දෙහිතක කතාවක් 36

සිත් ඇතුලේ කුමනාකාරයේ දුකක් ඉතිරි වී තිබුනද, සඳරුගේ විශ්ව විද්‍යාල තෝරාගැනීම් එන්සල්වත්තට ආවේ පුදුමාකාර සතුටක් සමගිනි. විශ්ව විද්‍යාල කඩඉම් ලකුණු අන්තර්ජාලයට නිකුත් කල බව දැනුම් දුන් පසුව පරිගණකය ඔස්සේ ඒ ලකුණු බලන්නට සඳරු ආවේ කැලුමිනී ලාගේ නිවසටය. 

“කොළඹටම තේරුණා කියන්නෙ හොඳයිනෙ” සඳරු අම්මාත් අක්කාත් ඒ සතුට සමරන්නට පබෝදාගේ නිවසට එක් වූ තැන සතුට දෙගුණ කරවන්නට පෑන් කේක් හැදුවේ පබෝදාය. ඉමිහිරි පොල් පැණි සුවඳින් මුලු නිවසම පිරෙද්දී කතාවට මුල් ගල තිබ්බේ කැලුමිනීය.

සිත තිබුනේ පසුගිය සතියක දික්කසාදයේ පලමු හමුව සඳහා යාමට වූ තිගැස්මට පුරුදු වන ගමන් වුව ඒ දුක මතුපිටට ගෙන සඳරුගේ ජයග්‍රහණයේ සතුට නසන්නට කැලුමිනී සිතුවේ නැත

නගරයෙන් දුර බැහැර ගමක කොල්ලෙකුට ගොඩ යන්නට ඇති එකම මග ය. ඉතින් මේ සතුටත් ආඩම්බරයත් හැමෝගෙමය.

“අනේ මන්දා ඒ උනාට ඉතින් ඔච්චර දුර යවල කොහොමද කියලත්”

ඒ සඳරුගේ අම්මාය. අම්මලා ඉතින් කොහොමත් එහෙම බව කැලුමිනී නොදන්නවා නොවේ.

“අනේ මේ අම්මගෙ විකාරනෙ නැන්දෙ. මොකෝ මේ

කොලඹ මහ දුරක් ය. අනික කොල්ලෙක්නෙ. ගෙදර ෆෝන් එකකුත් තියෙන එකේ ඕන හැටියෙ කතා කරන්න බැරිය”

“ඔය කිව්වට අම්මෙක්ගෙ හිතේ දරුවෙක් ගැන තියන බය දන්නෙ අම්මා කෙනෙක් විතරයි”

ඒ සිතන්නට බොහෝ දේ එකතු කල වදන් පෙලකි. කිසි යම්

දිනක මේ තමන්ගේ කුස හිඳින දරුවාටත් තමාව හැරදා දුරක යන්නට සිදු වනවා නොවේදැයි කැලුමිනී සිතුවාය. එය දරුවාගේ යහපත සහ අනාගතය වෙනුව්නෙ උනත් ඉන් පසුව තමා කිසිවෙකු නොමැතිව තනි වනවා නොවේද යන සිතුවිල්ල සිතෙන් අහක් කරන්නට පුලුවන් කමක් තිබුනේ නැත.

“දැන් කවද වගේද මල්ලි යන්න වෙන්නෙ? මාස තුනක් හතරක් යනවා නේද?” 

කැලුමිනී ඇසුවේ මේ කතාවලට සවන් දෙමින් පෑන් කේක් කමින් උන් සඳරු දෙස බලමිනි.

“අපෝ එයා නම් මේ අද ද හෙටද යන්නෙ කියලනෙ බලන් ඉන්නේ” කියමින් ඔච්චමට සිනාසෙන්නී සඳරුගේ අක්කාය.

“ඔව් අක්කේ ලියුම එන්නත් ඕනනෙ කැම්පස් එකෙන්” සඳරු කියන්නේ පෑන් කේක් කටේ පුරවාගෙන ඉන්න අතරම අක්කා දෙස දෑස් පොඩිකර දිව එලියට දමා බලමිනි.

“තව කල් තිවුනට කමක් නෑ. ඕන කරන ඒව මේව හෙම හෙමින් ලෑස්ති කරගන්න නේද? 

දැන් ඔයාලට ඉන්ම හොස්ටල් හම්බෙනවද මල්ලි?”

