ඈත දුර ආකාසේ

"හේමලතා" ජයශාන්ත මහතා අප කාටත් ඇසෙන සේ කීවේ ය. සිතිජ ත් නෙළුම් නැන්දා ත් රියෙන් බැස සිටිනු මා දුටුවේ යන්තමිනි. මගේ හදවත ගැස්ම නතර වී තිබුණේ ය. හුස්ම ගත්තා ද කියා මට නිනව්වක් වූයේ ම නැත. අප සියලු දෙනා මගේ ජීව විද්‍යාත්මක මවත්, සිතිජ ගේ පියා ත් දෙස බලා උන්නේ...
තුරුලි ඉතා කාර්යබහුල කාර්යාලීය හෝරාවන් කිහිපයකට පසු දිවා ආහාරය ලබා ගන්නට නැගී සිටියේ වෙහෙසිනි.කසුන්ගේ වැඩ අහවර වී දැයි බලන්නට ඈ දෑස් ඔබමොබ යැවුවා ය.ඇගේ කිට්ටුවන්තම මිතුරන් අතරට දැන් එකතු වී ඇති කසුන් බොහෝ විට දිවා ආහාරය ලබා ගන්නට ඇය සමඟ එකතු වේ.වින්ද්‍යාගේ නීති සහය නොලැබිණිනම් ඇයට ආදිත්‍යගෙන් මෙතරම් ඉක්මනින්...
ඔරලෝසුවේ කටු කරකැවෙන්නේ බොහෝ වේගයෙනි.ඉතා වේගයෙන් කාලය ගෙවී යන්නේ බොහෝ සිදුවීම්වලට සිදු වී අහවර වන්නට ඉඩ ඉතිරි කරමිනි.තුරුලිගේ ජීවිතය වඩා නිස්කලංකව සහ කාර්යබහුලව ගෙවී යමින් තිබූ කාලයක ඈ අවන්හලකට වී බලා හුන්නේ අරුණි සමඟ ය;අමුත්තෙකුගේ බලාපොරොත්තුවකිනි. ආදිත්‍ය පැමිණියේ පුරුදු අහංකාරයෙන් නොවේ.කෝල බවකිනි.බොහෝ කාලයක් පාගාගෙන චන්ඩිකම් වලින් මට්ටු කරමින් හුන් යුවතියට...
"ඔක්කොම නඩු ඉවර වෙලා ආදිත්‍ය එනකන් ඔයා බලන් ඉන්නවද?" රොෂේන් රශ්මිගෙන් ඇසුවේ ආදිත්‍ය ඇප ලබා නිවසට ආ දිනයේ ය.තුරුලි දෙවුර ගස්සා රොෂේන් දෙස බැලුවේ අපහාසාත්මක මුහුණකිනි. "ඔය නඩුව කොච්චර කලක් ඇදෙයිද දන්නවයැ" ඇය එසේ කියා ජංගම දුරකථනයට මුහුණ ඔබා ගත්තා ය.නමුත් රොෂේන්ට මාතෘකාව තවදුරටත් ඇදගෙන යාමේ උවමනාවක් දැනිණ. "කිඩ්නැප් සීන් ලේසි නෑ. තුරුලිගෙ...
තුරුලි උදෑසනම ස්නානය කළේ ගෙවත්ත කෙළවර තිබූ ළිඳෙනි.කොළඹට තදාසන්න නගරයක ජීවිතය ගෙවූ ඈ රනුකගේ ගමේ ගෙදරට බොහෝ ප්‍රිය කළා ය.නංගීත් රනුකත් මෙහි ස්ථිර පදිංචියට පැමිණිය ද නැති වුව ද මේ සුන්දර නිවස ඥාති නිවසක් වීමම මහත් සතුටක් වග ඇය සිතුවා ය. "අපිට එහෙම ගෙයක් තියෙන එක කොච්චර ෂෝක්ද.නෑදෑයො කියන්නෙ එකම...
