එය සංකීර්ණ තත්වයකි. එක් මහානාම පුතෙකු මල්වත්තගේ දියණියක වෙනුවෙන් කළ විවාහ යෝජනාවක් සිථිර වී, තවත් මහානාම පුතෙකු කළ විවාහ යෝජනාවක් ස්ථිර නොවී අර්බුධයක් බවට පත් වී තිබේ. පවුල් දෙක අතරේ එක් විවාහයක් සිදුවීමට සියලු කටයුතු සූදානම් වෙමින් තිබියදී අනෙත් පෙම්වතුන් යුවළ ට අනුමැතිය නො ලැබෙන තත්වයක් ඇති වී තිබේ....
පසුදින උදෑසන නිම්නාවී අවදිවුණේ යම් සැහැල්ලුවකිනි. එහෙත් ගෙවුණ රැය කොහොම වීදැයිද, මේ දැනෙන සැහැල්ලුවට හේතුව කුමක්ද කියාවත්ද ඇයට නිනවුවක් වූයේ නැත. නිම්නාවී සූදානම් වී කාමරයෙන් පිටතට ආවාය. අද සඳුදාය. තමා එන තෙක් සෙත් බලා හිඳිනු ඇත. ඕ අහස දෙස බලාගෙන උන්නාය.
" අද මම වේලාසන එනවා …ලෑස්ති වෙන්න ගමනක් යන්න...
“කලින් මං උන්නු කෙල්ලන්ව අයින් කරන එක මට ප්‍රශ්නයක් නෑ. ඒත් මට ඒ පිරිමි ළමයින්ව අමතක කරලා දාන්න බෑ ශාරා”
“ඇයි ඒ?”
“මොකද මට එහෙම කොල්ලො එක්ක සම්බන්ධයක් නැති හන්දා” කියා කියද්දි ආයෙම වතාවක් කාරෙක ඇතුලේ වාතාශ්‍රය පිරෙන්න වගේ මහ හයියෙන් හිනාවෙන ගමන් කිණ්ඩියට ශාර්වරී දිහා බැලුවේය.
“ඔයා නම් මහ මෝඩ කෙල්ලෙක්....
" මට තේරෙන්නේ නෑ බං. මොක උනත් මෙවෙලේ මන්දාරම් නිකන්ම නිහඬ වෙන ලෑස්ති නෑ. දවසකට හරි අක්කව මන්දාරම්ට මුණගස්සන්න වෙනවා……."
දිලුම් ජිනේන්ද්රගෙන් හිතවත් පිළිතුරක් බලාපොරොත්තුවෙන් කීවේය.
" ඒත් උඹ මේකත් මතක තියා ගනිං. උඹලාට ඕන විදියට මන්දාරම්ව ආයේ ආයේ රවට්ටන්න මම ඉඩ තියන්නෙ නැහැ…"
නුදුටු, නොදැන උන් ස්වකීය සහෝදරයා වෙනුවෙන්, ජිනේන්ද්‍ර ගේ ...
රාත්‍රියෙහි කිසිවෙකුට නින්දක් නොවූවා විය යුතු ය. අශ්විනී ද අමාගී ද එක කාමරයක විසල් යහනක දෙපැත්තට වී දිගට ම කඳුලු සැලූහ. ඔවුන් ගේ ඉකි හඬ ද සුසුම් හා හීල්ලුම් හඬ ද වරින් වර ඉස්මතු වී නැඟිණි. සාන්වී මාරුවෙන් මාරුවට දෙපැත්තට හැරෙමින් ඔවුන් සැනසුවා ය. දෑතින් අක්කාගේත් නංගීත් හිස් එකවර...
තමන් දිහා තප්පර ගාණක් එක එල්ලේ බලාගෙන උන්නු නෙවින්ගේ දෙනෙත් කම්මුල් දෙතොල් නලියගෙන මහ හඬින් එලියට පැන්න හිනාව අස්සේ තිබිච්ච හේතුව හිතාගන්න බැරි හන්දම ශාර්වරීට කරන්න තිබිච්ච එකම දේ එක එල්ලේ නෙවින් දිහා බලාගෙන ඉන්න එක විතරය.
විනාඩියක් විතර එක දිගට හිනාවෙලා ආයෙම ශාර්වරීගේ මූණ බලද්දි අමාරුවෙන් යටපත් කරගන්න හදපු...
දිලුම් මන්දාරම්ට සමුදුන්නේ හිත තුළ වූ ප්‍රශ්න කිහිපයක්ම සමගිනි. එහෙත් ඉවසා සිටීම හැරෙන්නට කිසිඳු පිළිතුරක් වූයේ නැත.
" මම කඩවතින් එන්නම්. උඹ එනකොට කියපන්…." .
දිලුම් නිවසෙන් පිට වෙද්දීම ජිනේන්ද්‍ර ට කෙටි පණිවිඩයක්ද තැබුවේය. දිලුම්ට වඩා වසර කිහිපයක්ම වැඩිමහල් වුවත් ජිනේන්ද්‍ර සහ දිලුම් අතර තිබුණේ සම වයස් මිතුරන් දෙදෙනෙකු අතරේ වන...
නිදන්නට යහන් වලට ගොඩ වූවාට ඒ රාත්‍රියෙහි කිසිවෙකුට නින්දක් නම් වූයේ නැත. අමාගී ඇස් තද කොට පියාගෙන බිත්තියට මූණ ඔබාන නිදි සේ සිටියා ය. තවමත් අශ්විනී ආර්ය ගේ යෝජනාව ගැන දන්නේ නැත. ඇතැම් විට තාත්තා මේ ගැන අක්කා ට දැනගන්නට ඉඩ නො තබනු ඇතැයි ඇයට සිතේ. අඩු තරමින් ඇගේ...
ගැහෙමින් තිබ්බේ ඇඟ ද හිත ද එහෙමත් නැත්තම් ඒ දෙකමද කියා හිතාගන්න බැරුව ශාර්වරී නෙවින් දිහාවම එක එල්ලේ බලාගෙන උන්නේය.
“තමන්ගෙ මනුස්සයා පිරිමි අයටත් කැමතියි කියලා දැනගත්තම ගෑණියෙක්ගෙ හිතට දැනෙන දුකට වඩා වැඩියි තමන්ගෙ මනුස්සයා වෙන ගෑණියෙක්ට කැමතියි කියලා දැනගන්න එක. මොකෝ තමන්ගෙ පිරිමියට වෙන පිරිමියෙක් ඉන්නව කියන එකට වඩා...
ආර්ය නිර්වාන් මහානාම සිටි නො සන්සුන් බව සහෝදරවරුනට නො තේරුණා නොවේ. නමුත් ඊට හේතුවක් ඔවුන් ට නිගමනය කළ හැකි වූයේ නැත. ඇතැම් විට ඒ අයියා මඳක් වැඩිපුර ඇල්කොහොල් දේහ ගත කර ඇති නිසා යයි ඔවුන් සිතන්නට ඇත.
තාත්තලා දෙන්නා සිටියේ ආර්ය ගැන හෝ අනිත් තරුණයන් ගැන අවධානයෙන් නොවේ. මධු විතක්...