පලවෙනි අවුරුද්ද ගොඩක් වෙලාවට හම්බෙයි අක්කෙ. බලන්න ඕන. මම ඒ විස්තරේ පුරවල යවද්දි නම් දැම්මා මම ඕන බව. බලමුකො”

එදා සැඳෑව ඔහේ ගෙවුණි. සාමාන්‍ය පරිදි සීතල සුලඟ විත් ගත සිපගනිද්දී අත් නැති සැහැල්ලු ගවුමකින් සැරසුණ කැලුමිනී උන්නේ යම් තාක් දුරකට නිදහස් වූ සිතකිනි. ඒ සිතේ එක පැත්තක හිඳ ප්‍රභාත් විසින් තමා හැරයන්නට හේතුවක් කරගත් අතීතය සමච්චල් සහගතව සිනා සෙමින් උන්නද හිතේ අනිත් පැත්ත දකින්නට නොලැබුන අනාගතයක පැහැබර බවක් ගැන සිහින දකිමින් උන්නාය. ඒ පැහැබර අනාගතය පුරාම උන්නේ කැලුමිනීත් නෑන්දාත් දරුවාත්‍ ය.

දුරකතනය නද දුන්නේ නොසිතූ මොහොතකය. ඉඳ හිට හෝ මෙයට අමතන්නට හිඳින්නේ අරවින්ද නිසාවෙන් උනත් ඒ නොදන්නා ජංගම දුරකතන අංකයකි.

ඒ කෝසලද යන බිය සිත තුල හොල්මන් කරන්නට වුවද කැලුමිනී ඇමතුමට සම්බන්ද වූවාය. 

“හෙලෝ”

“හෙලෝ කැලුමිනී මම නිම්න”

කිව යුත්තේ කුමක්ද කියා පැහෑදිලි අදහසක් නැතත් කැලුමිනී දුරකතන ඇමතුම විසන්දි කලේ නැත. කුමක් උවත් නිම්න තමාට වරදක් නොකල බව අමතක කරන්නට නොහැක. අතීතය ඔහු විසින් තනිව ගොඩ නගල ලද්දක් නොවේ. ඒ සම්පූර්ණ අතීතයත්, ඒ අතීතයේ වූ සියල්ලත් තමාත් ඔහුත් විසින් එක්ව ගොඩනගන ලද්දකි. 

“කොහොමද නිම්න?”

“ඔයා සෑහෙන වෙනස් වෙලා කැලුමිනී” කියා කියාගන්නට බැරුව සිත තැවෙන බවක් නිම්නට දැනුනේය. මේ කිසිදිනක තමා දැන හුන් කැලුමිනිය නොවේ. සතුටෙන් සිනාසෙමින් කිරිල්ලියක මෙන් උන් කෙල්ලක මෙසේ ඉතා නිසසල චරිතයක් කරන්නට තමාගේත් අංශු මාත්‍ර දායකත්වයක ඇති බව මතක් වීම දරාගන්නට අපහසු ය. 

“වරදක් නෑ. මම ගැන නෙවෙයි.

ඔයාට කොහොමද කියන්න ඉතින්”

“වරදක් නෑ හොඳයි. ඩිවෝස් එකේ ෆස්ට් හියරින් එක තිබුනා. ගිය සතියෙ”

“අහ්”

ඉන්පසුව ඇති වූයේ නිහඬතාවයකි. දෙපසක උන් දෙදෙනෙකුට සිතන්නට බොහෝ දේ ඉතිරි කල නිහඬතාවයකි.

“කොහොමද කලම්බො ආවෙ?”

“එදා අර ඉඳපු මිස්ට සූරියබණ්ඩාර වාහනයක් රෙඩි කරල දුන්නා. එයාගෙ අම්ම ඉන්නෙ කොළඹ. සර් එයාව බලන්න යන ගමන් අපිවත් එක්කරගෙන ගියා”

“ඒක හොඳයි. නැත්තම් ඔහෙ ඉඳල කොළඹ එන යන එක අමාරුනෙ”

“ඔව්”

“එහෙම කෙනෙක් ඉන්න එක හොඳයි. නැත්තම් හදිසියකට උනත් ඔයාට ඉන්නෙ නැන්ද විතරනෙ”

තමාගේ කියා හිඳින්නේ මේ ඉපදෙන්නට ඉන්න දරුවා පමණක් බව කියන්නට තිබුනා නම් හොඳය. එහෙත් ඕවා කිසිවෙකුට කියා පලක් නැත. අනුකම්පාවක් දිනාගන්නග අවශ්‍ය ද නැත.

“ඔයා හෙටානිද්ද යනවද?”

“නෑ නෑ මම තව සතු හතරක් වගේ ඉන්නව. මම ආයෙමත් ඔයාව බලන්න එන්න ඉන්නෙ”

“අනේ කරදර වෙන්න එපා නිම්න. කෝල් එකක් දීල හරි හොයන එකම කොච්චර දෙයක්ද?”

