Novels

වසන්ත ගජනායක සතියක් පමණ යනතුරු නිවසින් එළියට වත් බැස්සේ නැත. අත්‍යවශ්‍යම දුරකථන ඇමතුම් වලට හැර ඔහු දුරකථන ඇමතුම් වලට පිළිතුරු දුන්නේ ද නැත. වසන්ත සහ ජයමිණි අතරද අත්‍යවශ්‍යම දෙයකට හැර කතා බහක් සිදු වූයේ නැති අතර ජයමිණි බොහෝ විට වසන්තව මඟ හැර සිටීමට උත්සාහ කළා ය. ධීර නිවසට පැමිණෙන...
නිරිත දිග මෝසම සක්‍රිය වී තිබුණෙන් දිගින් දිගට ම වැසි වැටෙමින් පැවතිණ. මෙහෙම වැස්සක මග බැස යනවාට වැඩිය, වැහි පොදක් හෝ නො වැදී ගුලි වී නිදනා එක තරම් සැපතක් අන්තරා ට නැත. නමුත් වෙනදාටත් කලින් යටිහිත විසින් ඈ අළුයම් යාමයේ අවදි කරවනා ලදී. ගෙදර දුවනා හදිසියක් ඇයට විය. "මේ වැස්සෙ...
 නුරාන් කාර්‍යාලයට නොගොස් කර්මාන්තශාලා පරිශ්‍රය වෙතම ගියේය.  විදෙස්  ගැණුම්කරුවන් පැමිණෙන බව දන්වා ඇත්තේ දහවල් එකට පමණය. තවත් පැය හතරක පමණ කාලයක් ඇත. නුරාන් බිම්මල් පවුඩර් සකසන කර්මාන්තශාලාවේ එක් එක් අංශයේ ප්‍රධානීන් සමඟ යළි කෙටි කතානහක නියැලුනේය. " වැඩේ ගැන සැකයක් නැ සර්... ඒගොල්ලෝ ඕකේ වෙයි කියලම හිතෙනවා.. අපේ රශියන් ඕර්ඩර්...
හඳපාන මොනතරං නං හැඩකාරද කියල මං අඳුරගත්තෙ එයැයිව මුලිච්චි උනයින් පස්සෙ.  ආකාසේ පුරාවට රත්තරන් පාට තැටියක් හේ වැතිරිල ඉන්න ගමන් ගස් කොලං උඩහින් වැක්කිරිල පොළොව දිගේ ඇදිල යන්නෙ මොනතරං නං අපූරුවටද කියල මට තේරුං ගියේ එයැයිව මුලිච්චි උනයින් පස්සෙ. මං මෙච්චර කාලෙකට හිතාන උන්නෙ මේ කා එක්කලහරි පූට්ටු වෙන එක නිදහස...
" අම්මා උනත් මං යන එන තැන් , ආශ්‍රය කරන්නේ කාවද කියලා හොයන්න යන්නේ නැති එකේ එයා කවුද අම්මා ඒ වගේ ප්‍රශ්න අහන්න "  ධීර පසු දින උදෑසන උන්නේද කෝපයෙනි.ජයමිණි කෝපි එක ඔහු අතට දෙන විටත් ඔහු සිටියේ ඒ කෝපයෙන් පුපුරමිනි. " මට හිතෙනවා එක පාරම මිෂෙල්ට මේ හැමදේම කියලා දාන්න....
සාමාන්‍යයෙන් මහගෙදර පැමිණි විට යුගාත්ම යළි කොළඹ යන්නේ දවසක් දෙකක් නතර වී හිඳ ය. නමුත් අම්මා ගේ අසනීපය ගැන ආරංචිය මත පැමිණි ඔහු ඒ සැඳෑවේ ම කොළඹ යන්නට සූදානම් වූයේ ය. පළිඟු මැණිකේ කෙතරම් පෙරැත්ත කළ ද එදා ඔහු එහි රඳවාගත නො හැකි විය. "වැඩ ගොඩයි අම්ම. මං ඒ සේරම...
වත්සලා ඉසිනි පිළිබඳව වන වෛරයෙන් තමා පිච්චෙන්නට ඉඩ නොදී සිහියේ සිටින්නට උත්සාහ කලාය.  ඉසිනිට කිනම්  නපුරක්  සිදු කලද, නුරාන් ඇය ඉදිරියෙන් මතු වන බව පෙනේ. ඇය තනි කිරීමට නුරාන් ඉඩ නොදෙන සෙයක් දැනේ. වත්සලා  සිතේ වූ සැලසුම් සඳහා ඇමතුම් කිහිපයක් ලබා ගත්තාය. මෙතරම් කාලයක් නුරාන් තමා සතු ප්‍රේමයේ ගොදුර බවට...
"මේ එම්බ්‍රොයිඩර් වැඩ කරන්නෙ ඔයාද?" මං පුදුම උනේ එයැයි මක්කටද මා එක්කල එහෙම දොඩන්න ආවෙ කියන කාරණාව ගැන හිතලා. පන්සලේ සල්පිල වෙලාවෙ මං මල් එම්බ්‍රොයිඩර් කොරගෙන ආව රෝස පාට රේන්ද සාරිය විකුණගන්න ඇහැක් උනා අර හාදය එදා හේම අදත් කවි කිව්ව හන්දයින්. මං දුටුවා කීප වංගියක්ම පොලොසියෙ ඉස්පැට්ටර මහත්තයගෙ දෝණියැන්ද සාරිය...
වසන්ත ගජනායක නිවසට පැමිණියේ රාත්‍රියේදී ය.ඒ රූපසිංහ සහ වසන්ත ගේ නීතිඥයා වන තේනුවර සමඟිනි. රූපසිංහ මේ මොහොතෙහි වසන්ත පසු පසින්ම සිටියේ ලකුණු දාගැනීමෙහි බලාපොරොත්තුවෙනි. මිෂෙල් ද රාත්‍රිය වනතුරුම ගජනායක නිවසේ රැඳී සිටියේ ධීර නිසාය. සවස් වරුවෙහිම කාමරයේ දොර වසාගත් ධීර නින්දට වැටුණු අතර ඔහු සිටියේ අධික පීඩනයකිනි. වසන්‍ත නිවසට එන...
යුගාත්ම කාශ්මීර අමුණුගම හැල්මේ කඳුකරය බලා රිය ධාවනය කළේ ය. පපුවේ වේදනාවක් මත අම්මා ව රෝහල් ගත කළේ යයි අප්පච්චී ඔහු ට කතා කොට කීවේ මීට දෙතුන් හෝරාවකට පෙරයි. නමුත් රෝහල් ගතකිරීම සිදු කොට තිබුණේ පෙර දා රාත්‍රියේයි. "කලබල වෙලා දුවගෙන එන්න ඕන නෑ. ඊසීජී එක නෝමල් කියල ඩොක්ටර් කියලයි...