සියක් සියපත්

සියක් සියපත්
රියදුරු ජගත් ට කියා සියපත් හන්දියේ බොජුන් හල අසලින් රිය නවතා ගත්තා ය. ඇය ඇතුළට ගියේ වියානා ගේ අතින් අල්වා ගෙන ය. සුජීවා සේ ම ශාන්ත ද ඒ ලස්සන හුරුබුහුටි කෙල්ල දෙස බැලුවේ මඳ විමතියකිනි. සියපත් ගේ මිතුරියන් හැම කෙනෙකු ම වාගේ ඔවුන් හඳුනයි. ඇය වැඩිපුර මිතුරු ඇසුරක් කළ...
සියක් සියපත්
මදිරා ගේ හදවත තුළ දීර්ඝ වූ ශිශිරයක් පුරා  බීජෞෂණ සමයක් පසු කළා වූ එක පුංචි බීජයක්, පෙති දෙපෙති විහිදමින් ප්‍රරෝහණය වෙන්නට දරනා තැතක් ඇයට දැනේ. ඒ සියුම් පත්‍ර වල පහසින් ඇගේ හද මිහිරට පත් වේ. කිති කැවේ. තවමත් පොහොට්ටු සමයක් ගත කරනා, පිපෙන්නට නියමිත මලක් ගැන සුවඳ පොදක් ඉහිරවයි....
සියක් සියපත්
සියපත් හා පංකජී එක්ව පෙර දා රාත්‍රියේ අලුත් කඩ දොර හරහා හරස් අතට දමනා ලද රතු පාට රිබන් පටිය කතුරෙන් කපා 'කෑම කාමරේ' අලුත් කෑම කඩය විවෘත කළේ ශාන්ත හා සුජීවා  ය. ගමේ කටයුතු වලදී මුල් පෙළේ සිටිනා කෙනෙකු ඒ සඳහා ගෙන්වන්නට ඔහු උත්සාහ කළ ද සියපත් තරයේ කියා...
සියක් සියපත්
මන්දහාසයකින් වසා ගන්නට සිදු වන දුක තරම් බරැති යමක් හදවතකට වෙන දැනිය නො හැකි ය. සිනහ වෙවී මේ මොහොතේත් සියපත් ඔවුන් සමග කැරම් ගසමින් සිටියා ය. ඔවුන් යනු සනාතන, මදිරා හා වියානා ය. සදාතන කාර්යාලයේ සිට පැමිණ තිබුණේ නැත.  හදවතට දැනෙන්නා වූ මේ ශෝකී බව විශ්ලේෂණය කරන්නට සියපත් දන්නේ නැත....
සියක් සියපත්
තද නිල් පාට අහස මැද්දේ ලා සුදු පාට සඳ කිනිත්තක් මුදුන් වී තිබිණ. සියපත් සඳපිනි සූරියගොඩ අත් දෙක ඉණ මත තබා ගෙන අහස දෙස බලා සිටි දෑස් එහෙම ම කහවණුගොඩ මැදුර වෙත ගෙන ආවා ය. පවිත්‍රතා කටයුතු මුළුමනින් අවසාන වී තිබේ. කහවණුගොඩ පවුලට අලුතෙන් සම්බන්ධ වීමට යන ජයකොඩි පවුල...
සියක් සියපත්
කහවණුගොඩ මන්දිරයේ දෙවන මහලේ ටෙරසයෙහි වන සුදු ප්ලාස්ටික් මේසය මතට බීර බෝතල හා අයිස් කැට බඳුනක් ද කටගැස්ම හා අනුපාන වර්ග ද සැපත් වී තිබිණ. රෑ මැදියම තෙක් ද ඇතැම් විට ඊටත් වඩා ද දීර්ඝ විය හැකි කතා බහක් සිදු වනු ඇති බව සනාතන ට දැනෙමින් තිබිණ. සමහර වෙලාවට...
කහවණුගොඩ මන්දීරේ දැවැන්ත හා විසිතුරු වූ ආලින්දයට යාබද කෑම ශාලාවේ කෑම මේසය කදිම දිවා ආහාරයක් සඳහා ලක ලැහැස්ති වී තිබිණ. මයිකල් කහවණුගොඩ ගෙදරින් දිවා ආහාර ගන්නා දින වලට එහි අභිමානය වැඩි ය. විහිළු තහළු හා සිනහ අඩු ය. නමුත් ආදරයේ අඩුවක් ඇත්තේ නැති බව දැන් සියපත් සිය ඉවෙන් හැඳින...
සියක් සියපත්
සදාතන කහවණුගොඩ යමක් වැටහෙන්නට ගත් කාලයේ පටන් ජීවිතය ඉතා ප්‍රවේසමෙන් අත පත ගාන්නට උත්සාහ කළ තැනැත්තෙකි. විශේෂයෙන් ම හදවතක් සමග ගනුදෙනු කළේ ඒ වූ කලී බිඳිය හැකි බඳුනක් බව කල් ඇතිව ම දැන ගෙන වාගේ ය. අම්මා අකාලයේ ම මරණයත් එක්ක යන්නට ගිය දවසේ ඔහු ට ඒ ගැන ඒ...
සියක් සියපත්
සනාතන ට මහත් ලැජ්ජාවක් දැනෙන්නට ගති. සදාතන සියපත් ගැන සුවිශේෂ හැඟීමකින් පසු වෙන බව ඔහු ට දැනෙන්නේ දැන් ය. ඔහු වූ කලී සිය යෞවනයේදී හෝ කෙල්ලක ගැන උනන්දු වූ කොල්ලෙකු නොවන බව සනාතන දනී. කොටින් ම ඔහු ට යෝජනා වී තිබෙන වියානා ගැන හෝ කිසිදු හැඟීමක් සදාතන ට නොවූ...
සියක් සියපත්
කාමරයේ කුඩා ජනේලයෙන් සියපත් පිටත බලා සිටියා ය. එය සිරස් අතට යකඩ කූරු සවි කෙරූ, ලා නිල් පාට තීන්ත ආලේපිත කුඩා ලෑලි ජනේලයකි. ඒ තීන්ත වසර පහළොවකට විස්සකට කලින් ආලේපිත ඒවා විය යුතු බව, පතුරු ගැසුණු ජනේල පියන නිහඬව කියයි. යකඩ කූරු වල මළ බැඳී තිබේ. ශාන්ත ට සිය...