රිදුණු තටු පිරිමදිමි

Ridunu thatu pirimadimi
එදා දවසේ ම සන්තුෂී ගේ හිතට සුවයක් වූයේ නැත. ඇනුණු කටුවක් පැටළෙමින් නිතර රිදුම් ගෙන ආවේ ය. ඒ රිදුම් වලට නිශ්චිත එක හේතුවක් කියා නැත්තේ ය. එය තනිකමක් පිළිබඳ එකක් කියා පමණක් ඇය දැන සිටියා ය. සන්තුෂී දැන් තනි කමට හරි බය ය. දැන් පමණකුදු නොව ඈ තනි වී...
Ridunu thatu pirimadimi
තරුවක් දෙකක් අහසේ තැන් තැන් වල පායා දිළිසෙමින් තිබිණ. තරු පිරි අහස ඝණ වලා වියනකින් වැසීම නිසා ඒවායේ එළිය පොළාව මත සිටින මිනිස් ඇස් කරා ළඟා වීම වැළකෙන්නට ඇත. පරිසර උෂ්ණත්වය මඳකින් වැඩි වී තිබි නිසා ම නොව, හරියට ම කුමක් දැයි කියන්නට නො දන්නා හේතුවක් හින්දා සන්තුෂී සඳැල්ලට...
Ridunu thatu pirimadimi
දුවෙකු මුණ ගැහෙන්නට තාත්තා කෙනෙකු රූපලාවන්‍යාගාරයක් ළඟ කල් මරන්නේ ය යන්න මොන තරම් තාර්කික ද? මොන තරම් ප්‍රායෝගික ද? අංජන නීලවතුර ගේ ප්‍රකාශයෙන් සන්තුෂී තුළ අමුතු ආකාරයක කැළඹීමක් ඇති වුණා වී ද ඔහු ව විශ්වාස කරන්නට ඇය මඳක් පසුබෑවා ය.  "විශ්වාස නෑ. තමුන්ට මොනා කිව්වත් විශ්වාස නෑ. ඒ තරං සැකේ" සමහර...
Ridunu thatu pirimadimi
ඒ වෙලාවේ දුහුවිලි නගරය විඩාපත් ව තිබිණි. වෙහෙසත් එක්ක කැදලි කරා ඇදෙන මිනිසුන් ගේ මුහුණු වල වූයේ ඉක්මන් නිවීමක අවශ්‍යතාවයකි. සන්තුෂී කෙරේ ද එසේ ය. වෙන මොනවා නැතත් කල්ප වෙනුවෙන් බතක් ව්‍යාංජනයක් උයා තැබිය යුතු යයි හිත ඇයට කරදර කරයි. පෙර දා කොත්තු පිඟාන යන්තම් අත පත ගා ඔහු...
Ridunu thatu pirimadimi
කල්ප බණ්ඩාරතිලක ගේ ඇස් උදයෙන් ම විවර විය. ඒ සන්තුෂී සිරිවර්ධන ගේ රිය පණ ගැන්වෙන හඬට ය. ඔහු යහනේ සිට ම තිර රෙද්ද මෑත් කොට බැලුවේ ය. සුදු පැහැති ඇක්වා රිය පිවිසුම් දොරටුවෙන් පිටතට යමින් තිබිණ. රෝලර් ගේට්ටුව හෙමි හෙමිහිට පහළට රූටා ආවේ ය. කල්ප ගෙන් සුසුමක් ගිළිහී ගියේ...
Ridunu thatu pirimadimi
තනි වීම තුළ සුව වීමක් ලද හැකි බව පසු ගිය ජීවිත කාලීන අත්දැකීම් තුළ සන්තුෂී උගත් පාඩමකි. පුද්ගලයාගෙන් පුද්ගලයා ට එය වෙනස් විය හැකි වී ද, හිත කැළඹුණ බොහෝ අවස්ථා වල තනි වීම තුළින් ඇය නම් කිසියම් සන්සුන් බවකට එළඹියා ය. එය වනාහි බොර වූ දියක් නිසල වීම තුළ...
Ridunu thatu pirimadimi
සන්තුෂී සිරිවර්ධන පිරිසිඳු, පිළිවෙල හා පියකරු වූවා ය. ඇගේ ඇවතුම් පැවතුම් වල කඩිසර කමක් දැකිය හැකි විය. සියලු පාරිභෝගිකයන් වෙත ඇය සමාන වූ සිනහවකින් සුහදත්වය පළ කළා ය. කෙතරම් කාර්ය බහුලත්වයන් අතරේ වී ද ඇගේ මුව මඳහස වියැකී ගියේ නැත.  ඇගේ සේවය විශ්වාසවන්ත විය. රූපලාවන්‍ය ශිල්පියෙකු වෙත තිබිය යුතු වැදගත්...
Ridunu thatu pirimadimi
රූපලාවන්‍යාගාරයක් පවත්වා ගෙන ගියොත් හොඳ නේද කියන අලුත් ම අදහස හිතේ මෝදු වෙත්දී සන්තුෂී සිටියේ නින්දත් නො නින්දත් අතරේ වාගේ තැනක ය. ඇය තිගැස්සී මුළුමනින් පිබිද යහනේ හිඳ ගත්තා ය. ඇඳගෙන සිටි ලා රෝස පාට නිදන ඇඳුම අතරින් තද සීතලක් සිරුර වැළඳ ගන්නා සෙයක් ඇය ට දැනිණ. ඒ සීතල...
Ridunu thatu pirimadimi
සන්තුෂී සිරිවර්ධන රූපලාවන්‍යාගාරයේ විසල් කැඩපතකට සිය මුහුණ ලං කොට බැලුවා ය. මැදි වියට එළඹෙමින් සිටීම ගැන කියා පාන රේඛාවක් හෝ එහි තිබේ නම් සොයා ගන්නට ඇයට උවමනා වූයේ ය. වයසට යන්නට සන්තුෂී තුළ දැන් ඇතිව තිබෙන්නේ හදිසි බියකි. වයසත් වයසට යාමත් නතර කර ගන්නට ඇයට ඕනෑ වී තිබේ! වෙනදාට කොණ්ඩය...