දේවපුර නිවසට අලුත් දිනක් උදා වී තිබුණද එය වෙනදා මෙන් නොවූයේය .නින්දත් නොනින්දත් අතරේ හුන් අශිකා අලුයම හතරට මුළුතැන්ගෙයට පැමිණ පුරුද්දට මෙන් කෝපි කෝප්පයක් පානය කළේ පෙර දින රැයේ රාත්‍රී ආහාරයද නොගත් නිසාය. කෝප්පය සෝදා තබා අශිකා නිසොල්මනේ තරප්පුව නැග තම කාමරයට යන්නට පෙර නිකමට මෙන් ආදිත්‍ය ගේ කාමරයේ...
ඒ පින්තූරය මලිත් ගේ වට්සැප් එක වෙත ආවේ මලිත් හිතුවෙවත් නැති වෙලාවකය. මේධාංගනී ගේ අපාට්මන්ට් එකේ බැල්කනියේ හිඳින තරුණයා කවුදැයි කියා හිතාගන්න පින්තූරය ඈත සිට ගත්තක් වුවද අඳුරගන්න මලිත්ට අපහසු උනේ නැත.
“උඹට ගහලා ඇති උනාට පස්සෙ මේධාංගනී අන්තිමේ ප්‍රභාත්ව දාගෙන” කියා පින්තූරය එව්ව මිතුරා කිණ්ඩි හිනාවක් සහිත එමොජි එකක්...
යසස්වි බෑග් එක තබා බසයෙන් බහින්නට සූදානම් වෙත්දී ම රියදුරු අසුන ළඟ දොර විවර වෙනු ද බසය හෙළවෙනු ද යළි දොර වැසෙනු ද දැනිණ. ඇය මඳක් එසවී බැලුවා ය. රියදුරු තැන අසුන වෙත සැපත් ව හිඳී. ඊළඟ නිමේශයේ රිය පණ ගැන්විණ. කුසගින්න අමතක කොට යසස්වි අසුනේ හරි බරි ගැහුණා...
හැන්දෑ වෙද්දි මේ කතාව දිග ඇරෙන ගම “හ්ම්” සද්දයක්වත් එලියට එන්නෙ නැතිවෙන්න ගෙවල් අස්සට වෙලා දොරවල් වහගන්නවා. මේ හැන්දෑ වෙලාවෙන් පස්සේ ගමේ පිරිමි නෙවෙයි ගෙයින් එළියට ආය මුත්‍තරා බරක් ආවත් එළි බැස්සේ.
කවුරුහරි පිරිමියෙක්ට මුත්තරා කරන්න එළියට යන්න උවමනාවක් ආවොත් උන්දැල ඒකටත් ගෙයින් එළි බැස්සෙ තව ගෑනු පරාණෙකුත් ඉස්සර කරගෙන....
යසස්වි අනුරාධපුරයෙන් බැසන්නා විට දවල් වී තිබිණ. ඇය ගෙදර එන බවක් අම්මා ට වුව දැනුම් දුන්නේ නැත. ඒ සාවිත්‍රි විසින් ඇගේ පැමිණීම වළකනු ඇතැයි බියෙනි. මේ ගමන යන්නට ම ඇයට ඕනෑ විය.
ත්‍රීරෝද රියක නැගී ගොස් ගේ ඉදිරිපිට බැසගන්නා විට වෙහෙරගොඩ මුදලාලි සිටියේ අඩුම කුඩුම පිරවූ ඉස්තෝප්පුවේ හාන්සි පුටුවෙහි වැතිරීගෙන...
සීතල සුළඟ මනුජ වටා පැතිරෙමින් තිබුණි. හදවතද එපරිද්දෙන්ම සීතලව යන බව ඔහුට දැනුනේය. සියල්ලන්ගේම අවලාද අද තමාට බව ඔහුට දැනේ.
සියල්ලන්ගෙන්ම පලාගොස් තමා මෙතරම් වියවුලක දැමුවාට ඇයට වෛර කරන්නටවත් , ඇගෙන් පළි ගන්නටවත් දැන් මනුජට අවශ්‍ය නැත. ඇය හා ගැටෙන්නටවත් ඇය කෙරෙහි තම දෙපාර්ශව නෑදෑ හිත මිතුරන්ගේ සිත් වල වෛරයක් ගොඩ...
“ඔයා ගමේ යන්නෙ නැද්ද?” කියා ජාන්වි තුරුණුගෙන් ඇහුවේ හවස්වරුවක තුරුණූගේ බයිසිකල් එකේ ලා ලූනා කැෆේ එකට ගොස් තේකක් බොද්දීය. ලා ලූනා කැෆේ එක කියන්නේ තමන්ගේ සර්කල් එකේ කිසිවෙකුත් එන්නේ නැති තැනක් බව දන්න හන්දාම ජාන්වි ලා ලූනා කැෆේ එකට ගියේ සන්තෝසයෙනි. දික්කසාදය ලැබෙන තුරු තමන් මෙහෙම තුරුණු එක්ක එහෙ...
ආදිත්‍ය නිවසට පැමිණෙන විට රාත්‍රී නමයට ආසන්න වූ අතර අශිකා ප්‍රධාන දොර අසලට වී ආදිත්‍ය පැමිණෙන තුරු බලා උන්නාය. තවමත් පහව නොගිය අසනීප ගතිය නිසා වේලාසනින් රාත්‍රී ආහාරය ලබා ගත් අභිමන් ඒ වන විට නින්දට වැටී හුන් අතර දැවෙන හදවතින් යුතුව අශිකා බලා උන්නේ සිදු වන්නට යන විනාශයේ තරම...
වෙහෙරගොඩ මුදලාලි හිඳිනුයේ ඒ තරම් සුවයකින් නොවේ යයි සාවිත්‍රි යසස්වී ට කතා කොට කීවා ය. සිය ව්‍යාපාර කටයුතු වලට එල්ල වී ඇති තර්ජන සමගින්, ඔහු ගේ නරක කාලය උදා වී ඇතැයි හෙතෙම ශෝකයට පත්ව හිඳී. දියණිය ඔහු ට අකීකරු වීම ද ඇගේ හිතුවක්කාර චර්යාව ද ඔහු ගේ හිත කොනිති...
මනුජ ඉරිදා සවස නොයන්නේ නම්, සඳුදා පාන්දරම නොගොස් සිටිය යුතු බව අම්මා අවධාරණය කලේය
" තනි උඹේ ගමන් බිමන් වගේ නෙවෙයි... මේ කිරිසප්පයාව අරගෙන එහෙ මෙහෙ යනකොට අඩුම ගානේ ඇහැ කන පේන්න ඕනේ..."
"එහෙම අවුලක් නැහැ අම්මේ .. අනෙක මට නුපුරුදු පාරක යනවා නෙමෙයිනේ..."
" ඒවායින් කමක් නෑ, ආයේ කියන්න දෙයක් නෑ...