දෙහිතක කතාවක්

“ඔයා බිසී ද? කෝල් එකක් ගන්නද?” කියා කැළුමිණී එවා තිබුණු පණිවිඩය ප්‍රභාත් නොදුටුවා නොවේ. වට්සැප් ගිණුම විවෘත කර ඒ පණිවිඩය බලන්නට නොසිතා, දුරකතන මුහුණ මතට ආ නොටිෆිකේශනය ඔස්සේ පණිවිඩය පිරික්සා බැලූ ප්‍රභාත බොහෝ වේලා ගෙන එයට දිය යුතු පිළිතුර කුමක්දැයි සිතන්නට විය. කැළුමිණී නැවත නැවටත් තමා අමතමින් අසන්නට හදන්නේ “ආයෙ...
“අපි දැන් මොකද පුතේ කරන්නේ?” සූරියබණ්ඩාර වලව්වේ දානය තිබූ දවසේ ඔක්කාර කරන්නට වූ හේතුව පැය ගණනක් තිස්සේ ලූණු කන්දක් සුද්ද කරන්නට වීම යැයි සිතා ගෙන උන්නද, “ඒ දරුවෙක්ද?” කියන සැකය කැළුමිණීගේ සිත අස්සේ නොතිබුණා නොවේ. අනෙක් අතට ඒ පැනය ගින්නක් වී දැල්වුණේ කැළුමිණීගේ සිත අස්සේ පමණක්ම නොවේ. පබෝධා ද ඒ...
“පබෝධා මිස්ට පුලුවන් නේද එහෙනම් මේ කුස්සියෙ වැඩ කටයුතු ටික ඩිංගක් බලන්න. මම ගිහින් අර පිරිකර හෙම සූදනම් වෙනවද කියල බලල එන්නම්?” අරවින්ද කුස්සියෙන් ගියේ එසේ කියමිනි. පබෝධාත්, කැළුමිණීත්, සඳරුගේ අම්මා සහ අක්කාත් තවත් නම නොදන්නා කාන්තාවන් කිහිප දෙනෙකුත් කුස්සියේ රැඳුනේ අද දහවල් දානය සඳහා වඩින පූජ්‍ය පක්ෂය සහ දහවල්...
ප්‍රභාත් උන්නේ කැළුමිණී සමග ජීවත් වූ නිවසේ සිට තම බඩු භාණ්ඩ ආදිය අමීශාගේ නිවසට ගෙන යමිනි. වෙනස් ලෝකයක වෙනස්ම සිතුවිලි දැරූ අමීශා කිව්වේ විවාහයට පෙර පොඩි කාලයක් හෝ එකට ජීවත්ව හිඳ බැලීම සියල්ලන්ටම පහසුවක් බවය. අනෙක් අතට තවමත් දික්කසාදය නොලැබුන නිසාවෙන් ඒ වැඩ කටයුතු අවසන් වන්නට අවුරුද්දක පමණ කාලයක්...
මම හනික කෑම එක ඔතාගෙන එන්නම්” කියා නැන්දා කුස්සියට යද්දී කැළුමිණී එතන නතර වුණි. සැඳෑ අන්ධකාරය කඳු මුදුනතින් පාවී අවුත් එන්සල්වත්තම ගිල ගනිද්දී වුව අරවින්දගේ දෙනෙත් තිබුනේ වටපිටාවම ඒකාලෝක කරහැකි අන්දමේ දීප්තියකින් බැබලෙමිනි. කැළුමිණි බිම බලාගෙනම ඉද්දී වුව අරවින්ද උන්නේ ආදරය ගැන හිතට පිළිපන් අලුත්ම තාලයේ කිතියක් නිසාවෙන් මුව මතට...
“මහත්තයට කරදර නැත්තම් අපි අක්කව ගෙදරින්ම බස්සගෙන එමුද? නැත්තම් ආයෙ අක්ක මහත්තයලගෙ ගෙයි ඉඳල සෑහෙන දුර පයින් යන්න ඕනනෙ. අක්කට පුරුදුත් නෑනෙ” සඳරු එසේ කීම ගැන කැළුමිණී උන්නෙ මද අමනාපයකිනි. තමා මේ එතරම් කුඩා දුරක් වුව පයින් ඇවිද ගෙන යා නොහැකි අන්දමේ ළඳ බොලඳ කාන්තාවක් නොවන බව සඳරුට කියන්නට තිබුනානම්...
“අක්කා කොහෙ යන ගමන්ද මේ?” “ටවුන් එකට යනව මල්ලි” “මොනවහරි අරගන්නද? බැංකුවටද?” “ඩයලොග් එකට. රවුටරයක් ගන්න” සඳරු ඒ වදන් ඔස්සේ අරවින්ද දෙස බැලුවේ “අපි අක්කව එක්කරගෙන යන්ද ටවුමට?” කියන පැනය නෙත් අස්සේ රඳවාගෙනය. සිත අස්සෙන් සතුටක අංකුර මෝදු වී ගෙන එන බව දැනුණද අරවින්ද උන්නේ ඒ සතුට නිසාවෙන් මුව මතට එන්නට දඟලන සිනහවක...
“මහත්තය කොහෙ හරි යන්නද?” සඳරු එසේ ඇසුවේ කලාතුරකින් එලියට ගන්නා ජීප් රිය ගැරිජියෙන් එලියට ගෙන එය සෝදමින් හුන් සමන් දෙස බලමිනි. අරවින්ද සූරියබණ්ඩාර කොහේ හෝ විශේෂ, වැදගත් ගමනක් යද්දී පමනක් ජිප් රිය එලියට ගන්නා බව සඳරු අත්දැකීමෙන් දනී. “ටවුමට ගිහින් එනවය කියල ගියා” සමන් පැවසුවේ තවත් වතුර බාල්දියක් ගෙන ජිප් රියට...
අරවින්ද සූරියබණ්ඩාර උන්නේ නින්දත් නොනින්දත් අතරය. නින්ද ලං නොවීමට හේතුව කුමක්දැයි කියා තේරුම් ගන්නට පුලුවන්කමක් නොවුනද සිතට දැනෙන මේ මනහර නොසංසුන්තාවයට හේතුව ඒ කෙල්ල බව ස්තිරය.  ඇය කාගේ කවුදැයි කියා නොදන්නා මොහොතක වුව සිත සසල කරන්නට ඒ කාලවර්ණ විසල් දෙනෙත් හේතු වූ බව අරවින්දට අමතක කරන්න අපහසුය. ඇය පබෝධාගේ ඥාති...
“අක්කා ආපහු යන්නෙ කවද්ද?” සඳරු එසේ ඇසුවේ නිකමටය. එහෙත් හිත රිදුණේ හේතුවක් ඇතුවය. සඳරුට පිළිතුරක් දියයුතු බව දන්නවා උනත් මේ කිසිවක් සඳරු සමග බෙදාගන්නට නොහැකි බව කැළුමිණී නොදන්නවා නොවේ. “ටික දවසක් ඉන්න කියල හිතන් මල්ලි ආවේ” කියා පැවසුවද ඒ වදන් පවසන වාරයක් පාසා සිත මොනතරම් වාරයක් බිඳුණාද කියා කැළුමිණීට ගණන් කරගන්නට...