"මං කෝවිලකට ගිහිං පොල් ගහනව" ඇමතුමේ එහා කෙළවර කියැවුණේ එය ය.තුරුලි එපමණක් අසා ඇමතුම විසන්ධි කර දැමුවා ය. "ඔච්චර ඉක්මනින් කතා කරාද?" තත්පර කිහිපයකට පසු යළිත් තමන් ඇමතූ තුරුලිගෙන් මියුරු ඇසුවේ සිනාමුසුව ය. "මං ඇත්තටම හිතුවෙ එක්කෝ සමාව ඉල්ලනවා.නැත්නම් දුක කියනවා කියලා.බනියි කියලත් හිතුණා..ඒත් කිව්වෙ ඔක්කොටොම වඩා විකාර කතාවක්.." ඇය පොල් ගසන කතාව හෙළි...
"ආදරේටයි රැවටීමටයි කවදාවත් සමාන වෙන්න බෑ මියුරු." ඉකි ගැසීම අහවර කළ තුරුලි මියුරුට පැවසුවේ කල්පනාකාරීව ය.ඔහුට මාතෘකාව වෙනස් කරන්නට ඕනෑ විය. "ඒ උනාට ආදරේටයි බලා ඉන්න එකටයි සමාන වෙන්න පුලුවං.." "මියුරුගේ හිතේ ඔයා ගැන අයිඩියා එකක් තියනවා" මිතුරියක ඒ පණිවිඩය රැගෙන ආවේ ඈ ආදිත්‍යගේ පෙම්වතිය වූ අලුත වග තුරුලිට මතක ය.අනුන්ගේ අයිතියකට...
"පුතා.. පොලිසියෙන් ඇවිල්ලා..නැගිටින්න.." ආදිත්‍ය උඩ ගොස් බිම වැටුණේ අම්මාගේ සෙලවීමේ වේගයට ය.ඔහු ඇස් පිසදමමින් එළියට ආවේ තෝන්තුවාවෙනි.තුරුලි ගැන ආරංචියක් රැගෙන පොලිස් නිලධාරීන් පැමිණ ඇතැයි ඔහු සිතුවේ ය.ඇය සියදිවි නසා ගන්නට ඇත. දැන් එහි සැකයක් නැත. "ආදිත්‍ය අපි එක්ක යං.." ඒ විධානය එද්දී ආදිත්‍යගේ අම්මා පෙරට ආවා ය. "තුරුලි නැති වෙලාද? බොඩි එක අඳුනා...
රනුක දුරකථනයට සම්බන්ධ වෙනතුරු සඳලිට වූයේ නොඉවසිල්ලකි.ඔහුට දැන් සිදු වූ සිද්ධිය ඉක්මනින් පැවසීමේ උවමනාව ඇයට තදින්ම දැනෙන්නට විණි. "අපි එන ගමන් සඳූ." රනුක එසේ කියමින් ඇමතුමට ආවේ ය.සඳලි හුස්මක්වත් නොගෙන සිදුවීම හෙළි කරන්නට පටන් ගත්තා ය. "ආදිත්‍ය දැන් ඇත්තටම ඉන්නෙ අවුල් වෙලා.මිනිහා හිතන්න ඇත්තෙම අක්කා හොස්පිටල් එකෙන් ඩිස්චාජ් වෙලා අපි එක්ක ආව...
ආදිත්‍ය රැගත් මෝටර් රථය තුරුලිගේ මිදුලේ නැවතුණේ වේගයෙනි.රොෂේන් ට එහි හිඳින්නට ඉඩ හැර ආදිත්‍ය පිටතට ආවේ මවා ගත් අහංකාරකමක් සහ කෝපයක් සහිතව ය.සඳලි සහ රනුක සිටී නම් ගැටළුව විසඳීම කොහෙත්ම පහසු නැත.ඔහු නිවසට ගොඩ වැදුණේ අනවසරයෙනි.සඳලි ලැප්ටොප් තිරයෙන් දෑස මෑත් කර ඔහු දෙස නොවටිනා බැල්මක් හෙළුවා ය. "අම්මා..මේ ආදිත්‍ය ඇවිත්.." එපමණකි....