හෂාරාටත් ධනංජයටත් වූයේ සැබෑ කරගත නොහැකි වූ සිහින නොවේ.ජීවිතයේ පැතූ සියල්ල දෙපා මුලටම ලැබී තිබියදී ධනංජය මේ අයුරින් වෙනස් වූයේ කෙසේදැයි ඇයට නොතේරේ.දන්නා තරමින් තමා හොඳ පෙම්වතියක බිරිඳක වූ බව විශ්වාසය.ඔහුගේ ආදරනීය ඕනෑ එපාකම් මැසිවිලි නොනගාම ඉටුකල බව විශ්වාසය.
ඒ අයුරින්ම ගතව ගිය දින කිහිපයකට පසුව හසාරා ධනංජයගේ කාර්යාලයේ මිතුරෙකුට...
තේ උගුරක් බී සුදු පෝසිලේන් කෝප්පය පීරිසිය මත තබනා ගමන් සංකේත් පුටුව මඳක් කරකවා වීදුරු පවුරෙන් ගිනුම් අංශයෙහි හිඳිනා ආදියා දෙස බැලුවේ ය. ඈ සිටියේ මල්ෂා වෙතට බර වීගෙන අතින් යන්තම් මුව වසා සිනහ වෙමින් මොනවාද කියමිනි. යුවතියන් දෙදෙනා ගේ ම දෑස් කැල්ම වරින් වර වීදුරු පවුර විනිවිද පැමිණියේ...
“දැන් මේකද ඔයාගෙ අන්තිම තීරණේ?” කියා චිරත් අහද්දී මේධාවිණී කලේ ඔලුව හොලවපු එකය.
“හරි මට කියන්න මොකද්ද දැන් මේ ඔයාට එකපාර ඔහොම ඩිසිශන් එකක් ගන්න මේ එකපාර මගෙන් වෙච්ච වැරැද්ද මොකද්ද කියන එක?”
“වරදක් ගැන නෙවෙයි මම කියන්නෙ චිරත්. මම කතාකරන්නෙ ඔයා එක්ක ගෙවන විවාහ ජීවිතේ ඇතුලෙ මට කිසිම සන්තෝසයක් ලැබූනෙ...
හසාරාගේ ඉවසීමත් දරා ගැනීමත් කෙළවර වූයේ ධනංජයගේ නැගණිය දුරකතන ඇමතුමක් ලබාදී ඇයට චෝදනා කළ දිනයේ ය.මෙතෙක් කල් තම සොහොයුරියක ලෙස ජීවිතය බෙදාගත් ඈ ඒ ආකාරයෙන් තමාට චෝදනා කළේ කෙලෙසකදැයි සිතාගත නොහැකි වූ හසාරා ඇමතුම නිමා වුවත් විනාඩි කිහිපයක් ගතව යනතුරු දුරකතනය සවනතන රඳවාගෙන උන්නාය.අනතුරුව දුරකථනය පසෙකට දමා සිය දෑතින්...
ගෝල්ඩන් ලීව්ස් හි දෙව්රම් සන්දනායක ගේ කුටියෙහි අසුනගත වෙත්දීත් සංකේත් හිටියේ කැළඹීමකිනි. ඔහු ගේ ඇස් වලින් ම ඒ කලබලය දැක ගත හැකි විය. දෙව්රම් සිය මේසයෙහි වඩාත් ඉදිරියට නැඹුරු වී මිතුරා දෙස බැලුවේ ය. මේ හදිසියේ දුරකතන ඇමතුමක් දී දෙව්රම් හමු වීමට අවශ්‍ය යයි කීවත් ඔහු ඊට හේතුව කීවේ...
“ මං උයන්න හදන්නේ..ඔයා කැමති දේවල් හදන්න කෑමට ඉන්නවා නේද…”
බොහෝ වේලා කල්පනා බරව උන් හසාරා අවසන තුන්වෙනි මහලට ගියේ ධනංජයව සොයාගෙනය.ඔහු උන්නේ නිබන්ධනයක් සකසමින්ය.ධනංජය දෑස් ඔසවා ඈ දෙස බලද්දීත් ඈ උන්නේ ඔහු ඉදිරිපස වූ පුටුවෙන් අසුන්ගෙනය.
“ මගෙන් ඔයාට මොනවා හරි උදව්වක් ඕනද.නෝට්ස් තියනවනම් දෙන්න මම රෙඩි කරලා දෙන්නම්…”
වෙනදා සේ...
පෙත්මලීව අම්මාත් තාත්තාත් ලඟ තබා මේධාවිණී සූදානම් වුණේ චිරත්ව හමුවෙන්න යන්නයි.
“මට ඔයාව හම්බෙන්න ඔය ගෙදරට නම් එන්න කියලා කියන්න එපා මේධා. ඒ වුනාට මේ ඩිවෝස් එකකට හරි මොන මගුලෙ ඩිසිශන් එකකට හරි යනවනම් ඒක මේ ෆෝන් එකෙන් කතා කරල විසඳගන්න බෑනෙ. ප්‍රශ්නයක් උනාම ඒක විසඳගන්න විදියක් තියෙන්න ඕනනෙ. ඒක...
දැන් මේ සිදු වන්නේ දැළි පිහියෙන් කිරි කනවා වාගේ වැඩක් බව ආදියා නො දන්නවා නොවේ. ඇයට වන දෙගිඩියාව රැකියාව සම්බන්ධයෙනි. ආයතනයේ ප්‍රධානියෙකු මේ විදිහට සෙල්ලමට ගැනීම සෙල්ලමක් නොවේ! රහසිගත ව ඇමතුම් දෙන්නේ වෙන කෙල්ලක වී නම් දෙව්රම් ට හසු වූවාට කම් නැත. නමුත් දැන්!
එදා දෙව්රම් ව දකිත්දී ම බොත්තම්...
කාලයට සාපේක්ෂව බොහෝ දේ සිදුවෙමින් තිබිණ.තෙවන මහලේ වූ එකම කාමරයත් හිස් අවකාශයත් ධනංජය තමාගේ පහසුව සඳහා වෙන් කරගත්තේය.තව දුරටත් දෙදෙනා එක්ව කිසිවක් භාවිතයට නොගත් තරම්ය.විනාඩි කිහිපයකට වරක් දෙවරක් මුලදී සිදු වූ වචන හුවමාරුව අවසානයේ පැයකට දෙකකට වරක් තරම් දුරස්ථ විය.සිදු වූයේ කුමක්දැයි කොතෙක් ඇසුවත් කොතෙක් ඇවටිලි කලත් හැඬුවත් දුක...
“මොන මල පිස්සුවක්ද බං ඒ? කියා යාලුවා වෙච්ච චානක හිස් වෙච්ච ග්ලාස් එකට ආයෙ වතාවක් ජින් පුරවාගෙන හීන් සැරේ තොලගාන ගමන් අහද්දී චිරත්ට කලේ රූෆ් ටොප් ක්ලබ් එකේ හිඳ බලද්දි රෑ අන්ධකාරය මැද්දෙන් පෙනෙන කොළඹ ස්කයිලයින් එක දිහා බලාගෙන කල්පනා කරන එකය.
“යකෝ උඹ මේ වෙන ගෑණියෙක් එක්ක නිදාගෙන අහුවුනානම්...