රිදුණු තටු පිරිමදිමි

Ridunu thatu pirimadimi
 සදෙව්මා දුරකතනය සවනේ තබා ගත්දී අංජන තුළ ඇති වූ දෙගිඩියාව සාධාරණ ය. ඔහු හා සන්තුෂී අතරේ ඇසුරක් වන බව දැන ගැනීම සදෙව්මා කෙසේ පිළිගනීවිද කියා සිතිය නො හැකි ය. ඇතැම් විට ඉනික්බිති කිසි දාක ඇය ඔහු ව සේ ම සන්තුෂී ව ද විශ්වාස නො කරනු ඇත. මේ තත්වයට සදෙව්මා...
Ridunu thatu pirimadimi
"අම්මි කියන්නෙ තාත්ති ආදරේ අපිට නෙවෙයි වෙන කොහෙ හරි ඉන්න ගෑනියෙක්ට කියලයි. ඒක නිසා මටත් තාත්තිගෙ පැත්ත පලාතක් බලන්න එපා කියලයි අම්මි කියන්නෙ" ළමා හා යොවුන් විය අතර මැද්දේ දෝලනය වන හඬකින් සදෙව්මා එසේ කියත්දී සන්තුෂී සිය පපුව අල්ලා ගත්තේ නිරායාසයෙනි. ඇයට දැනුණේ සිය හුස්ම හිර වුණා සේ ය. දැරියක...
Ridunu thatu pirimadimi
අවන් හලේ මතු මහලේ වන වීදුරු බිත්තිය අසල සිට ගෙන අංජන නීලවතුර මග දෙස බලා උන්නේ ය. කාර්යාල අවසාන වන හෝරාව නිසා මාර්ගය මුළුමනින් තද බද වී පවතී. ඒ වගේ මාර්ග තදබදයක් තුළ රිය ඇතුළෙහි සිට එය දකිනවාට වඩා, මේ වගේ පිටත සිට දකිත්දී වෙනස් හැඟීමක් දැනේ. නමුත් මේ...
Ridunu thatu pirimadimi
ඒ තරම් සියුම් මතක අහුරක් රැස් කළ සාප්පු සවාරියක් ඉන් පෙර ගොස් ඇති බවට මතකයක් සන්තුෂී ට නැත. පිරිමින් සාමාන්‍යයෙන් සාප්පු සවාරියට අකමැති බව ඇය දනී. බිරින්දෑවරු සමග විත් ඔවුන් ගේ අත් බෑග් ද කුඩා දරුවන් ගේ කරදරය ද සමග සාප්පු වල ආසන පේළි මත අපහසුවෙන් කල් මරණා පිරිමින්...
Ridunu thatu pirimadimi
දක්ෂිණ අධි වේගී මාර්ගයේ වැලිපැන්න සේවා පරිශ්‍රය ආශ්‍රිතව අංජන රිය නතර කළේ ය. වැඩි අවධානයක් රිය ධාවනය වෙත යොමු කරනවා වෙනුවට මඳ වෙලාවකට හෝ සමස්ථ අවධානය සන්තුෂී වෙත යොමු කරන්නට ඕනේ කියමින් ඔහු ගේ යටි හිත කෑ ගැසුවේ ය. මේ විවේකය ඔහු තමන්ට ම අවනත වීමකි. මිනිසුන් ඉඳහිට සුළු...
Ridunu thatu pirimadimi
රිය ඇදී ගියේ පුරුදු පාරේ ය. ඇහැට හුරු ගොඩනැගිලි හා වෙනත් මං සලකුණු පසු විය. ඒ කිසිවක් ගැන සන්තුෂී කිසි ම සැලකිල්ලක් නො කළා ය. සුක්කානම අල්ලා ගන්නේ නැතිව, අනතුරු ගැන වද වීමක් නැතිව, අනුන් ගැන වගකීමක් නැතිව රියක් තුළ ගමන් කරත්දී පා වීමක් බඳු සැහැල්ලුවකට එළඹිය හැක. තමන්...
Ridunu thatu pirimadimi
අංජන ගේ හිතේ කප්පරක් සිතිවිලි පෙළ ගැසී තිබිණ. සන්තුෂී සිරිවර්ධන ගේ අතීතය සේ ම වර්තමානය ද ඔහු ට ප්‍රහේළිකාවකි. ඔහු ඒ ප්‍රහේළිකාවේ කොටු අතරේ අතරමං ව සිටියේ ය. සන්තුෂී කියන්නේ ඔහුට අමුත්තෙකු නොවේ. අවුරුදු විසි ගණනක් තිස්සේ ඔහු ගේ හදවත බදා ගෙන සිටින්නියකි. ඒ හුරුපුරුදු කමෙන් දින කිහිපයක් තුළ...
Ridunu thatu pirimadimi
ඒ ලියවිල්ල සන්තුෂී සිරිවර්ධන අතට ලැබිණ. ඇගේ ශ්වසන හා ආහාර මාර්ගයන් ක්ෂණික වියළීමකට ලක් විය. සන්තුෂී වේගයෙන් හුස්ම ගන්නට පටන් ගත්තා ය. කල්ප බණ්ඩාරතිලක විසින් ඔවුන් ගේ විවාහය දික්කසාදයකින් කෙළවර කරන්නට නඩු පැවරූ බවට සිතාසි ලියවිල්ල! එය සියතට පත් වනු ඇතැයි කිසි දවසක ඕ බලාපොරොත්තුවකින් නොසිටින්නට ඇත. ඉකුත් විසි වසරෙන්...
Ridunu thatu pirimadimi
ඉරණම්කාරයෙකු පිළිබඳ සංකල්පයක් ලෝකයේ බොහෝ ජන සමාජයන් හි පවතී. මනුෂ්‍යයෙකු උපදින්නේ සම්පූර්ණ මිනිසෙකු ලෙස නොව මිනිස් අර්ධයක් ලෙස ය යන්න එහි මූලික අදහසයි. ඒ මිනිස් අර්ධය හා සෑම අතින් ම සමපාත වන්නා වූ මිනිස් අර්ධයක් ලොව වෙනත් තැනක බිහි වී හෝ බිහි වීමට නියමිත ව පවතිනු ඇත. ඒ ජීවිත...
Ridunu thatu pirimadimi
ප්‍රීතිමත් කලබල අතරේ පියවි සිහිය පවා විචල්‍ය විය හැකි ය. බලාපොරොත්තු නොවූ වෙලාවක කාලයක් තිස්සේ බලාපොරොත්තුවෙන් සිටි කෙනෙකු හමු වීම තුළ ප්‍රීතිය කලබල කරවයි. එතකොට හිතිවිලි වල පැහැදිලි බව අඩු වී වියවුල් ස්වභාවයක් ඇති වේ.  මේ වෙලාවේ සන්තුෂී සිරිවර්ධන සිටියේත් එවන් නොසන්සුන් බවක ය. සදෙව්මා වූ කලී ඇයට අනුව අතුරුදන්...