හෝටලයේ හිමි කරු වන මිටි මිනිසා, එහි සේවකයෙකු වැඩක් නොකර මොහොතක් හෝ සිටිනු දකින්නට රිසි වූයේ නැත. කා හටත් ඔහු ගෙව්වේ සොච්චම් වැටුපක් බව රංජනී නැන්දා කීවා ය. නමුත් ගෙවන වැටුප මෙන් දහ ගුණයකට වැඩි සේවයක් ලබා ගන්නට ඔහු වෙර දැරුවේ ය.
සේවකයෙකු සිය ආයතනය වෙනුවෙන් වැටුප මෙන් කිහිප ගුණයක...
ඒ රාත්‍රියේ තුරුලිට නින්ද දිගු විණි.දතක අමාරුවක් යැයි කාර්යාලයට ද පවසා නිවාඩුවක් දමන්නට ඇය තීරණය කළේ ඇඳේ එහෙමෙහෙ පෙරළෙමින් සිටිය දීම ය.
"අක්කා..අපි සිංහරාජෙ යනවා මේ වීකෙන්ඩ්.කෑම්පින් කරන්න තමයි හිතන් ඉන්නෙත්.ටිකක් හිත හරියන්න හිතාගෙන යං ද?
මැදියම් රැය ගෙවෙද්දී කාමරයට ආ සඳලි ඇසුවා ය.තුරුලි එකෙලමෙකෙල වන්නට ගත්තා ය.
"රනුක එන්නේ නැද්ද ඉතිං.."
අක්කා...
කනාමැදිරියෙක් එළියක් අරගෙන කළුවර අඳුරේ ගමනක් යමින් හිටියේ ය. ඒ කනාමැදිරියා ගෙන් වුව පාර අසන්නට මම නො පැකිළෙමි. පුංචි හෝ එළියක් ඌ ට තිබෙන්නේ ය. ඒ උගේ ම වන එළියකි. මටත් ඕනෑ එහෙම එළියක් බව මගේ ඇතුළාන්තය හෙමිහිට මුමුණා කියනවා මට ඇසුණේ ය.
තාරකා කෝටි ගණනක් දැල් වී තියෙන්නට පුළුවන....
හැන්දෑ අහස පඬු පැහැයට හැරෙමින් තිබිය දී තුරුලි දියත උද්‍යානයෙන් පිටතට ආවේ මුහුණ වැහෙන්නට සාරි පොට දවටා ගනිමිනි.ඉදිමී එන කම්මුල ලෝකයෙන් සඟවා ගන්නට ඇයට ඕනෑ විය.නමුත් දෑසින් උතුරා ගලා යන කඳුළු නිසා එකසිය හැත්තෑ හතරේ අංකය රැගත් බසයක් එනතුරු මඟ බලන්නට තරම් හැකියාවක ද නැත.අනෙක් කාරණය තවමත් කෝපයෙන් පුපුරා...
මම මග ට බැස්සෙමි. නමුත් කොහේ කොයි අත යා යුතු දැයි මට පැහැදිළි අදහසක් වූයේ නැත. මහියංගනයෙන් බසයට ගොඩ වෙන විටත් සිදු වෙන්නට නියමිත දෙයක් ගැන මා දැන සිටියා නොවේ. මවෙත වූයේ මගේ ඉරණම සොයා යෑමේ අවශ්‍යතාවය පමණකි.
තවමත් මා සිටියේ උසස් පෙළ ප්‍රතිඵල ආ ගමන් ය. පාසලේ ඉහළ ම...
දුරුතු මාසයේ සඳ පායා එන්නට අහස් තලයම පැහැදිලි වූ හැන්දෑවකදිනිඳු නිවසට පැමිණියේ සවස හයේ කණිසම ද ඉක්මවද්දී ය.මෝටර් රථය මිදුලේ නැවතෙද්දී ම හිනා කටක් පුරවාගෙන දිව එන ඉනුලි පෙනෙන්නට නැත.දිවා කාලය මුළුල්ලේ වෙද ගෙදර විසීමේ පිළිවෙල කඩින් කඩ නැවතී යාමෙන් ඈ ශෝකයෙන් දැයි ඔහුට හදිසි සිතුවිල්ලක් පහළ විණි.ඔහු නිවස...
මගේ රහස් පරීක්ෂක ඇස් දෙක මම මතු මහල පුරා දුවන්නට හැරියෙමි. මට නවාතැන් ලැබුණු කාමරයේ දොර විවර වන්නේ පටු කොරිඩෝරයකට ය. මේ කාමරයට සම්මුඛ ව තවත් කාමයක් ඒ කොරිඩෝරයට ම විවර වී තිබේ. කොරිඩෝරයෙන් සඳැල්ලට විවර වන පොදු දොරක් වන අතර, එය මතු මහලේ සිටින ඕනෑ ම කෙනෙකු ට...
"සාමාන්‍ය බ්‍රේකප් එකකට වඩා ජනිඳු එක්ක සිද්ධ වුණු ප්‍රශ්නෙ සම්පූර්ණ අවුලක් මචං..ඒ වගේ දෙයක් කරපු මිනිහෙක්ගෙ මුළු පවුලම එක්ක තරහ වෙන්න මේඝාට හිතෙන එක සාධාරණයි..මං වැරැද්දක් හිතන් නෑ.."
මේඝාට කතා කරන්නට උත්සාහ කළ වරුණව වළකමින් දිනිඳු පැවසී ය. සිනාව සහ ප්‍රීතිය උතුරා ගිය උදෑසනක් මූසල ස්වරූපයක් ගන්නට ගත වූයේ කොපමණ...
බස් රිය නගරයට සේන්දු වන විට හිරු පායා විත් තිබිණ. පැය ගණනාවක දිගු ගමන පුරා නින්දත් නො නින්දත් අතරේ විඩා පත් ව සිටි මගීහු සිය අඩුම කුඩුම ද ගෙන කලබලයෙන් බසයෙන් බසින්නට වූහ. ඔවුන් ට වූ හදිසිය මවෙත නොවූයෙන් මා අසුනෙන් නැගිට ගත්තේ හෙමිහිට ය. දෙපැත්තේ ම දොරවල් දෙස...
"මේඝා.."
ඒ හඬින් තමන්ගේ නම ඇසුණේ සය මසකටත් පසු බව මේඝාට සිහි විණි.වසරකටත් පෙර දිනයක මුල්ම හමුවේ දී ඇසුණු තරමටම ප්‍රේමණීය හඬකින් ඔහු තමන් අමතනු ඇසෙද්දී මේඝා සය මසක් දරා ගත් ආවේගය ද වේදනාව ද පිටාර ගලා යන්නට විය.
"ලැජ්ජා නැතුව මාව බලන්න ආවද මිනිහෝ.." හොරා කන්නට පැමිණෙන පූසෙකුට පවා යසා...