Novels

ප්‍රහාන් .. ඊයේ පාටිය ඔයා ගොඩක් එන්ජෝයි කලා.ඔයා ටිකක් එතන කලබල කරපු නිසා අපි ඔයාව නිදාගන්න දැම්මා.උදේට කෑම කාලම වයිෆ් එක්ක ගෙදර යන්න.මම හැමදේම ලෑස්ති කරලයි තියෙන්නේ.මට අද උදේ විශේෂ රැස්වීම් කිහිපයකට යන්න තියෙනවා.ඔයාව හම්බවෙලා කතා කරන්න බැරිවීම ගැන දුකක්.ඔයාගේ දක්ෂකම ගැන ආයිත් පාරක් මම බොහොම අගය කරලා කතා කරනවා.මම...
"අයෑම් සොරි" මෙනුක කිව්වේ රමිත්ගේ උරහිස මත හිස තබාගෙනය. අසරණ වූ මොහොතක ගිලෙන්නට යන මිනිසෙකු පිදුරු ගහක එල්ලී පණ බේරගන්නට තනනවාක් මෙන් මෙනුක එදා රැයේ රමිත් ව හමුවිය. ඒ සුපුරුදු බාර් එකෙන් හොඳටම බීමත්ව එලියට එද්දී පය පැකිලී වැටෙන්නට ගිය මොහොතකය. තමව කවුරුන් හෝ අල්ලාගත් බව තේරුණද ඒ රමිත් විය...
"මම සොෆ්ට්වෙයා ඉංජිනියර් කෙනෙක්.වැඩ කළේ එනිමෝ එකේ..මං හරි ආසයි මහන්සිවෙලා වැඩ කරන්න.ආශිකත් මාත් එක්කම එකට වැඩ කරපු කෙනෙක්.එයා එතන ක්ලැරිකල් වැඩක් කලේ.ආශිකා හරි  අහිංසක කෙල්ලෙක්..ගොඩක් දවස් වලට මම රෑ වෙනකන් වැඩ කළා.ඒ හින්ද කම්පැනි එක  මට බොහොම හොඳට සැලකුවා.මම ආශිකාව කසාද බැන්දේ හරිම සන්තෝසෙන් ... බලාපොරොත්තු පිරිච්ච හිතකින්.. මට...
"අනේ මන්දා පුතේ මෙනුක මෙහෙටත් කතා කරා. තාත්තාට හොඳටම තරහ ගිහින් හිටියෙ. මොනවද මොනවද කිව්ව මං දන්නෙ නෑ" අම්මා උන්නේ කණස්සල්ලෙනි. ටින් කිරි තේ පාටියේ උණුසුම් සතුට විනාස කරමින් මෙනුක ඒ මොහොතේම කතා කලේ ඇයිද කියා අරුණලී දිගින් දිගටම සිතුවාය. "ප්ලීස් මෙනුක මම කිව්වනෙ මට කෝල් කරන්න එපා. එක එක දවසට...
"ඔන්න අපි ට්‍රීට් දෙන්නෙත් මෙහෙම" "ගන්නෙත් මෙහෙම" කියා මහ හඬින් සිනාසෙමින් කේශීනි සමග ටින් කිරි තේ වීදුරුවට චියර්ස් දැම්මේ භාශිත ය. අරුණලී උන්නේ ටින් කිරි තේ වීදුරුව අතේ තබාගෙන සෙමින් හුලං පිඹිමින් එය් නිවෙන්නට් හැර ය. බ්‍රහස්පතින්දා දවසක් නිසා කණ්ඩායමේ සියලුම දෙනා මේ ටින් කිරි තේ පාටියට ආවේ නැත. සමහරුන්ට ගෙදර...
ලෝකය මතින් විවිධ ඍතු ගෙවී යන්නේ ය. කුණාටු, සුළි සුළං, ටර්නාඩෝ, සුනාමි සේ ම කටුක ඉඩෝර ද සාගත හා වසංගත ද පැමිණෙන්නේ ය. යම් කිසි කාලයක් දරුණු පීඩා සිදු කරනා නමුදු, වසන්තයකට සේ ම කුණාටුවකට ද එක තැන නතර වී සිටිත නො හැකි ය. පැමිණියහොත් ඒවා යළි නික්ම යා...
මෙච්චර වෙලාවක් එක දිගට විස්තර කතා කරගෙන ආපු අපි තුන්දෙනා වචන අමතක වෙලා වගේ අපි තුන්දෙනාගේ මූණවල් දිහා බලාගෙන හිටියා. තීරණයක් ගන්න බැරි එක තැනකට ඇවිල්ලා හිර වෙලා කියලයි මට හිතුනේ. "දැන් වෙලාව රෑ 12යි...තව ටිකකින් මේගොල්ලෝ අපිට යන්න කියලා කියයි.අපි මෙහෙම කරමු.හෙට මම ප්‍රහාණ් ව එක්කගෙන මෙතනට එන්නම්. මම...
එදා අපේ සාකච්ඡාව ඉවර වෙලා ගෙදර ආවට පස්සේ ආයිත් ඉක්මනින්ම අපි තුන්දෙනාට වෙලා කතා කරන්න ගොඩක් දේවල් තියෙන බව මට මතක් උනා.ඒ වගේම ප්‍රහාන් ව ඒ ගොල්ලන්ට මුණ ගස්සන්න ඕනේ කියන එකත් මගේ ඔළුවේ තිබුණා.එදා සාකච්ඡාවෙන් දවස් පහකට පස්සේ කොහොම හරි අපිට ආපහු හම්බවෙලා කතා කරන්න පුළුවන් වෙලාවක් දාගන්න...
"උඹ දැන් රමිත් එක්ක කතා කරන්නෙත් නැද්ද??" කුමිල ඇහුවේ උදෑසන වැඩට යන අතරවාරයේය. විවාහය බිඳ වැටී මෙනුක යලි ඔස්ට්‍රේලියාව බලා ඇවිදින් දැන් මසක් ගත වී ඇතත් මෙනුක සහ රමිත් අතර පෙර තිබූ සබඳතාවය කෙසේ වෙතත් මිතුදමක්වත් නැති බව කුමිල ඇතුලු අනෙක් මිතුරු මිතුරියන් සියල්ලන්ම දැන උන්නහ. එයට හේතුව ද...
උදාරි හෙමි හෙමිහිට සුව වෙමින් සිටියා ය. මුලින් ම ප්‍රබෝධවත් වී ආවේ ඇගේ සිරුරයි. මුලින් වැහැරෙන්නට පටන් ගත්තේ ද සිරුර ය. සිය සැමියා විසින් ඇයව ඒ අඳුරු කුටිය වෙත ගෙන ගිය දවස උදාරි ගේ දිවියෙහි අඳුරු ම දිනයයි. එහි ඇය සදාකාලික සිරකාරියක වූ බව දැනෙත්දී ඉන් මිදීගන්නට උදාරි හැම...