Stories

ahimi sihina
මට ඔබට කියන්නට මඟ හැරුණු කාරණාවක් තිබෙනවා.ඒ සුධාරක දකින්නට අපි ගියේ අනුරාධපුර රෝහලට බවයි.ඒ කාරණාව ගැන විශේෂයෙන් ලියන්නට අමතක වූ නිසා මම අද එය මුලින්ම ඔබට සිහිපත් කරන්නට සිතුවා.ඔහු මන්නාරම රෝහලින් අනුරාධපුර වෙත මාරු කර එවා තිබූ අතර අපට කොළඹ සිට යා යුතුව තිබුණේ අනුරාධපුරයටයි.නමුත් උදෑසන තේ බී හීන්...
සීත මාරුතේ
පාසල් සමයේ දී මා දඩබ්බර කෙල්ලකි. කොළඹ ජනප්‍රිය බාලිකා පාසලක දඩබ්බරකම් කරන්නේ කෙසේ දැයි දැන් කෙනෙකු තුළ ප්‍රශ්නයක් නැගෙන්නට පුළුවන. ඉතා ඉහළින් විනය ගැන සැලකිලිමත් වෙන, යාන්තමින් නියපොතු වැවී දැයි බලන්නට ශිෂ්‍ය නායිකාවන් පන්ති වලට කඩා පනින, කොණ්ඩ කෑලි මූණට වැටීම ආනන්තරීය පාප කර්මයක් සේ සලකන, නිල ඇඳුමේ වාටිය...
හිමගිරි අරණ
"හොඳ යාලුවෙක් වුණාම එහෙම වෙන්න ඕන මම හිතාගෙන හිටියේ නම්.කෙනෙක් දුකින් ඉන්නවත් නොදැක්කා වගේ ඉඳලා ඒ මනුස්සයා හදිසියේ ජීවිතේට මොනවා හරි කරගත්තාම ෆේස්බුක් එකේ හෑලි වැඩක් නෑනේ.හොඳ යාළුවෙක් නම් කරන්න ඕනේ ප්‍රශ්නෙ මොකක්ද කියලා එයත් එක්ක කතා කරන එක.ඒක මං විශ්වාස කරන් දේ" රවිඳු කියවා ගෙන ගියේ කෝපයෙනි.ඔහු සැබෑවටම හිමාෂා...
ahimi sihina
මම එදා උදෑසනම සුධාරකගේ මහ ගෙදරට ගියේ ඔහුව ඉක්මනින් දකින්නට යන්නට සිතමින්.ජීවිතේ දිගුම රෑ ගෙවා දැමූ මම උදෑසනම එහි ගියේ වහාම සුදාරක දකින්නට යන්නට සිතමින්.නමුත් ඔවුන්ට එසේ ඉක්මනින් ඔහු වෙත යන්නට උවමනාවක් තිබුණේ නෑ.සුදාරකගේ සමීපතමයන් මට කතා කරමින් ඔහුගේ තත්ත්වය මට දන්වමින් සිටියා. නමුත් රෝහල් කාර්ය මණ්ඩලය සහ එතැන රැඳී...
සීත මාරුතේ
අර ඈතින් පෙනෙනා මහ කන්දක් තරම් බරක් මගේ පපුව මත පැටවී තිබුණේ ය. එය හුස්ම හිර කරනා විදිහේ හැඟීමකි. මම අමාරුවෙන් හුස්ම ගනිමින් සිටියෙමි. ඒ රිදුම ගැන අර්ථ කතන දෙන්නට තරම් අවබෝධයක් මට නැත. සමහර රිදුම් වල දිග පළල ගැන කියන්නට සැබවින් ම අපි අපොහොසත් වෙමු. මිනිසුන් යනු වර්තමානය තුළ අප...
