Novels

දින තුන හතරක කාලයක්ම ආදිත්‍යයට කාර්යාලයට යාමට ඉඩක් ලැබුණේම නැත. ඒ කාලය තුළදී සියලු වගකීම් කරට ගෙන අභිමන් කටයුතු කළ අතර වචනයකින් වත් ඔහු තම සහෝදරයා හට වෙනසක් නොකර සිටීමට වග බලා ගත්තේය. ආදිත්‍යගේ ගැටලුව පිළිබඳව සාකච්ඡා කිරීමට දේවක නිවසට පැමිණියේ දින හතරකට පසුවය. ඒ මොහොතේ අභිමන්ද නිවසේ නොසිටියේය. "...
යසස්වී රියදුරු පුහුණුව ලැබීම, ඉරිදා සිට අරඹන්නට තීරණය විය. එ් තීරණය අනිත් අයටත්   වැඩිය, ඇය විසින් ම ගනු ලැබූවක් කීවාට වරදක් නැත. පහළ මහළේ දී තුසිතයේ සියල්ලන් එක්ව සවස තේ පාණය කිරීමෙන් පසු අස්විද හෙමිහිට මතු මහළට පිවිසියේ ය. ඒ කතා බහ තුසිතයේ ක්ෂුද්‍ර පවුලෙහි හෘදයාංගම හමුවයි. හදවත් වල...
“කොහෙද බං මේ…” තීක්ෂණ විමතියෙන් විමසූයේ මේ ඔහුට හුරු පුරුදු තැනක් නොවූ නිසාය. ඊයේ පෙරේදා සිට යුගාෂ්ගේ සමහර මැඩ හරි අමුතු ඒවාය. විටෙක ඔහුගේ විලාශය රහස් පරීක්ෂකවරයෙකු සේය. “වරෙන්කෝ…කට පියන්” “උඹ ඒ කාලෙ පාඩම් කලාට වඩා ෂර්ලොක්හෝම්ස්  පොත් කියවපු  එකේ වැරැද්ද තමයි මේ.” යුගාෂ් සිනහසෙමින් සිය මිතුරා දෙසට හැරුණේ මඳක් පැරැණි තාලයට නිමවූ...
“හෙලෝ සමුධ්‍යා නේද?” කියා එහා පසින් ඇහෙද්දී සමුධ්‍යා “රංජනී මිස් නේද? කියන්න” කියා ඇමතුවේ හිත මදක් කලබල වෙද්දිය. “සමුධ්‍යා බිසී නෑ නේද ටිකක් කතාකරන්න පුලුවන් වෙයිද?” කියා රංජනී ඇසුවාය. “කියන්න රංජනී, මොකක් ගැනද කතාකරන්න ඕන?” “ම්ම්ම් සමුධ්‍යා මං කතා කරේ සත්සරා ගැන දෙයක් කියන්න” කියා ඇය කියද්දී සමුධ්‍යා තප්පර ගණනකට නිහඬ විය.  “සත්සරා...
ආදිත්‍ය සම්බන්ධ ගැටලුවක් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා නිවසට පැමිණෙන ලෙස අශිකා විසින් දේවකට පණිවිඩයක් ලබා දී තිබුණද හදිසි ව්‍යාපාරික කටයුත්තක් සඳහා කොළඹින් පිට ප්‍රදේශයකට යාමට සිදුවී තිබුණු නිසා පැමිණීමට නොහැකිවන බව දේවක විසින් දන්වා තිබුණි. ගැටලුව කුමක් දැයි කියා වත් අඩුම තරමේ දේවක විසින් විමසා නොසිටීම පිළිබඳව අශිකා තුළ...
උසාවිය ඉන් මසකට පසුව තවත් නඩු වාරයක් සඳහා කල් තැබුවේය. සේනකත්, දයාලුත්, පුෂ්පානන්දත් නැගී  සිටියේ කිසිවෙකු දෙස නොබලමින්ය. ඒ වේගයෙන්ම ඔවුන් උසාවි සංකීර්ණයෙන් පිටව යන අයුරු යුගාෂ් බලා සිටියේ අවඥයා සහගත සිනහවක් මුවගෙහි තබාගෙනය. අමායලාගේ නිවසට පොලිස් ආරක්ෂාව ලබාදී තිබුණේ  යුගාෂ්ගේ ඉල්ලීමක් මතය. ඒ අනුව සිවිල් ඇඳුමෙන්  සැරසුණු පොලිස්...
  පෝටිකෝවේ කණුවකට හේත්තු වී, අත් දෙක පපුවේ බැඳගෙන, එක පාදයක රබර් සෙරෙප්පුව සම්පූර්ණයෙන් බිම පතිත වන සේ ද අනෙක හරස්  අතට ඉදිරිපස තුඩ පමණක් බිම ස්පර්ශ වන සේ ද අස්විද සූරියබණ්ඩාර පිටත බලා සිටියේ ය. අහස වැස්සක අවසාන වතුර බින්දු ටික පොළොවට අත්හරිමින් සිටියි. හෝරාවක් පමණ තිස්සේ වැහි...
දින කිහිපයකට පසු අරුණ සුවය ලැබුවත්, ඔහුගේ සිතේ තිබූ දුක පහව ගොස් තිබුණේ නැත. අනෝමා දිනපතාම ඔහු සමඟ කතා කළාය. ඇය ඔහුට සමීප වීමට උත්සාහ කළාය. තම පුතාගේ නිහඬ වේදනාව ඇගේ හදවතට මහත් පීඩාවක් විය.  අනෝමාට තවදුරටත් දරුවන් තමන්ගේ දෑතින් සහ දෑසින් මිදී යා යැයි බියෙන් ජීවත් වීමට උවමනා නොවූ...
ආදිත්‍ය කාර්යාලයට නොපැමිණීම නිසා අභිමන් බෙහෙවින් කාර්යබහුල වූයේ ය. ආදිත්‍ය ආයතනය නියෝජනය කරමින් සහභාගී විය යුතු රැස්වීමකට අභිමන්ට සූදානම් විය යුතු වූ අතර නෙහාරා අභිමන් හට අවශ්‍ය කරුණු පැහැදිලි කරමින් උන්නාය. අභිමන් මෙවැනි රැස්වීමකට සහභාගී වන්නේ බොහෝ කාලයකට පසුව නිසා ඔහු උන්නේද චකිතයෙනි. " මේක අලුත් කම්පනි එකක් නිසා ක්ලයන්ට්...
යසස්වී වෙහෙරගොඩ මිදුලේ සිමෙන්ති බංකුව මත වාඩි වී සිටියේ කේන්තියෙන් පුපුරු ගසමිනි. මීට මඳ වෙලාවකට පෙර ඇයට උදාර කතා කළේ ය. උදේ සිට ම කිහිප වරක් ඔහු ඇමතුම් ගත්ත ද ඇය කතා කළේ නැත. එබැවින් සන්ධ්‍යාවේ ගත්දී පිළිතුරු නොදී සිටිය නො හැකි ය. 'මං කතා කළහම ආන්සර් කරන්නැත්තෙ තමුසෙට කැම්පස්...