"ඇයි"
ආදරයෙන් අමතන්නට මඟ බැලූ කටහඬක් වියළි වී ගිය තැන යළිත් එය ආදරණීය නොවේ.දෙනෙත් මගේ ආදරය ඔහුට නොලැබෙන තැනට විනාශ කරගෙන අවසන් බව මට වැටහුණේ මගේ සතුට ළඟ රැඳෙන්නට ඔහු පැමිණෙද්දී ය.
"මම විෂ් කරන්න කතා කරේ.."
මිනිසුන් මොනතරම් ආත්මාර්ථකාමීදැයි සිතමින් මම හිනැහුණෙමි.ඔහුට දැන් මා ගැන අපුල පහ ගොස් අවසන් වී ඇති...
'තාත්තෙ,දෙනෙත්ට කතා කරන්න එපා.."
දියණියකගේ සතුට වෙනුවෙන් තාත්තා කෙනෙකු නොකරන දෙයක් නැත.එහෙව් කාරණාවක් ඇපයට තබා මගේ තාත්තා දෙනෙත් වෙත යැවිය යුතු නොවේ.තාත්තා ගෞරවයක් සහිතව ජීවත් වූ මිනිසෙකි.තාත්තා නොව අයියාවත් මගේ සතුට වෙනුවෙන් දෙනෙත් ඉදිරිපිට ආයාචනා කළ යුතු නැතැයි මම සිතුවෙමි.
තාත්තා මා දෙස බැලුවේ පැහැදිලි දෑසකිනි.ඒ ඉල්ලීම මා කරන්නේ සැබෑවටම ද...
"අම්මට එහෙම වුණේ ඇයි කියල මම දන්නව.."
මම එසේ කීවේ යහන මත හරිබරි ගැහෙමිනි.තාත්තා මඳ සිනාවකින් මා අසා සිටියේ ය.අම්මා මේ තරම් කාලයක් අප සමඟ තරහකින් හැසිරෙන්නේ අපි ඇගේ සිහිනය නොවූ නිසා ය.අම්මා යන චරිතය බෝසත්කමකට හරවාගෙන ඒ මත ඕනෑවට වඩා බර දැමීම නොකළ යුතු බව මට සිතෙන්නට ගත්තේ අම්මා...
මා දෙනෙත්ගේ ප්‍රේමය අයදමින් කළ උමතු දෑ තාත්තාට හෙළි කරන්නට මට බොහෝ වෙලාවක් ගත නොවිණි.ඔහු සවන් දුන්නේ ය.මම එක හුස්මට කියවමින් සිටියෙමි.
මට එක් දෙයක් අවබෝධ විණ.මට හොඳ සවන් දෙන්නෙකු අවශ්‍ය වී තිබී ඇත!
අම්මා, ඇය හිඳින්නේ ඇගේ ලෝකයක ය.ඇය සෑම ගැටළුවක්ම දෙස බලන්නේ ඇගේ කෝණයෙන් ය.ඕනෑම ප්‍රශ්නයක් මා ඇති කරගන්නේ...
සචිර අයියා පැමිණියේ මා දෙනෙත් ගැන තාත්තාට කියන්නට සැරසෙද්දී ම ය.මා කුමක් හෝ පළහිලව්වක පැටලී ඇතැයි සැකකරන තාත්තා එය සචිර අයියාගේ පිට දැමූ බව මට දැනුණේ තාත්තාගේ දෙනෙත් වලිනි.නමුත් ඔහු මා සමග කෝප්පයකින් ද නොවීය.තාත්තා සචිර අයියා සමඟ සංවාදයක් ඇරඹුවේ මා එතන ඇති බව ගණනකටවත් නොගනිමිනි.
"සූකිරියා..උඩ බලන් පාරේ යන්නෙ...
"තාත්තේ..මං ගාව ඉන්න.."
තාත්තාට වෙහෙස ඇති බව පවා නොසිතමින් මම පැවසීමි.තාත්තා හිනැහුණේ උස් හඬිනි.අයියා මවෙත ආවේ බොරු අමනාපයක් මවාගෙන ය.
"පේනවනෙ මම්මේ..ඔන්න ආයෙමත්.අපිව අමතක කරලම දාලා ඉතින්."
මම්මා හෝ අයියා මා ඔවුන් නොසලකා හැර නැති බව දනිති.ඔවුන් මේ කරන්නේ මගේ මානසික මට්ටම යහපත්ව තබා ගැනීම බව මම දනිමි.මම තාත්තාගේ ළය මත හිස...
මට බොහෝ වෙලාවක් මඟ බලන්නට සිදු නොවිණි.අයියා හවස් යාමයේ මා බලන්නට ආවේ ය.නමුත් නිර්මාණි අක්කා නොපැමිණියා ය.අයියාත් අක්කාත් සමඟ හදවත විවර කරන්නට සිටි මගේ මුහුණ දුකින් බර වී යන්නට ඇත.
"කෝ අයියේ අක්කි?"
අයියා මවෙත ආවේ හිනැහෙමිනි.ඒ සිනාව යට රහසක් ඇති බව මට සිතිණ.අයියාගේ හිනාව කොහොමටත් පියකරු ය.
"මෙයාට හසරැලි කියල නමක්...
"කොතන හරි හිරවෙලා එතනම නැවතුණාම මිනිස්සුන්ට කවදාවත්ම ඉස්සරහට යන්න බෑ දුව.."
සුගත් අංකල් මගෙන් සමු ගන්නට පෙර කීවේ ය.ඔහු හා ප්‍රේමය අතැර දමා තාත්තා හා විවාහ වන්නට තීරණය කර තිබුණේ අම්මා ය.ටික කාලයකට ගෙදර උදවියගෙන් ඈත් වන්නට සිදු වූ මුත් හිතුවක්කාර විවාහයක් මිස කළ හැකි වෙන කිසිවක්ම නැතැයි සුගත් අංකල්...
"අංකල්..ඔයා කියන විදියේ කෙනෙක් අපේ ගෙදරනම් නෑ.අම්මා ඇත්තටම හරිම සැරයි.අනික එයා චුට්ටක්වත් පිලිවෙලත් නෑ.."
මම හිතට ආ ආවේගයෙන්ම තෙපළුවෙමි.සුගත් අංකල් සුසුමක් හෙළා නිහඬවම සිටියේ ය.
"අංකල් විනාස වුණේ නැහැ වෙන්න ඇති.ඒත් අපේ අම්මා…"
අතීතය සිදු කළ දෑ නොඅසාම මම ඔහුට පැවසීමි.
"එයා තීරණ ගන්න බය වුණා..ඊටපස්සෙ එයා එයාටම රිදවා ගන්න පටන් ගත්තා.."
අංකල් කියන්නේ...
ආදරය අත්හැරී යාම මහත් වේදනාවක් බව මට වැටහී සති කිහිපයකි.නමුත් වසර විසිගණනක් තිස්සේ ඒ වේදනාව විඳින පුද්ගලයෙකු මා ඉදිරිපිට සිටගෙන සිටියි.මට ඝරසරප චිත්‍රපටිය සිහි විණ.සඳරැස් සහ විද්‍යා පරිපූර්ණ සමු ගැන්මක් ලැබෙන තුරුම විඳවූ අන්දම මසිතින් කිසිදා මැකී නොයන තරම් ය.නමුත් මගේ අම්මා සුගත් අංකල්ගෙන් පරිපූර්ණ ලෙස සමුගෙන නැති බව...