"මට ප්‍රපෝසල් එකක් ආවේ කාගෙන් ද?"
අමෝද අයියා සිනාබර වතකින් හදිසියේ අප සොයා පැමිණීම සමඟ නංගිගේ ආරංචිය සමපාත කරමින් මම ඇසුවෙමි.
"මාලිනී නැන්දා ආවා.එයා ගෙනාවේ.."
නංගි කියන්නේ සමච්චල් හඬකිනි. සීතල බැල්කනියේ හිඳ ගැනීමට මට ඕනෑ වූයේ නැත. නමුත් දෙපා පණ නැති වෙද්දී මට හිඳ ගැනීමට සිදු විණි.
"මොකක්…"
"ඔව්! අම්මා නම් කැමැත්තක් අකමැත්තක් කිව්වේ...
"නෙත්මි බ්‍රේකප් වෙලා කියලා ආරංචියක් ආවෙත් නෑනෙ"
එදින සවස මා ඒ කතාව හෙළි කරද්දී ඊෂා පැවසුවේ කුතුහලයෙනි. අයියා සමඟ ව්‍යාපාර කටයුතු වලට ගොස් යළි පැමිණි දිනුක ද නිවසේ වූ නිසා ඒ කතාව එක්ව බෙදා ගන්නට අපට හැකි විණි.
"හරි එයා බ්රේකප්මයි කියමුකො. ඒත් ඔය නෙත්මිලා එක්ක මලිඳු ඔච්චර ෆිට් වුණේ කවද්ද...
හිමල්ක බොහෝ වෙලාවක් මට සවන් දුන්නේ ය. ප්‍රශ්නයක් අසන අතරම විසඳුම් සෙවීම දිනුකගේ සිරිත ය. ඊෂා කරන්නේ ගැටළුව ගැන බියපත් ව හෝ කෝපයට පත් ව කෑගැසීම ය. කලබල වීම ය. එහෙත් හිමල්ක බොහෝ විට කරන්නේ ඕනෑ තරම් වෙලා කියවන්නට ඉඩ හැර අසා සිටීම ය.මේ හැම ක්රමයම සාර්ථක වන තැන්...
දිනයක් පුරා පැවති මිහිර සේදී ගියේ ඉක්මනින් ය. හිමල්ක අපව නිවසට හැර දා යන්නට ගියේ වදනකුදු නොදොඩා ය. ඊෂාත් මාත් දෙඅත් පටලා නිවසට ඇවිද ආවේ කල්පනාබරව ය. අයියා කොහේ යන්නට ඇති දැයි සිතමින් මම කාමරයට පැමිණියෙමි. ඇඟ සෝදා ඇඳට වැටුණ ද මට නින්ද ළඟා වූයේ ම නැත. ඊෂා කාමරයේ...
මල් ඉහිරී ගිය උපන් දින කේක් එකටත් වඩා මගේ හිතේ මල් ඉහිරෙමින් පැවතිණි. මගේ ළඟම මිතුරන්ට මා සිහි වීම මොනතරම් ආනන්දජනකදැයි සිතමින් මම හිනැහෙන්නට තැත් දැරීමි. නමුත් කඳුලක් දෙකම්මුලේ රූරා වැටුණේ මට නොදැනී ය.
"කේක් එක කපමු.."
ඊෂා මගේ මේසය දඩිබිඩියේ අස් කළා ය. අමෝද අයියා කේක් එක මේසය මත තබා...
ඉතා කාර්යබහුල කාලයක් උදා වී තිබිණි. අම්මා සම්පූර්ණ කැමැත්ත පළ කළ පසු අමෝද අයියා අපේ ගොවිපොළෙහි එළවළු මිලට ගන්නට ගිවිසුම් සැකසී ය. හිත මිතුරුකම් මත පදනම් නොවී ව්‍යාපාරික පදනමින් ඔහු සියල්ල සැලසුම් කරද්දී ඔහු අප රවටන්නෙකු නොවන බව මම වටහා ගනිමින් සිටියෙමි. මගේ තාත්තා ජීවිතය පටන් ගත්තේ බොහෝ පහළ...
ඊෂා ඇත්තේ හඬමින් විය යුතු ය. මලිඳු මහත් වැර වෑයමකින් ඈ සනසන්නට තැත් දරමින් සිටියේ ය. ඊෂා හඬද්දී නැළවීම අසීරු බව මම දනිමි. පෙම්වතා සමඟ කෝප වී හඬන යුවතියක නැලවීම කොහොමටත් පහසු නැත. නමුත් මලිඳු ඈ සනසන්නට යාම ගැන නොපහන් සිතුවිල්ලක් හිතට නැඟීම වැළක්වීමට මට නොහැකි විණි. ඊෂා හඬමින්...
මම අම්මාත් අමෝද අයියාත් මඟ හැර මුළුතැන්ගෙයින් පිටතට ආවෙමි. මගේ හිතට දැනුණේ අප උගුලකට හසු වන්නට යන බව ය. මිනිසුන් තමාගේ කාර්යය වෙනුවෙන් අනෙකා පාවිච්චි කරන බවට අමෝද අයියා ම පවසා එතරම් වෙලාවක් ගොස් නැත.ඉතින් දැන් ඔහුත් සැරසෙන්නේ එයටම බව මට සහතික ය.
ඊෂාත් දිනුකත් කතාබහක ය. එතැනට ගොස් ඔවුන්ට...
මලිඳු මහත් සැහැල්ලුවෙන් අම්මා සමඟ කියවමින් සිටියේ ය. අපේ ගෙදර පිරිමි දරුවෙකු සිටියා නම් මෙවැනි සැහැල්ලු දසුනක් විරල නොවනු ඇතැයි හිතට දැනෙද්දී මට අඬන්නට ඕනෑ විය. එහෙත් අමාරු සිනාවක් සොයා ඔහුට විසි කරගැනීම මට අසීරු වූයේ ද නැත.
"ඔයාලා එක්ක එන්නත් තිබ්බා.. පස්සෙ මතක් වුණේ.."
මා හදිසියේ ආවාට ලොකු කතන්දර කී...
අමෝද අයියා වහා ආපසු හැරුණේ කිසිවක් අමතක ව ගිය බවක් හඟවමිනි.
"මොනවද අනේ ඔයාලා මේ බලන මලකෝලං.. වැඩකට නැති මිනිස්සු ඇවිල්ලා ඕප දූප කියෝනවා.. ඔයාලත් බලනවා.."
මල්ලිලාත් නංගිලාත් කලබලව ගිය හ. සේවකයන් ලෙස අප කිසිදා ඔවුන්ට සලකන්නේ නැත. එහෙත් පාඩම් කරන්නැයි නිතරම මගෙන් බැනුම් අසන නිසා ඔවුහු මට තරමක් බියක් දක්වති....