සියක් සියපත්

ධනවත් මිනිසුන් ගැන කුඩා කල පටන් සියපත් ගේ මනසේ ඇඳී තිබූ චිත්‍රය අඳුරු එකකි. ඔවුන් වූ කලී දුර්වල මිනිසුන් සූරා ගෙන කන, ඔවුන් ගේ රීරි මාංශය සප කොට දමන, ඔවුන් පාගා චප්ප කොට දමන අමානුශික වූ රාක්ෂ ආත්ම සේ ඇය සිතා සිටියා ය. තාත්තා, ශාන්ත තරුණ වියෙහි දී රියදුරෙකු...
සියක් සියපත්
මදිරා ලැප් ටොප් පරිගණකය ඔස්සේ නරඹමින් සිටි ටෙලි කතාව අතැඟිල්ලකින් නතර කොට සදාතන දෙස බැලුවා ය. ඇගේ මූණ මඳහසකින් හැඩ වී මලක් සේ පිබිදී තිබිණ. මීට මොහොතකට පෙර සදාතන විසින් අසනා ලද පැනයට වාචික පිළිතුරක් නොවී ද, ඇගේ වත මත වන සිනහව නිහඬ පිළිතුරක් සේ ය. "මොනාද බලන්නෙ අක්ක..." සදාතන වඩාත්...
සියක් සියපත්
උදේ ම මදිරා ට ශාරීරික ව්‍යායාම ලබා දීම සිදු වේ. පා ඇඟිලි තුඩු වල සිට ම ස්නායු සංවේදනා වර්ධනය කිරීම සඳහා ඒ ව්‍යායාම ඉවහල් වේ. සාමාන්‍යයෙන් ඇය මේවාට දැන් කැමති ම නැත. අවුරුදු දෙකක් තිස්සේ සිදු කළ කිසිවකින් කිසිදු වෙනසක්, යහපතක් සිදු නොවූ බව මදිරා දනී. මුලදී ඇය අපේක්ෂා...
සියක් සියපත්
කහවණුගොඩ මන්දිරයේ රාත්‍රී කෑම මේසය සූදානම් වී තිබිණි. එය කවදත් සරුසාර වූවකි. නමුත් මදිරා ගේ රිය අනතුරෙන් පස්සේ ඒ කෑම මේසයෙහි ඊට පෙර වූ සතුට ක්ෂය වී යන්නට ගති. පුරුද්දට වාගේ මේසය ළඟ හිඳ ගෙන කෑම ගත්තා ට මයිකල් කහවුණුගොඩ ගේ සේ ම ඔහු ගේ නිවුන් පුතුන් දෙදෙනා ගේ...
සියක් සියපත්
ඒ මන්දිරයෙහි සේවයට සේවිකාවන් කිහිප දෙනෙකු ම සිටිනා බව සියපත් ට දැක ගත හැකි විය. මදිරා ගේ පිරිසිඳු කිරීම් හා ආහාර සැපයීම් වෙනුවෙන් මැදි වියෙහි කාන්තාවක සිටියා ය. ගෙදර පවිත්‍රතා කටයුතු ද ඉහුම් පිහුම් ද වත්තේ පාලනය ද වෙනුවෙන් වෙන වෙනම සේවිකාවෝ සිටියහ. ඔවුන් සියලු දෙනා හැඳින ගත හැකි...
සියක් සියපත්
සියපත් සඳපිනි සූරියගොඩ ලක ලැහැස්ති වී මුළුතැන්ගෙට ආවා ය. එතකොටත් අම්මා, සුජීවා, ඉඳි ආප්ප වට්ටි වලට ඉඳි ආප්ප මිරිකමින් සිටියා ය. තාත්තා, ශාන්ත, ලොකු රාස්පානක කිරි හොද්දක් ළිප තියාන කාල් ගාමින් සිටියේ ය. මුලින් ම සිදු වූයේ සියපත් ගේ පපුව දැවී යන එකයි. ඇය පෙනහලු පිරෙන්නට හුස්මක් ගත්තා ය....