැලුමිනීත් උන්නේ එකිනෙකාගේ ලෝක වල තනි වීය. පබෝද නම් උන්නේ මගින් මිලට ගත් පත්තරයක් කියවමිනි. වාහනය පදවන්නට අරවින්ද වීසින් රියදුරෙකු ගෙන තිබුන නිසා නිදහසේ කල්පනා කරමින් යන්නට එය අරවින්දට පහසුවක් විය.  කැලුමිනී කිසි සේත්ම තමාගේ ආරාධනාව එක පස්‍යින් පිලිගනීවි යැයි කිසිත් බලාපොරොත්තුවක් සිත අස්සෙ තිබුනේ...
කෝසල උන්නේ පුදුමාකාර කෝපයකිනි. තමා විසින් විවාහය බිඳ දමන ලද කැලුමිනී මෙවන් තර්ජනයක් තමා වෙත කරාවි යැයි තමා සිහිනෙන්වත් නොසිතා තිබූ බව මතක් වෙද්දී කෝසලට ඇය ගැන කෝපයකුත් මෙවන් දෙයක් කරනු පිණිස ඇය සතුව තිබූ හැකියාවත් ගැන පුදුම සිතුනි. එදා ඇයට කතා කර බිය වැද්දු දවසේ ඇය තමා කියූ දෙයට...
“කෝසල මහත්තය වෙන්නැති නේද මේ?” කෝසල උන්නේ රාජකාරි නිම වී කාර්‍යාලයේ සිට නිවස බලා යමින් ය. එදා මදක් හවස් වූයේ ලබන සතියේ භාර දෙන්නට නියමිත කැම්පේන් එකක වැඩ අවසන් කරන්නට සිදු වූ නිසාවෙනි. නිවසට හරවන පාරේ සිටත් බොහෝ දුරක් යාමට තිබේ. ඒ පාරේ අද සියලුම වීදි ලාම්පු නිවී තිබුනේ විදුලි...
සිත් ඇතුලේ කුමනාකාරයේ දුකක් ඉතිරි වී තිබුනද, සඳරුගේ විශ්ව විද්‍යාල තෝරාගැනීම් එන්සල්වත්තට ආවේ පුදුමාකාර සතුටක් සමගිනි. විශ්ව විද්‍යාල කඩඉම් ලකුණු අන්තර්ජාලයට නිකුත් කල බව දැනුම් දුන් පසුව පරිගණකය ඔස්සේ ඒ ලකුණු බලන්නට සඳරු ආවේ කැලුමිනී ලාගේ නිවසටය.  “කොළඹටම තේරුණා කියන්නෙ හොඳයිනෙ” සඳරු අම්මාත් අක්කාත් ඒ සතුට සමරන්නට පබෝදාගේ නිවසට එක්...
දෙණියායේ එන්සල්වත්තට වැස්ස නුපුරුදු නැත.  වැහි බීරුමක් නැතත් තෙත බරිත එන්සල්වත්ත කොහොමත් හිඳින්නේ වැස්ස එන තුරු මග බලමින් දෑත් විහිදාගෙනය. මෙදාත් ඒ වැස්ස වැටුනේ නොසිතූ විලසිනි. අරවින්ද කොහොමත් උන්නේ කැලුමිනී බලන්නට යන්නටය. එදා නිම්න ඇවිදින් ගිය දවසට පසුව තේ වත්තේ බොහෝ වැඩ රාජකාරි අස්සේ හිරවෙන්නට සිදුවීම නිසාවෙන් කැලුමිනී බලන්නට යන්නට...
අරවින්ද එදා රෑයේ සූරියබණ්ඩාර වලව්වට ආවේ නිම්න සමගය. කතා කරන්නට බොහෝ දේ තිබුනද මහන්සියත් හෙට උදෑසන නැවත පිටවී යාමට තිබෙන නිසාත් නිම්න ඉක්මනින් නිදාගන්නට ගියේය. අරවින්ද උන්නේ එක්තර විදියක සතුටකිනි. තවත් අතකින් දුකකිනි. ඒ කැලුමිනීගේ දුරකතන අංකය ඉල්ලා ගන්නට හැකියාව ලැබීම නිසාය. “මොකක් හරි හදිසියක් උනොත් කතා කරන්නවත් නම්බර් එකක් දෙනවද?” කියා පිටවන්නට...