රිදුණු තටු පිරිමදිමි

Ridunu thatu pirimadimi
ගෑනු ළමයින් දෙන්නාව ද උදව් කර ගෙන සන්තුෂී එදා උදයෙන් ම රූපලාවන්‍යාගාරය හොඳින් පවිත්‍ර කළා ය. මකුළු දැල් කඩා, දුහුවිලි පිස දමා, බඩු මුට්ටු පිළිවෙලට තබා  කාපට් එක වැකුම් කළා ය. තැන් තැන් වල ගෘහස්ථ විසිතුරු පැළෑටි වර්ග තබා ඇතුළත ජීවී බව වඩාත් වැඩි කළා ය.  හිතක් නිරවුල් වූ විට...
Ridunu thatu pirimadimi
කල්ප බණ්ඩාරතිලක ඔවුන් ගේ දෙමහල් මන්දීරේ දැවැන්ත ආලින්දයෙහි ඒ මේ අත සක්මන් කරමින් සිටියේ ය. ඒ සක්මන කල්පනා භරිත වූවකි. ඔහු සිය නිකට පුරා වැවුණු රැවුල පිරිමදිමින් ද දෑත් පපුවේ බැඳ ගනිමින් ද නැවත දෑත් සාක්කු වල රුවා ගනිමින් ද සක්මන් කළේ ය. නැවත සෝෆාවකට බර වූයේ ය. නො...
Ridunu thatu pirimadimi
සන්තුෂී හා තප්ති අතරේ වූ කතා බහ ඇතැම් තැන් වල දී හිත් රිදවන සුළු වී ද ඒ රිදුම තාවකාලික වූයේ ය. ඉන් පසු ඔවුන් දෙදෙනාට ම දැනුණේ සැහැල්ලුවකි. සන්තුෂී ඇය වෙනුවෙන් ගත හැකි හොඳ ම තීරණය ගත්තායි අන්තිමට තප්ති හිත හදා ගත්තා ය. ඕනෑ ම මිනිසෙකුට තමන් වෙනුවෙන් පෙනී...
Ridunu thatu pirimadimi
ස්වර්ණකාන්ති ට දැනුණේ සිය ස්වාමි පුරුෂයා මිය ගිය දා පටන් පාළුවට ගිය දෙවොලක් සේ වූ ගෙදර හදිසි සතුටකින් පිරී ගිය බවකි. අංජන නීලවතුර බලාපොරොත්තු නොවූ වෙලාවක අනපේක්ෂිත සකුටක් ව එහි ආ වෙලේ පටන් සිනා සී සිනා සී ඇගේ කම්මුල් රිදෙනා බවක් ද දැනිණ. නමුත් ඒ සිනා සර ඇගේ පාළු...
Ridunu thatu pirimadimi
කුළ ගෙදර සිට නැවත මහ ගෙදරට දුර සංසාරයක් තරමි. පසු දාට පහන් වන විට සන්තුෂී අසීරුවෙන් මුත් ඒ දුර තරණය කොට සිටියා ය. උදයෙන් පිබිද බතක් මාළු පිණි දෙකක් සකසා ඕ අම්මා ට කන්න දුන්නා ය. "මොකට මහන්සි වුණාද ඔයා...අපි ටිකක් දවල් වෙලා ඔය මොනා හරි උයාගන්නවනෙ...වේල් තුනටම හරියන්න" ස්වර්ණකාන්ති අවංක...
Ridunu thatu pirimadimi
ස්වර්ණකාන්ති දෙදිනක් රෝහල් ගත ව සිටි ඉක්බිති යළි ගෙදර ගියා ය. ඒ දින දෙකෙහි ම සන්තුෂී නිදි වරා ගෙන අම්මා ළඟට වී සිටියා ය.  "ඔයා නිදියන්න.මං ඕන වුණොත් කතා කරන්නං" අම්මා කිහිප විටක් එසේ කී පසුව ය සන්තුෂී යන්තම් ඇහැ පියවා ගත්තේ. ඇයට යම් වෙහෙසක් දැනිණ. නමුත් අම්මා ගේ තත්වය වඩා...
Ridunu thatu pirimadimi
වට්සැප් බිත්තිය මත විවර වූ සරස්වතී දේවිය ගේ අනුරුව දුටු අංජන ට දැනුණේ ක්ෂණිකව ඔහු වසර විසි ගණනක අතීතයකට විසි වී ගියා සේ ය. එහි සිටියේ වෙන කිසිවෙකු නොව එදා බාලිකාවේ කලා උළෙලේ දී සිය හද මඬලට ගොඩ වූ, කිසි දා ඉන් බැස නොගිය ස්ත්‍රීත්වයේ සංකේතය වන් සරස්වතී දේවියයි....
Ridunu thatu pirimadimi
හෙමි හෙමිහිට පොද වැස්සක් වැටුණේ ය. දුහුවිලි හුළඟ සමග පොර බදමින් මාස කිහිපයක් ම පාරවල් දිග දිව ගිය රථ වාහන වල වීදුරු දිගේ දුඹුරු පාට වැහි බින්දු රූරා ගියේ ඉඩෝරය අවසාන වීමට යන බව සලකුණු කරමිනි. මුලින් පොද වැස්සක් එව්වාට අහස ලොකු වස්සානයකට අර අඳිමින් ඉන්නා බවක් පෙනෙන්නට තිබිණ....
Ridunu thatu pirimadimi
බොජුන් හල තුළ වූයේ සන්සුන් නිහැඬියාවකි. ඒ අවේලාවේ කෑමට එහි විත් සිටියේ සන්තුෂී හා අංජන හැරෙන්නට වෙනත් තරුණයන් දෙදෙනෙකු පමණකි. ඔවුන් දෙදෙනා ගේ ද බොජුන් හල් සේවකයන් ගේ ද ඇස් යොමුව තිබුණේ බිත්තියේ රඳවා තිබූ කුඩා රූපවාහිනී තිරයේ දර්ශනය වෙමින් තිබි ජාත්‍යන්තර ක්‍රිකට් තරඟාවලිය වෙත ය. මේ මොහොත වන...
Ridunu thatu pirimadimi
අංජන නීලවතුර රිය පදවා ගෙන ආවේ සිහිනයකින් සේ ය. වරින් වර ඔහු ගේ ඇස් රිදී තෙතමනයක් පැතිරී ගියේ ය. වේගවත්ව ඇස් තටු ගසා ඔහු සිය දෘශ්‍ය පථය පැහැදිලි කර ගත්තේ ය. හැන්දෑව නිසා වාහන තදබදයත් වැඩි වූයෙන් මනා සිහිය රඳවා ගත යුතු ව තිබිණ.  වින්දි ගේ මහ ගෙවල් තියෙන්නේ පිළියන්දල...