"ඔයාට ඔය තත්වෙන් තුෂාන් එක්ක ඉන්න බෑනෙ කසුනි.ඩිවෝස් එකක් දාන්න බලන්නකො." උමාලි එහෙම කිව්වේ මිතුරියගේ තුවාල වලට හැකි අයුරින් ප්‍රතිකාර කරන අතරේ.ඇයව රෝහලකට රැගෙන යා යුතු බව උමාලි දැන් කිහිප වතාවක්ම හිතුවා.නමුත් එයට කසුනිගේ ලොකු කැමැත්තක් නැති හැඩයි. "ඩොක්ටට සැක හිතුණොත් ආයේ ප්‍රශ්නයක්.පොලිසි යන්නවත් කියයි." ඇය මිතුරියට එහෙම කිව්වේ වේදනාවෙන්.කසුනිගේ වේදනාව තමන්ටත්...
හිමගිරි අරණ
ඒ මොහොතේ හිමාෂා කඳුළු නොපිසුවා නම් පාරමීට එතැනට පැමිණ විකාර කියවමින් හිඳීම පහසු කරන්නට තිබිණි.නමුත් හිමාෂාට රවිඳු ඉදිරියෙහි අඬන්නට සිදු වූයේ කුමක්දැයි ඈ කල්පනා කළා ය.  මේ කඳුළු ඈ වෙනුවෙන් වැටෙන ඒවා නොවේ! රවිඳු නැවත වතාවක් තමා ප්‍රතික්ෂේප කිරීම හන්දා හිමාෂාට අඬන්නට හේතුවක් නැති බව පාරමී සිතුවා ය.මින් පෙර දිනයකදී ද...
ahimi sihina
ඒ මොහොතේ සුධාරක ජීවිතයෙන් සමු ගනීවි යන අදහසක් මගේ තුන් හිතකවත් වූයේ නැහැ.ඔහුට සුළු ආබාධයක් මිස ජීවිතයත් මරණයත් අතර සටනක සිටින බව මට කිසිවෙකු පැවසුවේ ද නැහැ. ඔහුට පපු තෙරපුම ආදිය දුන් බව මට නිතර  නිතර පැමිණි දුරකථන ඇමතුම් වලින් කියවුණා.නමුත් ඒ තත්ත්වය බරපතළ බව කියන්නට නොවේ.සුධාරකගේ කාර්ය මණ්ඩලය මට...
සීත මාරුතේ
මා හිටියේ බෙංගාල බොක්ක තුළ පවතිනවා යි සිතිය හැකි විදිහේ කැළඹීමක ය. නේකාකාර කුණාටු සිතිවිලි විත් මගේ මනසේ ඒකාග්‍රතාව බිඳ දමන්නට ක්‍රියා කරමින් තිබිණ. මුණිවර රිය පැදවූයේ ඉතා හෙමිහිට කියා සිතමි. මගේ හිත ඊට වඩා වැඩි වේගයකින් දිව්වේ ය.  "මන්දාකිණී..." මම ඇතුළාන්තයෙන් ම වෙව්ලා ගියෙමි. ඔහු ගේ ස්වර සංගතියේ දෙදරීමක් හෝ...
හිමගිරි අරණ
ප්‍රේමයක බිඳ වැටීම හෝ විවාහයක බිඳ වැටීමට වඩා මවක දරුවාගෙන් වෙන් කිරීම ඉසිලිය නොහැකි වේදනාවකි.නීතිමය පදනම ඔස්සේ දිනාරාව වෙන් කිරීමේ ඉඩ අල්ප වුවත් මේ මොහොතේ හිමාෂා ඒවා නොසිතා අතිශය සංවේදීව හිඳින බව රවිඳුට වැටහේ.මේ මොහොතේ ඇයට ශක්තියක් වන්නට ඔහුට සිතුණේ එනිසා ය. "ඔයාට ඕනනම් ලෝයර් කෙනෙකුට කතා කරමු.උසාවියෙන් දරුවා ඔයාට...