Stories

අනුත්තරා කිසිවක්ම නොලීවා ය. ඇය ඒ වෙනුවට කළේ ලාවන්‍යාට වීඩියෝ ඇමතුමක් ගැනීම ය. අනුත්තරා මේ අමතන්නේ තේජ ගැන වැඩිදුර කතා කරන්නට වග සිතෙද්දී ලාවන්‍යාට ඇති වූයේ පුදුමාකාර ප්‍රීතියකි. ඇය ඇමතුම හා සම්බන්ධ වූයේම ඒ තුටුපහටු හැඟීමෙනි. මොකක්ද කියන්නේ?” අනුත්තරා තරමක් තද හඬකින් විමසී ය.ලාවන්‍යා සිටියේ හිතුවක්කාර බැල්මක් නෙතු අතර තබාගෙන ය.ඒ...
ඒ වෙලාවේ මංජරී දුල්නෙත් ව දුටුවේ විදුර ගේ ඇස් වලට තත්පරයෙන් සීයෙන් කොටසකට පමණ පස්සේ ය. ඒත් එක්ක ම දුටු අයානා ගේ සිනහ වෙන සැහැල්ලු සුන්දර මුහුණ, මංජරී ගේ සිරුරේ රුධිර ධාතුව රත් කරන්නට සමත් විය. ඊර්ෂ්‍යාවේ ගිනියම් කිරණයක් ඇසිල්ලකින් ඇගේ සිරුර පුරා ම විහිද ගියේ ය. විදුර ගේ...
රෑ අහස තාරකා එළි දසදහසක දීප්තියකින් බබළමින් තිබිණ.සඳ නැති අඩුව නොදැනෙන්නේ ඒ හන්දා ය.තේජගේ නිවසේ එකම විදුලි බුබුලක්වත් නොදැල්වේ. ඒ හන්දා දැනෙන හැඟීමට "හද්දා පාළුව" යැයි නමක් දෙන්නට ලාවන්‍යාට සිතේ. අද ඇගේ නිවාඩු දවස ය. අඩුම තරමේ රාත්‍රී ගුවන්විදුලි වැඩසටහන ඇති දවසවත් වූවානම් ඔහු නොමැති වීම මේ තරමට හිත...
දුරස්ථ පාලකයෙන් රෝලර් ඩෝ එක විවර කරන ගමන් අයානා දුම් කබල මිදුලේ පසෙක තැබුවා ය. පෙර දා රාත්‍රියේ වට වැස්ස නිසා හාත්පස නැවුම් වී ඇති බවක් ඇය ට දැනිණ. ටික දවසකට පෙර තාප්පය අයින දිගේ ඉස ගෙන ගිය සීනියාස් ඇට පැළ වී, දැන් පොහොට්ටු මතු වී තිබේ. ඊයේ වැස්සට...
වසන්තයක් නොදැක ශුෂ්ක කාන්තාර බිමක ඔහේ වියළෙමින් හුන් කුඩා මල් පැළයක් වස්සානයේ මිහිරියාව විඳිමින් මල් පුබුදන්නට පටන් ගත්තා ය.මහ ගසක් වැනි ගැහැනියක වන්නට කුඩා පැලයක් වී මල් පුබුදවමින් වසන්තයේ ප්‍රේමණීය බව විඳ ගත යුතු බව ලාවන්‍යා වටහා ගන්නට පටන් ගත්තා ය. විසිතුන් හැවිරිදි කාලයේ සිට ජීවිතය අත් මිටෙන් ගිලිහී...
බටහිර අහස ලා නිල් හා තද නිල් බතික් රෙද්දක මෝස්තරයක් ඇඳ තිබිණ. සූර්යයා බැස ගිය ගමන් වූවත් රතු තැඹිලි සළු හඳින්නට එදා අහසට ඕන වී තිබුණේ නැත. කහ අරලියා ගස චිත්‍රයක් වාගේ නො සෙලවී සිටියේ ය. නමුත් මෘදු මොළොක් සැන්දෑ පවනට අරලියා සුවඳ පොද පොද මුදා හැරිණි. සෝරත මාවත...
අපි ඔය භවන්ත කාරයා ලාවිගෙන් අයින්ම කරපු එකේ එයාට ටික කාලයක් නිදහසේ ඉන්න දුන්නොත් හොඳ නැද්ද?ඔය හිතේ තුවාල එක්ක එයා ආයේ අලුත් රිලේෂන්ශිප් එකක් පටන් ගත්තොත් ඒක තේජට නෙවේ එයාට ළං වෙන කාට උනත් වේදනාවක්..” පාරමී පැවසුවේ ඇය බොහෝ වෙලාවක් සිතමින් සිටි දෙයකි.භවන්ත නිසා පෑරුණු හිතකින් පසුවන ලාවන්‍යා අතින් වෙනත්...
කොල්ලන් ගේ සිනහ හඬින් ආපන ශාලාව පිරීතිරී යන්නට විය. ඔවුන් මේ වෙලාවට කැන්ටිමට ආවේ ම මංජරී සිය අලුත් සහකරු සමගින් කැන්ටිමේ දී මුණගැසීමේ බලාපොරොත්තුවෙනි. නමුත් උඩහමුල්ලේ ඇනෙක්ස් එකෙහි පදිංචි වීමෙන් පසු ඔවුන් උදේ කෑම වෙනුවෙන් කැන්ටිමට යනවා වෙනුවට ගෙදරදී කෑම කා එන්නට පුරුදු වූහ. දිවා ආහාරය සඳහා බත් මුල්...
වෘත්තිමය කටයුතු සම්බන්ධයෙන් තේජ දක්වන සුහුරුබව ලාවන්‍යාගේ සිත තදින්ම පැහැර ගන්නට සමත් විය. ඔහු සතුව අණ දීම් නැත. යෝජනා පමණක් ඇත. සියළුම වැඩසටහන් සැලසුම් කරන්නට ලාවන්‍යාට සම්පූර්ණ නිදහස දෙන්නට ඔහු තීරණයකට පැමිණියේ ය. ලාවන්‍යාට දැනුණේ සතුටකි. ප්‍රතාපසිංහ මහත්මිය මේ සම්බන්ධයෙන් හොඳ මුදලක් ගෙවන්නට එකඟ වී තිබේ. ඒ හැරෙන්නට අනුත්තරාගේ...
විජේරාම හන්දියේ කඩ සාප්පු විදුලි ආලෝකයෙන් ආලෝකවත් ව තිබුණේ ය. සඳ පළුවක් ද තනි තරුවක් ද අහසේ එක කොනක පායා තිබී විශ්ව විද්‍යාලයේ සිට විජේරාම හන්දිය තෙක් ම දුල්නෙත් දෙස බලා ගෙන පස්සෙන් පස්සට යමින් තිබිණ. ආකාස තලාවේ තැන් තැන් වල තනි වී සිටි තරුවක් සිය කිරණ පොළොව වෙත...