Novels

යසස්වී වෙහෙරගොඩ ආරක්ෂිත ව අස්විද සූරියබණ්ඩාරගේ අත් බාහුවෙන් අල්වාගෙන විත් රියෙහි ඉදිරි අසුනට ගොඩවූවා ය. ඒ යුවළ වෙතට උදාර ගේ දෑස් යොමු වීගෙන ම තිබිණ. අස්විද ඉක්මනින් අනිත් පසට ගොස් රියට ගොඩ වී රිය පණ ගන්වාගත්තේ ය. ඇගේ මුව මාස්ක් එකකින් ද දෑස් කළු කණ්ණාඩි වලින් ද හිස සළුවකින්...
යුගාශ් අපූර්වාට දුරකතන ඇමතුමක් ලබා ගත්තේ උසාවියේ සිට ආපසු එන ගමනේදීය. පසුගිය දින කිහිපයේම ඔහු අවිවේකී වූ නිසා ඇයව මුණ ගැසෙන්නට තරම් අවස්ථාවක් වූයේ නැත. එහෙත් විටෙක දෙපැයකටත් වඩා දිගු වන දුරකථන සංවාදය තුළ දවසේ සිදුවීම් සියල්ලම හුවමාරු විය. මහා වැස්සකට පසු නිහඬවන අහස සේ සියල්ල නිහඬ නිසොල්මන්වීම ඔහුගේ සිතට...
“මොකද දැන් ඒ ළමයාට එන්න කිව්වේ? ඇවිල්ලා මොකක් ගැනද කතාකරන්න යන්නෙ?”කියා මනෝරමා අහද්දිත් අනිල් ධර්මවර්ධන උන්නේත් හිත අස්සෙන් ඇත්තටම එයට දෙන්නට ඕන උත්තරේ කුමක්ද කියා හිතාගන්න බැරුවය. තමන්ම මලිත් ට කතාකර එන්න කියූ එක ඇත්තකි. එහෙත් දැන් තමන් කතා කර යුත්තේ කුමක්ද කතාව පටන් ගන්නේ කොහොමද කියන එක ගැන...
" ඒ වගේම මගේ යාලුවෙක් හිටියා "කියා මෞර්යා ඇසූ පැනයට පිළිතුරු දී ඇයව පිටත් කර හැර නිවසට එන්නට පිටත් වුවද චන්දික උන්නේ නොසන්සුන්වය. ඒ සිටියේ අශිකා බවට සැකයක් නැත. ඇයව දුටුවේ වසර තිස් ගණනාවකට පසුවය. හරියටම බැලුවහොත් වසර තිස් පහකට පසුවය. සුළු සුළු වෙනස්කම් කිහිපයක් හැරුණු කොට අශිකා තවමත්...
ඇට්ටේරියා මල් සුවඳ වඩාගෙන ආ සුළඟෙන් යසස්වී වෙහෙරගොඩ පපුව පුරවාගත්තා ය. මේ රාත්‍රියේ, ලා සඳ එළිය තඹ පාටක් තවරමින් තුරු පත් මත පතිත වී තිබේ. යසස්වි සඳැල්ලේ ගරාදි වැටට බරවීගෙන පහළට එබුණා ය. ඇට්ටේරියා තුරු හිස සුදු පාට මල් වට්ටියක් සේ ය. මේ, රාත්‍රියට කෝටි ගණන් ඇට්ටේරියා මල් පිපෙන...
මලිත් තමන්ගේ ප්‍රේක්ශකයන් සමග කොච්චර හොඳින් කතා බහ කර උන්නද මලිත්ට ධර්මවර්ධන පවුල සමග තිබුනේ දුරස්ථ සබඳතාවයක් බව නොකියා බැරිය. තමන්ගේ බිරිඳගේ පවුලේ අය වුවද මලිත් ධර්මවර්ධන පවුලේ සියලුම දෙනාව ඇසුරු කරේ එක්තරේ විදියක දුරකින් හිඳය. ඒ නිසාම නොසිතූ මොහොතක ආ අනිල් ධර්මවර්ධනගේ දුරකතන ඇමතුම මලිත් භාරගත්තේ “තවත් බාල්දියක්”...
තමාරා අපූර්වා වෙනුවෙන් ඇඳුම් කිහිපයක් මිලදී ගත්තේ ඇය උසස් අධ්‍යාපනය හැදෑරීමට සූදානමින් සිටින බව පැවසූ දිනයේමය. එක පිට එක වූ කරදර නිසා පසුගිය දිනවල තමාරාට නිවස ඉදිවන තැනට යාමට හැකියාවක් වූයේ නැත. අමායාගේ නඩුවට ලැබී තිබූ ප්‍රසිද්ධියේ තරමටම යුගාශ්ගේ ජීවිතය අවදානම් බව ඈ දැන සිටියාය. ඔහු නිවසේ සිටි දින...
කාලය ඉකුත් වූයේය. ෂෙහාරා සහ ආදිත්‍ය එකම වහලක් යට ආගන්තුකයන් සේ ජීවත් වූ අතර ෂෙහාරා යහපත් බිරිඳක වන්නට උත්සාහ දරමින් පසු වූවාය.එහෙත් ඒ කිසිවකට ඇය කළ වංචාව ආදිත්‍ය ගේ හිතෙන් මකා දැමීමට හැකි වූයේ නැත. ආදිත්‍ය කිසිසේත්ම ඔහුගේ තීරණය වෙනස් නොකළ අතර දික්කසාදයේ පළමු නඩු වාරය සඳහා ඒ වන...
හදිසියේ වුණත් යොදාගත් ඒ මධු පාණ හෝරාව, හුස්ම හිර වී තිබූ තුසිතයට මඳ සැහැල්ලුවක් ගෙන දෙන්නට හේතු විය. තාත්තාත් පුතාලා දෙන්නාත් ඔවුන් ගේ මිතුරාත් එක්ව බීර වීදුරවක් බීවා කියා එහි කිසිදු අශෝභනයක් වූයේ නැත. අස්විද කීවා සේ ම ඔවුන් වැඩිපුර දොඩමළු වී සිටිනු දැකිය හැකි විය. ටික කාලයක් හදවත්...
“පංචාලි සෑහෙන්න වෙනස් වෙලා බං…” තීක්ෂණය පැවසූයේ යුගාෂ් සමග කාර්යාලයට වී සිටි සවසකය. යුගාෂ් තම මිතුරා දෙස බැලුවේ යටැසින්ය. දකුණතේ  දෑඟිලි අතර රඳවාගත් පෑන කරකවමින් ඔහු උන්නේ කල්පනාවකය. “මිනිස්සු වෙනස් වෙන්න ඕනේ තමයි බං. වෙනස් වෙන්න ඕන තැන් වලදී වෙනස් නොවෙනවානම් තමයි ප්‍රශ්නේ. පංචාලි කියන්නේ නරක කෙල්ලෙක් නෙමෙයි බං. එයාට ලැබුණු...