අහිමි සිහින

ahimi sihina
විවාහ වුණා කියලා චමල් පොඩ්ඩක්වත් වෙනස් වුණේ නැහැ.ඔහු හිටියේ නොනවත්වාම සාද පවත්වමින්.නොනවත්වාම යාලුවෝ එක්ක එහෙමෙහෙ යමින්.ඒක වෙනස් කරන්න කියලා ඔහුට මොනතරම් කිව්වත් ඔහු ඒකට ඇහුම්කන් දුන්නේ නැහැ.ඒත් මම ඔහුව වෙනස් කරන්න හැදුවේ සීමාසහිතව.කෙටියෙන් කීවොත් ඔහුට සමලිංගික යාළුවෝ බොහොමයක් හිටියා.ඒත් ඒවාට තහංචි දාන්න මට ඕනෑ වුණේ නැහැ.මම දැනගෙන හිටියා එහෙම...
ahimi sihina
මිනිස්සුන්ගේ වැරදිම මතක තියාගනිමින් කිසිම ගෞරවයකින් තොරව ඔවුන්ට සැලකීම මහා නරක දෙයක් කියලා මම විශ්වාස කරනවා.කාලයක් එක ගෙයක්,එක ඇඳක් බෙදා ගත් මිනිසෙක්ට රිදවන්න මගේ අලුත් විවාහය ගැන කියලා තියන තරමක් බඩු මුට්ටු අකුලන් එන්න ඇත්තටම මට උවමනා වුණේ නැහැ.කෙනෙකුගේ වැරදිම දකිමින් වැරදිම කියමින් හිටියාට ලැබෙන දෙයක් නැති බව මම...
ahimi sihina
දෙදහස් දොළහ වසරේදී චමල් එක්ක මම විවාහය සිදු කරන්න හැම දෙයක්ම සූදානම් කරගත්තා.විවාහයට සූදානම් වෙනකොට මට අපේ ගෙදර අයගෙන් සිහි කැඳවීමක් ලැබුණා. "නුවර අසංකගෙ ගෙදර ඔයාගෙ බඩු කොච්චර තියනවද? ගිහින් ඒවා අරන් එන්න.." අසංකගේ මුළු ගෙදරම තියන බඩු මගේ වීම ඇත්ත.නමුත් මම දික්කසාද වෙලා දැන් සෑහෙන කාලයක්.ජීවිතේ සෑහෙන් දේවල් අහිමි වූවානම්...
ahimi sihina
මම මොකක් හෝ තරගයකට සහභාගි වෙලා පදක්කමක් දිනාගෙන ආපු බව රෝහලේ කාර්ය මණ්ඩලය දන්නවා.ඒ දිවීමේ තරගයකට සහභාගි වෙලා කියලා ඔවුන් හිතාගෙන හිටියේ. "දුවන්න ගිහින් වැටිලා පදක්කම් අරගෙන ම ඇවිල්ල.. එයාලා මට එහෙම හිනා වෙමින් හිටියාඅ.මම වෘත්තියෙන් සූපවේදිනියක බවත් මේ කේක් නිර්මාණ සම්බන්ධ තරගයක් සඳහා වූ පදක්කමක් බවත් කියන්නට සෑහෙන වතාවක් මට...
ahimi sihina
මම ගුවන් ගමනේ ඉඳන් හිතමින් හිටියේ මෙතනින් එහාට කරන දේ.මගේ කකුල කැපුවොත් මට ජීවිත කාලෙම ජීවත් වෙන්න වෙන්නේ රෝද පුටුවේ.මම ඒ ජීවිතයේ දරා ගන්නා ආකාරය මම කල්පනා කරා. "මට තව අඩු හෙනයක් විතරයි." අහස උසට ප්‍රශ්න එනකොට මිනිස්සු එහෙම කියනවා මම දැකලා තියෙනවා.නමුත් මට එහෙම ලේසියෙන් ජීවිතේ අත් අරින්න කවදාවත් හිතිලා...
