Stories

මිනිස්සු මදෙස බැලූයේ කොහොම ඇස් දෙකකින් ද කියා මම නො දනිමි. ජුගුබ්සාව හා වෛරය ඒ ඇස් වල කැළතී තියෙන්නට ඇත. ඒ ගින්නෙන් නො දැවී ඉන්නට තරම් මා මාර්ග එල අත්පත් කර ගත්තියක නොවේ. නමුත් හැකි තාක් ඒ ගැන නො හිතා මම වැඩ කළෙමි.  "අනගාරික ධර්මපාල තුමාත් කියල තියෙනවනෙ...මේ රටේ වැඩ...
දිනිඳු බොහෝ වෙලාවක් හුන්නේ කල්පනාවක ය.මේ ඇමතුම ගත යුතු එකක් දැයි සිතමින් ඔහු දිගු වෙලාවක් කල් මැරී ය.ඉනුලි සුව නින්දේ ය.ඈ සමඟ ගෙවී යන වෙලාව අල්ප වීම ගැන දිනිඳුට දැනෙන්නේ දරා ගත නොහැකි වේදනාවකි.රෝහලේ කාර්යබහුල වූ පසු ඩිස්පෙන්සරියේ කටයුතු වල නොයෙදී හිඳින්නට ඔහු අනේක වරක් කල්පනා කර තිබිණ.එහෙත් හැන්දෑ...
'ගෙදර යන්න හදිස්සිද' යන පැනය මගෙන් පමණකුදු නොව අශිකා ගෙන් ද කුලාන් විමසා තිබිණි. ඇය ඇවිත් ඒ බව කී නිසාවෙන් එතෙක් ඒ ගැන මසිත් හි වූ තිගැස්ම අඩු වී ගියේ ය. මම මට ම සිනහ වුණෙමි. ගැහැනු අපි පිරිමින් වෙතින් ඉතා කුඩා ඉඟි සොයමින් සිටිමු. ඒ ඉඟි මත දැවැන්ත...
"එයා නැති වෙලා අවුරුදු තුනක්.. බබාට අවුරුද්දක්වත් නෑ සමාධි අක්කා නැති වෙද්දි.." මේඝාගේ හදවත ශෝකයෙන් ගල් ගැසිණ.ඈ දස වියැති දැරියකව හිඳිද්දී අම්මා අහිමි වූ හැටි ඇයට යළි සිහි විණ.මේ කුඩා දැරියට අම්මා අහිමි ව ඇත්තේ මව් උණුසුම ඕනෑම වයසක දී ය.නමුත් තාත්තා තරම් ඉක්මනින් විවාහයක් ගැන නොසිතා කුඩා ළදැරියක රැක...
කුලාන් ගේ රියට නැග ගත් මම බිම බලා ගෙන මී පැටියෙකු සේ වෙව්ලන්නට වීමි. ඔහු රියට නැග මහ හඬින් දොර වැසුවේ මගේ හද ගැස්ම සිය දහස් ගුණයකින් වැඩි කරමිනි. නමුත් තවත් විනාඩි දෙක තුනකින් කාර්යාලය ළඟින් බහින තුරු ද හෙතෙම එකදු වචනයක් හෝ නො බිනුවේ ය. "මොකෝ" මා දුටු වහා ම...
වෙද ගෙදර දවස ඇරඹෙන්නේ අලුයමේ පටන් ය.ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරිනියක වූ පොඩි අක්කා ට එය මහත් පහසුවක් වුව ද නිවාඩුව ගත කරන්නට අක්කාගේ ගෙදර ආ විට මේඝා පාන්දර අවදි වීම ප්‍රිය කළේ ම නැත.නිවාඩුව නිවාඩුවක් වන්නට හොඳින් නිදා ගත යුතුයැයි තර්ක කරමින් ඈ නිදා ගත්තා ය. ඒ නිවාඩුව ගෙවන්නට...
නව යෞවනයේ දී ඕනෑ ම ගැහැනු ළමයෙකු ගේ හදවතට එබිකම් කරන ආදරයේ ළහිරු කිරණට වසා ගත් කවුළු ඇති ව සිටින්නට මම පෙළඹුණෙමි. ඒ තාත්තා ගේ උකුසු ඇස් හින්දා ය. මල් උයනක් රකිනා උයන් පල්ලෙකු සේ තාත්තා නිරන්තර මා වටා කැරකුණේ, සිය උයනෙහි සුපිපි හොඳ ම මල නන්නාත්තාරේ යන කොලුවෙකු...
ජනිඳු නිවසට පැමිණියේ මැදියම් රැය ද පසු වී හෝරා තුනක් ද ගෙවෙද්දී ය.මැදුරේ දොරටු විවර කරන්නට ඕනෑම මොහොතක සූදානමෙන් හිඳින සේවකයන් සිටිද්දී ඔහු රැයත් දහවලත් පටලවා ගැනීම ඇරඹුවේ නව යෞවනයෙකු කාලයේ සිට ය.අම්මා හඬා දොඩමින් විස්සෝප වෙද්දී පවා එය නැසූකන් ව හිඳින පුතෙකු වන්නට ඔහු අකාරුණික විය. "තාත්තගෙ අඩිපාරෙත් එකෙක්...
කුලාන් මගේ කුටියට ඇවිදින් අශිකා ට යාබද ව වූ අනිත් අසුනට බර වූයේ ය. ඔහු සිටියේ අසීමිත නිදහසකින් බව මට දැනිණ. ඒ වූ කලී ගගනත සරන තුරුණු විහඟෙකු ගේ චිත්තාකර්ෂණීය නිදහසයි. මම මහත් තෘෂ්ණාවකින් ඔහු දෙස බලා සිටියෙමි. කොන්දේසි විරහිත ව ගැහැනු ආත්මයක් මුළුමනින් වසඟයට ගන්නේ පිරිමියෙකු ගේ ඔය...
මේඝාට මේ නුපුරුදු තරුණයා සමඟ කතාවට වැටෙන සිතක් නොතිබිණි.නමුත් ඔහු තමන් වෙනුවෙන් ගමනක නිරතව පැමිණි කෙනෙකි.එනිසා ඈ ඔහු වෙත ප්‍රවේසම් සහගත සිනාවක් පා කළා ය. "වැව් හුළඟනෙ එන්නේ මේ වෙලාවට.සනීප ගතියයි තමා. ඒත් සෙම ඇවිස්සෙයි.. ගේ ඇතුළට ගියානං හරි.." ඔහු මේඝාට එසේ පැවසී ය. දින දෙකකට ආසන්න කාලයක් නොනවත්වා හැඬීම නිසා...