සඳ ගංතෙර

Sanda ganthera
කරන්නට කිසිවක්ම සිතා ගන්නට නොහැකි මොහොතක සිටියේ දුලන්‍යා ය. සැලසුම් සහගතව දරු උපත පෞද්ගලික රෝහලක සිදු කරන්නට සිටි තාරකා අක්කාට දැන් කුමක් වේදැයි ඇය දන්නේ නැත. අක්කා නිවස තුළ දරුවා ප්‍රසූත කරන්නට ඉඩ ඇති බවට පවා ඇය සිතී ය. බොළඳ කෙල්ලක එතරමට කලබල වී සිටියා ය. සඳරැස් අක්කා ඔසවා...
Sanda ganthera
සඳරැස්ගේ දෙතොල් පෙති ලිහී සිනාවක් නැඟී ආවේ ය. ඇගේ නෝක්කාඩු බැල්ම කම්මුලක් මත හාද්දක් තවරන්නට සිතෙන මට්ටමේ බැල්මකි. ඒ බැල්ම තවතවත් ජීවිතයට ඔහුට උවමනා වෙද්දි සිනාවේ කිමිදෙන්නට ඇයට උවමනා වෙමින් තිබිණි. එහෙත් ඉක්මන් වන්නට සිතක් නැත. ප්‍රේමයක් ගැන සිහින මවමින් ඒ හැඟීම විඳින කාලය තරමට ජීවිතයේ කිසිම කාලයක් සුන්දර නැති...
Sanda ganthera
"ඕකාගෙ කන පැලෙන්න දෙන්න ඕනෑ." සඳරැස් ඕනෑවටත් වඩා කලබල වී සිටියේ ය. පාසල් කාලයේ පටන් අතපය විසි කිරීම ප්‍රශ්න විසඳා ගන්නට ඇති පහසුම මඟ බව සිතූ කොලුවා ඔහු තුළින් වේගයෙන් නැගිටිමින් සිටි අතර සඳරැස් කෝපයෙන් නළල පොඩි කරන්නට වූයේ ය. "ඕකාට මම ඇත්තටම ගහනව." ඔහු පිළිණ දුන්නේ ය. දුලන්‍යා කලබල වූවා ය....
Sanda ganthera
"මාව ලැජ්ජා වෙන්න මං ඉඩ තියන් නෑ දුලන්‍යා." සහස්ගේ තර්ජනය දුලන්‍යා බියට පත් කළේ නැත.ඒ වෙනුවට මේ බලහත්කාරයෙන් ජීවිතයට පිවිසෙන්නට උත්සාහ කරන්නා ගැන කෝපයෙන් ඇය දැවෙන්නට පටන් ගෙන තිබිණ. "මං ඔයාට කතා කළා තමයි. ඒත් මං ඔයාට බලාපොරොත්තු දුන්නේ කවදද?" බලාපොරොත්තු තබා ගැනීම ගැටළුවක් නොවේ. ජීවිතය රඳා පවතින්නේ බලාපොරොත්තු මත බව සත්‍යයකි....
Sanda ganthera
සමහර මිනිත්තු ජීවිතයටම ප්‍රමාණවත් ය. ජීවිතය ගැන සිතා සිටි බොහෝ කාරණා අමතක කර දමන්නටත් ජීවිතය දෙස හැරී බලන්නටත් සමහර මිනිත්තු උදව් වන බව සඳරැස් උගනමින් සිටියේ ය. මෝටර් රථය පුරා පැතිරෙන සිහින් සුවඳ කුමක්දැයි අසන තරමේ දොළක් ඔහුට ඉපදිණ. මේවා වෙනත් කෙල්ලන්ගෙන් ඇසූ ප්‍රශ්න නොවේ. "මොනවද ඔය ළමයගෙ ඔය සුවඳ?...
Sanda ganthera
"ආදරේ කරන්න ඕනෑ අපිට ආදරේ මිනිස්සුන්ට මිසක් අපි ආදරේ මිනිස්සුන්ට නෙවෙයි" මධුනි එසේ කියන්නට වූවා ය.සහස්ගේ වීම ආශිර්වාදයක් බව ඇයට සිතේ. ඇය ඒ මතය ස්ථිර කරන්නට කැමති වූවා ය. ඒ හන්දා දුලන්‍යාව සහස්ගේ වීමට මෙහෙයවන්නට මධුනිට ඕනෑ විය. "මං ආදරේ කරන්නේ ජීවිතේ එකපාරයි." එය දුලන්‍යාගේ තීරණයකි. ඇය එය සෘජුව කියන්නට සතුටු වූවා...
Sanda ganthera
ආදරය පවතින්නේ සරාගය පදනම් කරගෙන හෝ රැවටීම පදනම් කරගෙන නොවන බව සඳරැස්ට සිතෙන්නට ගත්තේ දුලන්‍යා සමඟ කතාබහෙන් ඉනික්බිතිව ය. ඇය නිදහසේ කියවන මල් කිරිල්ලකි. හුරතලය පිටාර ගලන පොඩි කෙල්ලක වාගේ පෙනුණාට ඇය බොහෝ පණ්ඩිත කතා දන්නා කෙල්ලක යැයි ඔහු සිතී ය. කාලය ගත වෙමින් තිබිණ.සංවාද දුර ඇදෙමින් ඒවා විවාද බවට...
Sanda ganthera
"මට වෙනස් වෙන්න ඕන හලෝ." ඒ හඬ පැමිණියේ මල්ලීගෙන්මදැයි තාරකාට පුදුම සිතිණ. දියණියක පවුලට ලැබෙන්නට යන මොහොතක තමන්ගේ චර්යා රටා වෙනස් කරගන්නට සඳරැස්ට සිතෙන්නට ඇති බව ඇය අනතුරුව සිතුවා ය. ඒ හැරෙන්නට ඔහුට වෙනත් හේතු තිබෙන්නට නුපුළුවන. "ඔයා රිද්මිට ආදරේ කළේ ඇත්තටමද?" ඒ පැනය අක්කාගෙන් නොව වෙන කිසිවෙකුගෙන් මතු වූයේ නම් සඳරැස්...
Sanda ganthera
අන් අයගේ කතා මැදට  අනාරාධිතවම කඩා වැදීම නරක පුරුද්දක් බව ඉගෙන ගත්තෙ ප්‍රාථමික පන්ති වලදී ය. දැන් කාලය බොහෝ ගෙවී ගොස් තිබේ. ඒ හන්දා ඒ පාඩම අමතක කරන්නට සඳරැස් ඉටා ගත්තේ ය. ඔහු අක්කාගේත් දුලන්‍යාගේත් කතාබහ මැද්දට ආවේ ඒ හන්දා ය. "ඔය නවල්ස්වල තියන ආදරේ ඇත්ත ලෝකේ නෑ. ලියන මිනිස්සුන්ට...
Sanda ganthera
දුලන්‍යා සාලයේ කල් මරන්නට වූයේ කරන්නට වැඩ හොයමිනි. ඇත්තටම කරන්නට වැඩ ඕනෑතරම් ඇත්තේ කාමරයේ ය. පාඩම් කරන්නට දේ එකතු වෙමින් තිබේ. වෛද්‍යවරියක වීමේ හීනය තුනේ හතරේ පන්තියේ සිට හදවතට එකතු වෙද්දී මේ ගමන මෙතරමට අපහසු වග සිතුණේ නැත. එහෙත් ඇය මෙතැන දක්වාම ඇවිද ආවා ය. "ඔයාට ඒ ලෙවල්ස් පාස් වෙන...