ahimi sihina
දම් පාට වෙලා ගිහින් තිබුණු මගේ කකුල එකම තුවාලයක්.සැරව ගලමින් ඉදිමිලා තිබුණු ඒක දිහා ටිකක් වෙලා බලාගෙන හිටිය වෛද්‍යවරයෙක් මගෙන් ප්‍රශ්නයක් ඇහුවා. "ඇත්තටම ඔයා හොඳින්ද? කලන්තයක් එහෙම දැනෙන්නේ නැද්ද?" මම ඉඳලා තියෙන්නේ උග්‍ර දියවැඩියා මට්ටමක.කුඩා තුවාලයක් මහා විශාල වණයක් වෙන්න හේතුව ඒකයි.ඒ වෙනකොටත් හයසිය ගණනකට මගේ සීනි නැගලා තිබුණු බව කියමින්...
ahimi sihina
සිංගප්පූරුවේ තරගයට යන්නට දින කීපයකට කලින් මගේ කකුලේ සුළු සීරීමක් ඇති වුණා.මම ඒක පොඩ්ඩක්වත් ගණනකට ගත්තේ නැහැ.පුංචි සීරිමක් ගණන් ගන්නේ කවුද? ඒ නිසා මට ඒ ගැන ඇත්තටම හිතන්න කාලයක් තිබුණේ නැහැ.තරගයට සූදානම් වෙන්න දින තුනක් ලැබෙනවා.තරග කරන්න දින තුනක් ලැබෙනවා.මම ඊට අමතරව තවත් දවස් තුනකට ටිකට් බුක් කළා.අපි ටිකක්...
ahimi sihina
ජීවිතය මොන විදිහකින් ගලාගෙන ගියත් විය යුතු බව මම නිතරම හිතුවා.හොඳ ස්ථාවර රැකියාවක් ලැබුණාම බොහෝ දෙනෙක්ගේ හීන දෙකක් තියනවා. ඒ වාහනයක් සහ ගෙදරක්! මට මගේ මව්පිය උරුමයෙන් ලැබුණු ගේ තියනවා.නමුත් රැකියාවක් කරන දවසකට කෙසේ හෝ වාහනයක් ගැනීමේ ආසාවක් මටත් තිබූ බව මම දවසක් ලිව්වා ඔබට මතක ඇති.ඉතින් මට වාහනයක...
ahimi sihina
අම්මලාගේ කැමැත්ත අකමැත්ත ගැන වැඩිදුර නොහිතාම මම චමල්ව ඇසුරු කරන්න පටන් ගත්තා.ඔහුගේ අම්මලාවත් මට මුණ ගැහුණා.අපි ඇසුරු කරලා අනාගතය සම්බන්ධයෙන් තීරණයක් ගන්න ඕන කියලා මම හිතන්න ගත්තා. ඒ දෙදහස් දහය අවුරුද්ද.සුධාරකව මුණ ගැහිලාත් වසරක් ගෙවී ගිහින්.මට නැවත ඔහුට සමීප නොවී ඉන්නත් තදබල ලෙස ඕනෑ කරන්න ඇති.පවුලක් තියෙන ඔහුට ළංවීම වෙනුවට...
ahimi sihina
මේ වෙනකොට මගේ අම්මා තාත්තා දෙන්නා මට විවාහයක් කරලා දෙන එක අමතකම කරලා හිටියේ.සමහරවිට මම ගෙවූ ජීවන රටාව එක්ක ආපහු විවාහ නොවන බවට ඔවුන්ට හොඳ විශ්වාසයක් තියෙන්න ඇති.නැත්තං ඇත්තටම මාව අත්හැරලා දැම්ම ද කියලා කියන්න බැහැ.කොහොම නමුත් ඔවුන් උනන්දු නොවුණු නිසා මමම මගේ විවාහය ගැන හිතුවා. ගුවන් හමුදාවේ සේවය කරපු...