Novels

පොත් කාමරයේ වූ කෙටි සෙටියේ ගුලිව නින්දට වැටී උන් යුවතිය ඉන් පසුව ඉතාම සීරුවෙන් මන්දාරම්ගේ හදවත් සයනය මතට වැඩියාය. වැඩියා නොව, මන්දාරම් බලෙන්ම ඔසවා ඇය තම හද සයනයේ සතපවා ගත්තාය. ඉන් පසුව නිම්නාවී දෙස බලා උන්නාය. ඇගේ අතකින් පහලට වැටී තිබුණේ කෞශල්‍ය කුමාරසිංහගේ මේ රහස් කවුළුවෙන් එබෙන්න පොතෙහි අලුත්ම...
ශාර්වරී එදා වැඩට ගියේත් හිනාවෙවීය. එදා පාට් ටයිම් එක වැටී තිබුනේ උදේ වරුවේ හන්දා, දවල් දෙක තුන වෙද්දී ගෙදර එන්න පුලුවන් බව දන්න එකම හිතට සැනසීමකි. ඒ උනාට අද නෙවින් සේනාරත්න ගෙදර ඉන්නවද නැද්ද කියා දැනගන්න විදියක් නැති එකේ හිත නම් කිව්වේ “එයාව දකින්න ලැබුනෙ නැත්තම් අද ගිහිල්ලත් වැඩක්...
අමාගී එදා උදේ කෑම ලෙස සූදානම් කළේ ස්පැගටි ය. ඒ ස්පැගටි පැකට් දෙක පැන්ට්‍රි කබඩ් එක ඇතුළට ඇවිත් මාසයකට ආසන්න වීමට එයි. ඒවා පසුගිය වතාවේ ගෙදරට මාසිකව අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගෙන එත්දී මණී විසින් ගෙන එන ලදී. ගෙදර කොල්ලන් උදේට "බත්ම කන්න පුළුවන්ද අප්ප" කියා කණිපින්දම් කියන වෙලාවකට සකසන්නට...
ජිනේන්ද්‍ර එක් පසෙකද, මන්දාරම් තවත් පසෙකද, චානක මන්දාරම් අසලින්ද, ප්‍රියලාල් තවත් පසෙකද, ස්වර්ණා තවත් පසෙකද, නිම්නාවී මේ සිදුවීමෙන් වෙනස්ම සිදුවීමක් නිසා තවත්  පසෙකද  හුදෙකලා වීම සොයමින් උන් හ. මන්දාරම් චානක ද සමඟින්ම මනෝ උපදේශකවරයෙකු හමුවී, ස්වර්ණා , ප්‍රියලාල්, සරත් , ජිනේන්ද්‍ර සහ තමා අතරේ එක්වරම මතුවූ බැඳීම ගැන සියලු විස්තර...
නෙවින් එදා ක්ලබ් එකට ගියේ ජෙහාන් කතා කර එන්නම කිව්ව හන්දාය. ඒ ඇරෙන්න නෙවින්ට ඕන උනේ ගෙදරට වෙලා ටිකක් නිස්කාංසුවේ ඉන්නය. හවස් වරුවේ රෙස්ටුරන්ට් එක පැත්තේ ගොස් ශාර්වරී ඉන්නවද කියා බලන්නය. “අද දවල් අම්මට මහන වැඩ ටිකකට උදව් වෙන්න වෙන හන්දා වැඩිය කතා කරන්න වෙන්නෙ නෑ” කියා ශාර්වරී මැසේජ් එකක්...
ටික කලක පටන් අශ්විනී ගේ හිතට නිවනක් නැත. ඒ අමාගී නිසාවෙනි. ඇය කවදත් ආයු ට ආදරය කළ බව අශ්විනි දනී. නිධී සිටින කාලයේ දී ඇය හැන්දෑ වරු වල මල්වත්තගේ ගෙදරට ඇවිත් දුරකතනය ඔබමින් හෝරා ගණන් ගත කරයි. ඒ අමාගී ආයුව බලා ගන්නා බව දන්නා නිසාවෙනි. ආයු වූ කලී හුරබුහුටි හුරතල්...
අක්කාගේ සැහැල්ලු බව ගැන දිලුම් රන්දුලා සමඟ කතා කලේ අප්‍රමාණ සතුටකිනි. අත්වැරදීමක් ලෙසින් වූ රිය අනතුර නිසා අක්කාගේ ජීවිතය නොසෑහෙන අඳුරකට වැටිය හැකිව තිබූ බව දිලුම් දනී. එහෙත්, අක්කාම නොසිතූ ලෙසින් ඉදිරිපත් වී ඒ වෙනුවෙන් විසඳුමක්ද සොයා ගත්තාය. ඒ වෙනුවෙන් සියලු සැලසුම් සකසා අක්කාට ඒ සඳහා උදවු කිරීමට හැකිවීම...
21 “ආදරය නම් මෙය විය යුතුය නොදැක්කත් හිත මල් පිබිදිය යුතුය දහදිය වගුරුවන මොහොතක වුව හිත වසත් උයනක් සේ සැරසිය යුතුය” ඒ කවිය ශාර්වරී නෙවින් වෙනුවෙන් ලිව්ව, නෙවින් විසින් හිත අස්සේ හින් සැරේ වගාකරමින් උන් අමුතුම අන්දමේ හැඟීම් සමුදායක් ගැන ලිව්ව පලවෙනි කවිය විය. ඒ කවිය ශාර්වරීගේ ශාරා රයිට්ස් පිටුවේ පලවුනේ පින්ටරස්ට් එකෙන් හොයාගත්ත...
උදය වන විට ආර්ය ට සහලවා උණ ගැනී තිබිණ. කැස්සක් ද සෙම් ගතියක් ද ඇති වී තිබුණෙන් එය වෛරස උණක් බව අනුමාන කළ හැකි විය. දරුණු හිසරදය නිසා ඇස් ඇරගන්නට බැරිව ඔහු ඇඳට ම වැටී සිටියේ ය. රාත්‍රියේ අමාගී ගෙන ගොස් තැබූ බත් පිඟාන වැසූ පරිදි ම තිබිණි. "ඉතිං මේ...
35 මන්දාරම් පැවසූ සියල්ල ජිනේන්ද්‍ර අසා උන්නේ විශ්වාස කිරීමට අපහසු සෙයකිනි. කතාවේ හැම කොනකම වූ සංවේදී අන්තයන් හි ජිනේන්ද්‍රද මන්දාරම් සහ චානක සෙයින්ම ගොලු වූයේය. ඔහු මන්දාරම් සහ චානකට වඩා කම්පනයට පත් වුවාය කීවාට එහිද වරදක් නැත.  අවසානයේ ජිනේන්ද්‍ර මන්දාරම්ට සමුදුන්නේය. " උඹ තාත්තා එක්ක කතා කරපං.. අපේ අම්මා ඔය කතාව මට...