Stories

ෂෙහාරා අවදි වූයේ නිවසේ ගේට්ටුවේ සීනුව නාද වන හඬටය.ඇය අපහසුවෙන් දෑස් හැර ඇඳ අසල වූ ජංගම දුරකථනය ගෙන වෙලාව බැලුවාය. එහි සටහන් වූයේ උදෑසන එකොළහයි තිහ ලෙසය. ආදිත්‍ය කාර්යාලයට යන්නට ඇතැයි ෂෙහාරා අනුමාන කළේ තවමත් කාමරයෙන් පහව නොගොස් ඇති ඔහුගේ විලවුන් සුවඳ නිසාය. යන්තමින් මුහුණ සෝදා ගෙන තරප්පු පේළිය බැසවිත්...
දිගු සුසුමක් මුදා හල අපූර්වා කෝප්පය පතුලේ ඉතිරිව තිබූ අවසන් තේ උගුරත් පානය කළේ සැහැල්ලුව ගිය හදවතින්ය. බොහෝ කලකට පසුව සිත නිවී සැනහී ගියා වන් හැඟීමක්  ඇයට දැනෙමින් තිබිණ.  මසක් පුරා කොටසින් කොටස එකතු කළ රුපියල් දස දහසක මුදලක් සවස් වරුවේ සමරසේකර මුදලාලි වෙත ගෙන ගොස් දුන්නාය. තාත්තා ණයට ගත්...
“ටීචර්” කියා විවර වුන දොරෙන් සත්සරාගේ රුවත් හඬත් ආ තැන සමුධ්‍යා ඇත්තටම ගල් ගැසුණාය. තමන් විසින් බේරාගන්නට කටයුතු කරන ලද සියලුම දෙනා එකට එකතු වී තමන්ව මුලා කරන්නට ඇතිද යන වේදනාබර වූද, බියකරු වූද සැකය හිත වෙලා ගනිද්දී සමුධ්‍යා උන්නෙ තප්පර කිහිපයක් තිස්සේ නිහඬවය. “සත්සරා? ඔයා මෙතන මොනවද කරන්නේ? ඔයාවත්...
“ආයෙ ඉතිං වෙන කොහෙන්වත් හොය හොයා ඉන්න ඕන නෑ බං. ලොකු හාමුදුරුවෝ කිව්වනම් ඒකෙ ආයේ දෙකක් නෑ. අතට අහුවෙච්ච කුරුල්ලා අතෑර ගන්නේ නැතුව ඒ මැඩම්ට කෝල් කරල කියහන් උඹලා මේ යෝජනාවට කැමතියි කියලා.” හේෂානි පැවසූයේ දොස් නඟන ස්වරූපයෙන්ය. චින්තකත් සමන් මාමාත් මින් විනාඩි කිහිපයකට පෙර පැවසූයේත් මේ ටිකමය. දැනටමත් තමා...
චන්දික උන්නේ සාලයට වී උදෑසන පත්තරය බලන අතරේය. ඒ ඇත්තටම පත්තරය බලන උවමනාවෙන් නොව මෞර්යා නිවසට පැමිණෙන තුරුය. පෙර දින රැයේ ව්‍යාපාරික කටයුත්තක් නිසා නිවසට පැමිණීම ප්‍රමාද වූ බැවින් මෞර්යා සමඟ නිදහසේ කතා කරන්නට වේලාවක් චන්දිකට වූයේ නැත. දවසේ කොයිම මොහොතක හෝ වේලාවක පැයක හෝ දෙකක පමණ කාලයක් මෞර්යා...
කුමාරිට හරියටම මතකයක් තිබ්බේ නැහැ එයාට දිලාන්ව මුලින්ම හම්බුණේ කවදාද කියලා. ඒක සිද්ධ වුණේ කෑගල්ල බස් හෝල්ට් එකේ අයිනට වෙන්න තිබ්බ,  හැමෝටම අමතක වෙච්ච අඹ ගහක් යටදී. ඒ ගහේ හැමදාම අනිත් ගස්වලට වඩා කලින් හරි පස්සෙන් හරි මල් පිපුණා. ඒක හරියට වටේ තියෙන ලෝකෙත් එක්ක එක පෙළට යන්න බැරි කාලෙක...
දුරකථනය විසන්ධි උනේත් අරුණ එතන තිබුණ පුටුවක් මතට ඇදගෙන වැටුනේත් එකටමය. අරුණට දැනුණේ මුළු ලෝකයම කඩා වැටුණාක් බඳු හැඟීමකි. ඔහු පුටුවෙන් නැගිට, කාමරය පුරා එහා මෙහා ඇවිදින්නට වූයේත් සිතේ සිතුවිලි දහසක් ගැටෙන්නට වූ නිසාවෙනි “මොකද්ද දැන් කරන්නෙ? මොකද්ද දැන් කරන්නෙ?” කියා අරුණ තමාටම මුමුණා ගනිමින් කාමරය පුරා එහෙමෙහෙ ඇවිද ගියේ...
අඩ හෝරාවක් පමණ දුරකථන ඇමතුමක උන් තමාරා ආලින්දයට පැමිණියේ දිගු සුසුමක් හෙළුවාට පසුවය.අවසන  ඒ ආරංචිය විශ්වාස කල නොහැකි කමකින් සේ ඕ මද වේලාවක් බලා සිටියාය. නන්දනී උන්නේ බෝගන්විලා පඳුරු වලට පොහොර දමමින්ය. දුරකථන ඇමතුම පැමිණෙද්දී තමාරා සිටියේත් නන්දනීට උදව් වෙමින්ය.  “ඇයි නෝනා..” අත වූ මුල්ලුවත් පොහොර පැකට්ටුවත් බිම තබමින් නන්දනී නැගී...
ෂෙහාරා උන්නේ උරණ වීය. ඩිලිවරි සේවාවක් ඔස්සේ අශිකා එවූ කෑම බඳුන් දිග හරිමින් ෂෙහාරා වහලය දෙදරන්නට කෑ ගසමින් උන්නාය. " මට ලැජ්ජ කරන්න ඔයාට පුදුම ආසාවක් නේද තියෙන්නේ ආදිත්‍යය?  මං පොඩ්ඩක් ගෙදරින් එළියට බැස්ස ගමන් ඔක්කොම අම්මට කෝල් කරලා කියන්න ඔයාට ලැජ්ජ නැද්ද ? ඔයා නිකන් මේ අම්මට කියලා කෑම...
“මම දැන් බහින්න ළඟයි” කියා සමුධ්‍යා කිව්වේ බංගදෙණිය හන්දියේ බස් නැවතුමට කොළඹ - ආණමඩුව බසය කිට්ටුවෙද්දීය. සමුධ්‍යා ඉන්නේ කොහෙද කියා නිරත්තරයෙන්ම හොයන්නට සමුධ්‍යාගේ අම්මා වගේම අරුණද යුහුසුළු වුනේ සමුධ්‍යා “සෑහෙන දවසක් ගෙදර ඉඳලා ආපහු යන්න කම්මැලි අප්පා” කියා ගෙදරින් නැවත සද්ධානන්ද ඉස්කෝලේ මහතාගේ නවාතැන්පලට යන්නට පමා වූ නිසාවෙනි. “ඔයාට පික් මී...