සියක් සියපත්

සියක් සියපත්
ඉරිදා ට එළිය වැටුණේ කල් ඇතිව ම ය. නැතහොත් ඒ රැයේ සියපත් ට හරි නින්දක් වූයේ නැත. හැමදාම හමු වෙන කෙනෙකු වෙනුවෙන් වුණත් බලාපොරොත්තුවක් දල්වා ගෙන හිඳීම තිගැස්මක් දනවයි. ඒ බලාපොරොත්තුවේ පහන අවට ආලෝක කදම්බයක් වැටී දීප්තිමත් ව ඇති අයුරු අයස්කාන්ත ය. ඇය ට සදාතන කහවණුගොඩ වෙනුවෙන් පිළිගන්වන්නට අවැසි...
සියක් සියපත්
දැන් ගෙදර තිබූ සිනා කතා හඬවල් කිසිත් නොමැති ව පාළුවට ගොසිනි. හැම හදවතකට ම ඒ පාළුව දැනෙන්නට ඇත. නමුත් එවැන්නක් අන්‍යන්ට නො හඟවා තම තමන් තුළ ඒ දරා ගන්නටත්, ළඟ ඉන්නා තමන්ගේ ම අය වෙතින් කිසියම් සුරක්ෂිත බවක් හා සංහිඳියාවක් විඳ ගන්නටත් ඔවුන් උත්සුක වන්නට ඇත. ගෙදර ප්‍රධාන දොරකඩ...
සියක් සියපත්
ඒ වෙලාවට කොහුවල හන්දිය සෙනගින් පිරී ඉතිරී යන්නේ කුහුඹු ගුලක් ඇවිස්සුණා මෙනි. දස දෙසින් ඇදෙනා පාසල් විශාල ගණනක සිසුන්ට එතැන සන්ධිස්ථානයක් වෙයි. සුපුන් පංකජී ව අල්ලා ගෙන ඇගේ ගෙලට පිහියක් තබත්දී එම සිදුවීම දුටුවේ සදාතන හැරුණු විට ළඟ ම උන් කිහිප දෙනා පමණකි. ඔවුන්ට 'හීක්' ගෑටවන්නට ඇත. මේ සෙනග...
පංකජී ඩෙස්ක් එක මත හිස තියා ගෙන නිසොලමනේ හිටියා ය. තද හිස රදයක් ඇයට දැනේ. ක්‍රීඩා උත්සවයේ පුහුණුවීම් නිසා වැඩිපුර ඉගැන්වීම් සිදු නොවීම ඇයට සහනයක් විය. අතැඟිලි වලින් ඕ නළල දෙපස තද කොට ගත්තා ය. කඳුළක් ඇස් පිල්ලම් වලට මිරිකී පිටතට පැන්නේ ය. "තමුසෙ මට කැමති වුන්නැත්තං මං තමුසෙගෙ අක්කව...
සියක් සියපත්
සියපත් සිටියේ ගේ අමදිමිනි. ගෙදරින් පිට වීමට පෙර හැමදාමත් පුරුද්දට ඕ ගේ මිදුල් ඇමදුවා ය. ඒවා ගැන සුජීවා ගේ ඒ හැටි උනන්දුවක් නැත. වෙලාවක් ද නැත. මේ ගරා වැටෙන්නට සූදානම් වන පැරණි නිවස අලුත්වැඩියා කොට වින්ටේජමය පෙනුම රැකෙන සේ පිරියම් කළ යුතු යයි සියපත් සිතුවා ය. කෑම කඩයෙන් ලැබෙන...
සියක් සියපත්
සියපත් හදවතින් දෙදරා ගියා ය. හදවතින් බිඳී ගියා ය. හැම සෛලයකට ම අභ්‍යන්තර ලේ වහනයක් සිදු වූවා සේ අප්‍රාණික වූවා ය. සුදු මැළි වූවා ය. හුස්ම ගැනීමෙනුත් පෙනහලු වල ගර්ථ බිත්ති බිඳී යාවියි සිතෙනා තරම් හෙමිහිට ඇය හුස්ම ගත්තා ය.  පංකජී සිටිනා වයසේ දී ගන්නා තීරණ වල බරපතලකම සියපත් සේ...
සියක් සියපත්
සනාතන අල්මාරි ලාච්චුව ඇරියේ සොයා ගත නො හැකි වූ ලියකියවිලි වගයක් සොයමිනි. එහි ඉදිරියෙන් ම ඒ මංජුසාව තිබිණි. සියපත් වෙනුවෙන් විවාහ යෝජනාවක් ගෙන එනු වස් මිල දී ගත් දියමන්ති මුදුව සහිත මංජුසාව! එය එසේ ම තිබියදී ඔහු මොහොතක් එදෙස බලා සිටියේ ය. ඉන්පසු එය අතට ගෙන විවර කොට බැලුවේ...
සියක් සියපත්
සියපත් සඳපිනි සූරියගොඩ දැන් දැන් කොළයක් නටුවෙන් ගිළිහෙන හඬටත් තිගැස්සෙන්නී ය. අල්පෙනෙති තුඩක් බිම වැටුණත් ගැස්සී බලන්නී ය. කිසිවෙකු උගුර පාදනවා ඇහුණත් වෙව්ලා යන්නී ය. එහැම විටෙක ම හද ගැස්ම වේගවත් වන හැටි ඇය අත්විඳී. යුවතිය පපුවට අත තබා ගෙන ටික වෙලාවක් හිඳී. කහවණුගොඩ මැදුරේ වියානා හිඳින වෙලාවට තත්වය තවත්...
සියක් සියපත්
සුජීවා ඉසිහින් ව ඉකි බිඳ හැඬුවා ය. ඒ ඉකි හඬ දූවරුන් ට නො ඇසෙන සේ ඕ තොමෝ හැකි තාක් හඬ පාලනය කළා ය. නමුත් නො හඬා හිඳිනට ඇය සමත් වූයේ නැත. "කෙල්ලට කරදරයක් වුණානං මට ඉඳල වැඩක් නෑ" සුපුන් කරන්නට ගිය නොසණ්ඩාලකම ගැන දැනගත් වෙලාවේ පටන් කී වතාවක් ඇය එහෙම කීවා...
සියක් සියපත්
වියානා ගැන විවාහ යෝජනාව ඉදිරිපත් වන විට සදාතන ගේ ජීවිතය හතර මායිමේ ගැහැනියක සිටියේ නැත. විවාහයක හෝ ස්ත්‍රියක ගේ අවශ්‍යතාවයක් නො දැනුණ හින්දා ඔහු ට ඒ යෝජනාවට එකඟ වන්නට ඕනෑ වූයේ නැත. නමුත් විරුද්ධ නොවූ නිසා කිසිවෙකුට එය වෙනස් කරන්නට ඕනෑ වූයේත් නැත. මදිරා හා සනාතන වුව සිතුවේ ඔහුට...