එහෙත් නිම්නට කැලුමිනී සොයා එන්නට හේතුවක් තිබුණි. ඒ ඇවිදින් කියන්නට දෙයක් තිබුනි. ඒ දෙය දුරකතනය ඔස්සේ කියනවට වඩා ඇවිදින් කියන එක හොඳ බව නිම්න සිතුවේය. 

“අයියෝ ඕක එන එක මොකද්ද?”

“ඉතින් කොහොමද ඔයාගෙ විස්තර? එද ආවට ඒව අහන්නවත් උනේ නෑනෙ මට”

“විස්තර කියන්නෙ ඉතින්, හොඳයි. එහේ මම ගෙයක් ගත්ත. ජොබ් එක ඉතින් හොඳයි. මෙහෙ වගෙ නෙවෙයි ඉතින් මිනිස්සු එහෙම ලොකුවට ක්ලෝස් නෑ. ඔෆිස් වල උනත් ඉතින් අපි කොච්චර හොඳට වැඩ කරත් ඉතින් අපිට ලැබෙන්නෙ දෙවනි තැන තමයි”

“ඒ උනාට අන්තිමට ඉතින් අපි හැමෝම හොයන්නෙ සල්ලි නේද?” කැලුමිනී එසේ කියා සිනාසුනාය.

“අනේ මන්ද, අපිත් ඉතින් සල්ලි පස්සෙ දැන් ගියාට කවදහරි ඔය ගමන නවත්තන්න වෙනවනෙ. එදාට හිතේවිද දන්නෙ නෑ නේද අච්චර නැහුනෙ මේකටද කියල”

“ඒ උනාට සල්ලි නැතුව බෑ නිම්න. අපිට සල්ලි ඕන උනත් නැතත් කවද හරි ඉතින් ෆැමිලි එකක් තියෙන කාලෙක අපේ දරුවන් වෙනුවෙන්වත් අපි මොනව හරි හම්බ කරල තියෙන්නෙ ඕන.නැත්තම් අන්තිමේ ඒ ළමයින්ටත් තව අය ලඟ වැඳ වැටෙන්න වෙයිද දන්නෙ නෑ. ඒ නිසා පුලුවන් කාලෙ තමන්ට වගේම එයාලට සල්ලි හම්බ කරල තියන්න පුලුවන් කවදහරි එයාලව අසරන නොවෙන්න”

“ඔය අම්මල තාත්තල සල්ලි හම්බ කරන්න ඕන දරුවන්ට හොඳ අනාගතයක් හදල දෙන්න කියන කන්සෙප්ට් එක ආවෙ කොහෙන්ද දන්නෙ නෑ නේද?

දැන් මේ රටවල එහෙම අම්මල තාත්තල දරුවන්ට හොඳට උගන්නනවා. ඒ උනාට අර අපේ වගේ දරුවො අම්මල තාත්තල මතම යැපෙන්නෙ නැ. ඒ ළමයි අවුරුදු 18 පනිද්දිම වගේ ජොබ් හොයාගන්නවා. ඒ හොයාගෙන ඒ සල්ලි වලින් තමයි හයර් ස්ටඩීස් කරන්නෙ. අපේ එහෙම නෙවෙයිනෙ.අපේ කැම්පස් ගියත් ලමයින්ට වියදම් කරන්නෙ රස්සාවක් හම්බ වෙනකම්ම අම්මල තාත්තලනෙ. අපේ ලමයි ඒකට පුරුදු වෙලා සහ රස්සාවක් ලැබෙනකම් අම්මල කන්න බොන්න දෙන බව දන්න හන්ද ඉතින් කම්මැලි වෙලා”

“අපේ ඉතින් සංස්කෘතිය එහෙමනෙ ඒක වෙන්නැති”

“ඒක දැන් වෙනස් කරන්න කාලෙ හරි කැලුමිනී. අපි ඔයාල මහන්සි වෙලා හරි හම්බ කරන්න ඕන දරුවන්ගෙ අනාගතේ සුවපහසු කරන්න නෙවෙයි, අපිට වැඩ කරගන්න බැරි කාලෙක අපිට සුවපහසුව ඉන්න මිසක් 

කැලුමිනීගේ දුරකතන ඇමතුම අවසානයේ නිම්නට අමතන්නට තවත් අයෙකු විය. ඒ අරවින්ද ය. 

අරවින්ද සමග හුවමාරු කරගන්නට කැලුමිනී පිළිබඳ යම් දෙයක් නිම්න ළඟ විය.

ඒ සඳහා උපකාර ඉල්ල ගත හැකි හොඳම මිනිසා අරවින්ද බව සිත කියද්දී එයට සවන් දෙන්නට නිම්න සිතුවේය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles