Stories

සීත මාරුතේ
මම බිම බලා ගෙන ඉතාමත් හෙමිහිට කිම කිරමය දිව ගෑවෙමි. එහි වූයේ දිව්‍ය භෝජනයක රසයකි. මීට පෙර ඒ තරම් රස හිම කිරමයක් මා කිසි දා ක රස විඳ නැත! මා හිටියේ බිම බලා ගෙන ම ය. නමුත් මුණිවර ගේ ඇස් කාන්දම් සේ මා වෙත ඇලී ඇති බවක් මට දැනේ. ඒ...
හිමගිරි අරණ
දිනාරා මේ හදිසියේ හඳුනා ගත් ආගන්තුකයාගේ ගෙල බදා බොහෝ වෙලාවක් හුන්නා ය.ඇයට ඉනික්බිතිව කේක් කපන්නට පවා ඔහු ඕනෑ විය. "චූටි දූ අම්මා එක්ක කපන්න" අනවශ්‍ය ඕපාදූපයකට රවිඳු බඳුන් වේදැයි බියෙන් පාරමී හරස් වූවා ය.දියණියගේ උපන්දින ඡායාරූප වල ඇය දෙපසින් රවිඳුත් හිමාෂාත් සිටීම තරම් නොවේයැයි ඇය වහා තීරණය කළා ය.රවිඳු එවැනි ඕපාදූපයකට...
හිමගිරි අරණ
"පුතු,තාත්තිට එන්න වෙන්නේ නෑ හොඳේ" මහත් උද්‍යෝගයක් සහිතව උපන්දින සාදයට සැරසෙමින් සිටි කුඩා දිනාරා කලබලයට පත් වූයේ අම්මාගේ ඒ වචන වලට ය.තාත්තා කියන්නේ ඉඳහිට දකින චරිතයක් වූව ද අද ඇයට තාත්තා ඕනෑම බව සිතුණු දවසකි.ඇගේ පෙරපාසල් මිතුරු මිතුරියන් උපන් දින කේක් කපන්නේ අම්මාටත් තාත්තාටත් මැදිව ය.ඇයට ද තාත්තා ඕනෑ ඒ...
ahimi sihina
සුධාරකට රාජකාරි කටයුත්තක් සඳහා ඇමරිකාවට චාරිකාවක් යාමට ලැබුණේ ඔය අතරේදී.ඔහු ඒ ගමනට සැරසුණේ බොහොම ආශාවකින්.මට සුපුරුදු විදිහටම ඔහුගේ ගමන් මල්ල සැකසීමට පැවරුණා.ඔහු කෑම බීම ටික හරියට ගනීද වත් නොදන්න නිසා සැකසූ ආහාර,සැකසූ නූඩ්ල්ස් වර්ග,බිස්කට් ආදියත් යවන්නට මම අමතක කළේ නෑ.මොකද සමහර වෙලාවට ඔහුට කෑම බීම ගැන වගේ වගක් නැති...
සීත මාරුතේ
ගුරු නිවාසයේ මිදුලේ සමන් පිච්ච මල් ගාලෙන් මම මල් ටිකක් නෙලා ගෙන ගියෙමි. මිස්ට් ෆීල්ඩ් කාර්යාලයේ පොදු බරාඳය දොරකඩ අළු පැහැති කොංක්‍රීට් කුළුණක් මත වඩමවා ඇති ගලෙන් නෙලූ සමාධි බුදු පිලිමයකි. ඒ පිළිමයේ සමාධිය, එහි ගිය ප්‍රථම දින පටන් මා තුළ සමවත් සුවයක් ඇති කරයි. දැල්වෙන නිවෙන බෝ කොළයක...
හිමගිරි අරණ
"ලොකුවට කවුරුත් එන පාටි එකක් නෙවේ රවිඳු.ඔයාලා කීප දෙනෙකුයි නංගිගෙ යාලුවෝ දෙතුන් දෙනෙකුයි සහනුයි එයාගෙ වයිෆුයි විතරයි එන්නේ." දියණියගේ උපන්දින සාදය ගැන හිමාෂා එසේ පැවසූව ද කුඩා දියණියට හොඳ ත්‍යාගයක් ගන්නට රවිඳුට සිත් විය.අයියාගේ කුඩා පුතුට සෙල්ලම් බඩු මොනතරම් තිබුණත් ඇති වීමක් නැත.ඔහු ප්‍රිය කරන්නේ සෙල්ලම් වාහන වලට ය.එහෙත් මේ...
ahimi sihina
මාතෲ භාර්යාවක වන්නට හැම බිරිඳටම බැහැ.සුධාරක සම්බන්ධයෙන් මා එසේ වූ බව මම හැම මොහොතකම මතක් කරන්නේ සැනසිල්ලෙන්.මා ඔහුව දරුවෙකු සේ රැක බලා ගත්තා.ආදරේ කරන කෙනෙකුට වඩා මම ඔහුට මවක් සේ සැලකුවා.අවුරුදු පනස් හතරක වැඩුණු මිනිසෙකුගේ නියපොතු කපන්නටත් කන් සුද්ද කරන්නටත් පවා මම කටයුතු කළ බව ඔබ විශ්වාස කරනවද?මම එවැනි...
සීත මාරුතේ
උත්සවයක් සඳහා නැටුම් පුහුණු වීමක් තිබූ බැවින් මා යන විටත් නංගී ගෙදර විත් තිබුණේ නැත. ඒ නිසා මුණිවර ගැන කේළම කියන්නට කෙනෙකු සිටියේ නැත. කෙසේ වෙතත් ඔහු පාසලේ කාර්යාලයට පැමිණීමත්, අප්පච්චි ව දන්නා බව හැඟවීමත් නිසා හදවතේ අමුතු කිතියක් ඇති ව තිබිණ. කිසියම් මොහොතක ඔහු ගුරු නිවාසයට ගොඩ වෙන්නට...
හිමගිරි අරණ
දිනාරාගේ උපන් දින සාදයට යන්නට සූදානම් වී හිඳියදී මල්මි රෝගී වූවා ය.ඇය නොසිතන මොහොතකදී රෝගී විය හැකි බව සහන් දනියි.කුළුදුල් දරුවා ලැබෙන්නට ඉන්නා මවකට නොයෙකුත් අපහසුතා හිටිහැටියේ හට ගන්නට ඉඩ තිබේ.එනිසා ඒ රෝගී තත්ත්වය සාමාන්‍ය එකක් බව සිතන්නට ඔහු වෙහෙසිණ.ඒ සිතුවිල්ලට වෙනත් සිතුවිල්ලකට මාරු වන්නට ඉඩ නොතබාම සහන් හිමාෂා...
ahimi sihina
ජීවිතය ආදරයෙන් ගලා යමින් තිබුණා.ආදරණීය ජීවිතයක විස්තර ඔබත් සමඟ වසර ගණනක් කියන්නට මට පුලුවන්.ඒත් මගේ කතාව සරල සාමාන්‍ය ආදර කතාවක් නෙවෙයි.මේ සිහින හිමිව අහිමිව ගිය ගැහැනියකගේ කතාවක්.ඒ නිසා සුන්දර දවස් ගැන අසීමාන්තික විස්තර ඔබට කියන්නට මගේ බලාපොරොත්තුවක් නැති තරම්.ආදරය සහ ප්‍රේමය විවාහ ජීවිතයක් බොහෝ සුන්දර කරනවා.ලියනවා නම් එවැනි සුන්දර...