Stories

වස්සානය ඇරඹී තිබිණි. දරුණු ඉඩෝරයකට නතු ව තිබි දෙරණ තෙමාගෙන ඒ මුල් ම වැස්ස පතිත වූයේ රාත්‍රියේ මැදියමත් ඉක්මවා තිබූ හෝරාවක ය. ඒ වෙලාවේත් මම අවදියෙන් කල්පනා කරමින් සිටියෙමි. දැන් සතියක් ඉක්ම ගොසිනි. තවමත් මම කල්පනා කරමින් හිඳිමි. යුගාන්ත ගේ ප්‍රේමාරාධනයට තවමත් මා නිසි ප්‍රතිචාරයක් දක්වා තිබුණේ නැත. "අනේ මේ ගණං...
ඊෂා ඇත්තේ හඬමින් විය යුතු ය. මලිඳු මහත් වැර වෑයමකින් ඈ සනසන්නට තැත් දරමින් සිටියේ ය. ඊෂා හඬද්දී නැළවීම අසීරු බව මම දනිමි. පෙම්වතා සමඟ කෝප වී හඬන යුවතියක නැලවීම කොහොමටත් පහසු නැත. නමුත් මලිඳු ඈ සනසන්නට යාම ගැන නොපහන් සිතුවිල්ලක් හිතට නැඟීම වැළක්වීමට මට නොහැකි විණි. ඊෂා හඬමින්...
අසංක ගේ මෝටර් රථය මූල්‍ය සමාගමෙහි වාරික නො ගෙවීම මත ඔහු ගෙන් ලබා ගෙන තිබිණි. සීයා එය ඇසූ කල කට කොනකින් හිනැහෙනු මම දුටිමි. අත්තම්මා නම් කම්මුලක අතක් තබා ගෙන අනේ අපොයි යයි හැඟවූවා ය. "බලන්න අනේ කොච්චර නරකයිද එහෙම කරන එක…අපිට එක වාරිකයයිනෙ ගෙවාගන්න බැරි වුණේ…නේද…ඔය මිනිස්සුනං…" අම්මා ගේ රංගනය,...
මම අම්මාත් අමෝද අයියාත් මඟ හැර මුළුතැන්ගෙයින් පිටතට ආවෙමි. මගේ හිතට දැනුණේ අප උගුලකට හසු වන්නට යන බව ය. මිනිසුන් තමාගේ කාර්යය වෙනුවෙන් අනෙකා පාවිච්චි කරන බවට අමෝද අයියා ම පවසා එතරම් වෙලාවක් ගොස් නැත.ඉතින් දැන් ඔහුත් සැරසෙන්නේ එයටම බව මට සහතික ය. ඊෂාත් දිනුකත් කතාබහක ය. එතැනට ගොස් ඔවුන්ට...
අම්මා ගේ හිත නො රිදවනු වස් මගේ හිත රිදවා ගන්නට වුව සූදානමින් ළමා හා නව යොවුන් විය ගෙවූ දැරියක වන මම, වැඩිහිටි ලෝකයට අවතීර්ණ වීමත් සමග ඇයට අකීකරු වීමට යාම පිළිබඳ සිතිවිලි රෑ පුරා මට වද දුන්නේ ය. දරුවෙකු හා මවක අතර වන්නේ ශරීරාත්මක සම්බන්ධයකි. මම කාලයක් ඈ තුළ...
අමිත්, ඔහු වෘත්තියෙන් රූපවාහිනි සකසන්නෙක්. ඔහුට දිනක් සුන්දර කාන්තා කටහඬකින් ඇමතුමක් ලැබෙනවා. "අමිත් කරුණාකරලා හතට කලින් එන්න පුලුවන් ද?" ඔහු ඒ ඉල්ලීම ඉතා කාරුණිකව පිළි ගන්නවා. මාර්ගය ඉතා දුෂ්කර එකක්. දුර්ග සහිත මාවතේ පාලම් මතින් සීතල දරාගනිමින් අමිත් සහ ඔහුගේ ආයතනයේ රියදුරා ඒ රූපවාහිනි අලුත්වැඩියාව වෙනුවෙන් ගමනේ යෙදෙනවා. ප්‍රධාන මාර්ගයට ගසක් කඩා...
මලිඳු මහත් සැහැල්ලුවෙන් අම්මා සමඟ කියවමින් සිටියේ ය. අපේ ගෙදර පිරිමි දරුවෙකු සිටියා නම් මෙවැනි සැහැල්ලු දසුනක් විරල නොවනු ඇතැයි හිතට දැනෙද්දී මට අඬන්නට ඕනෑ විය. එහෙත් අමාරු සිනාවක් සොයා ඔහුට විසි කරගැනීම මට අසීරු වූයේ ද නැත. "ඔයාලා එක්ක එන්නත් තිබ්බා.. පස්සෙ මතක් වුණේ.." මා හදිසියේ ආවාට ලොකු කතන්දර කී...
නත්තසූරිය වැටට මත්තෙන් පෙනෙන බටහිර අහස හැන්දෑවට හරි ලස්සන ය. ඒ වර්ණ සංකලනයන්, දක්ෂ සිත්තරෙකුට වුව කළ හැකි දැයි, කොංක්‍රීට් බංකුව මත වාඩි වී අහස දෙස බලා ඉන්නා ගමන් මම සිතුවෙමි. සොබා දහම වූ කලී පුදුම අතරින් ද මහත් වූ පුදුමය යයි මම සිතමි. ඒ, සොබා දහම සියල්ල දන්නා...
අමෝද අයියා වහා ආපසු හැරුණේ කිසිවක් අමතක ව ගිය බවක් හඟවමිනි. "මොනවද අනේ ඔයාලා මේ බලන මලකෝලං.. වැඩකට නැති මිනිස්සු ඇවිල්ලා ඕප දූප කියෝනවා.. ඔයාලත් බලනවා.." මල්ලිලාත් නංගිලාත් කලබලව ගිය හ. සේවකයන් ලෙස අප කිසිදා ඔවුන්ට සලකන්නේ නැත. එහෙත් පාඩම් කරන්නැයි නිතරම මගෙන් බැනුම් අසන නිසා ඔවුහු මට තරමක් බියක් දක්වති....
අම්මා මගෙන් බලාපොරොත්තු වන්නේ කවරක් දැයි හරියට ම සිතා ගන්නට මා පොහොසත් වූයේ නැත. යුගාන්ත ට මා ලං වීම ගැන ඈ ඊර්ෂ්‍යා සහගත වූවේ වෙනකක් නිසා නොව මගේ ආදායම් පවා කලමණාකරණය කරන්නට ඇයට වන අවශ්‍යතාවය හින්දා කියා මම සිතුවෙමි. නමුත් තුෂී මා නො දකින පැත්තක් දැක තිබුණා ය. "යුගාන්ත එක්ක...