Tag: ඔබ දකින තුරා

oba dakina thura
නිර්මලා ට ඇසුණේ අජිත් ගේ කළු සපත්තු වල අඩි බිම වැදෙනා විට නැගෙන 'දඩස්' හඬ පමණකි. සුළි කුණාටුවක් හමන්නට ඔන්න මෙන්න ව තිබියදී මෙන් මහත් භයංකර නිශ්ශබ්දතාවයක් ඈ වටා කැරකෙන්නට විය. සිය සැමියා වන අජිත් බීමත් වූ විට චණ්ඩි පාට් දැමූව ද පියවි සිහියෙන් සිටියදී ඉතා සාමකාමී මිනිසෙකු බව,...
oba dakina thura
එදා හැන්දෑවේ අමාරසී ගෙදර යන විටත් යොහාන් පැමිණ සිටියේ ය. ඇගේ තොල් මත්තට වෙනදාට එන කෘතීම වූ ව්‍යාජ සිනහව හෝ පැමිණියේ නැත. ඇය මුණිවතින් කාමරයට ගොස් යහනත පෙරළී ගත්තා ය. ඇරඹුම ම මේ තරම් වියළි ගිම්හානයක් වෙත්දී ඒ යුග දිවිය කෙතරම් නම් කටුක ශුෂ්ක කලාපයක් වනු ඇත්ද? දිසත් කීවා සේ...
oba dakina thura
තාත්තා කියන්නේ මහ බෝ රුකකට ය. ඒ තරම් සිහිලක් හා සෙවනක් තාත්තෙකු ගෙන් දියණියකට ලැබෙයි. එය මෙලොව වසනා වෙනත් කිසිදු ප්‍රාණියෙකු ළඟ දී නො දැනෙන්නකි. අජිත් ගේ ගොරෝසු අතක් අමාරසී ගේ හිස මත තැවරෙත්දී ඇය ඉතා කුඩා අංශු වලට බිඳී විසිරී ගියේ ඒක ය. ඇය ට තවත් අර ශෛලමය...
oba dakina thura
හැන්දෑවේ කට්ටිය සූදානම් ව හිටියේ සාද දමන්නට යන්නට ය. ඒ නිසා ම කලින් වැඩ නිම කොට වොෂ් රූම් එකේ වැඩි වෙලාවක් ගත කරමින් කොණ්ඩා පීරන්නටත් පවුඩර් දමන්නටත් වූහ. අමාරසී ගේ නම් හිතේ තිබුණ සැහැල්ලුව ද බිඳී විසිරී ගොස් තිබුණේ ය. ඇය ඒ බවක් දිලිනි ට හෝ ඇඟවූයේ නැත. පුරුදු...
oba dakina thura
තරු පිරි අහසක් හැරෙන්නට ඔහු දෙස බලා උන් වෙනකෙකු නැත. ටෙරස් එකේ වන හාන්සි පුටුවෙහි වැතිර ගත් දිසත් ගේ දෑසට කෙළින් ම හසු වන්නේ අඳුරු ගැඹුරු අහස හා අතුරු සිදුරු නැතිව එහි කෝලිත්තම් කරනා තරු කැට ය. අවසාන දුම් උගුරත් ඇද ගත් දිසත්, සිගරට් කොටය ඈතකට විසි කොට දැමුවේ...
oba dakina thura
ඈතින් සුදු වළා කැටිති වලින් ගහන නිල් අහස ද, සුදු පෙණ කැටිති දඟ කරන නිල් සයුර ද සහිත පසු බිම ය. මෑතින් නිල් ඩෙනිම් කලිසමකට සුදු කමිසයක් හැඳි තුරුණුවෙක් ය.  මුවග පිපුණු හදිසි මඳහසකින් යුතුව තුරුණුවා තරුණියන් වෙත ඇවිද එමින් සිටියේ ය. එය මුල දී ඔහු ගෙන් දකිත හැකි...
oba dakina thura
වායු සමීකරණ පද්ධතිය ඉතා දැඩි සිසිලසකට සීරු මාරු කොට ඇතැයි අමාරසී ට සිතිණ. ඇය ට දැනුණේ එතරම් ම තද ක්ෂණික සීතලකි. පීච් පැහැති අත් දිග බ්ලවුසයක් හැඳ සිටිය ද, ඇගේ සිරුරේ ඇට මස් ලේ විනිවිද ඒ සිසිලස පැතිර යන ලදී. "මිස්ට දිසත්..." දෙතොල් වෙව්ලා ගියත් ඇය මුව විවර කළා ය. "ටී ටයිම්...
oba dakina thura
පසු දා උදේ ගිනුම් අංශයට ඇතුළු වෙත්දී ම අමාරසී දුටුවේ සිය වීදුරු කුටිය තුළ වැඩ පටන් ගෙන ඇති දිසත් මල්ලවාරච්චි ව ය. ඇයි දෝ මන්දා ඇගේ මුහුණට ලොකු සිනහවක් ආවේ ය. ඒ සිනහවෙන් ඔහු දෙසත්, සිය යෙහෙළියන් දෙසත් බලමින් ඕ අසුනට පැමිණියා ය. "අරයා කුකුළා අතිං අරංම එනව වගේ නේ..." "වයිෆ්...
oba dakina thura
අලුත් අංශ ප්‍රධානියා පැමිණි මොහොතේ පටන් ම කෙල්ලන්ගේ වූයේ කසුකුසුවකි. නෙත් කොන් බැලුම් හා ගිල ගන්නා සිනහවන් වල කෙළවරක් නොවිණි. මීට පෙර ගිනුම් අංශයේ හිටපු ප්‍රධානියා මැදි විය ඉක්මවා ගිය තැනැත්තෙකි. ඔහු සේවයෙන් ඉවත් වීම මත නව අංශ ප්‍රධානියා ලෙස පැමිණ තිබෙන්නේ තරුණයෙකි. දිසත් මල්ලවාරච්චි! දිසත් ගැලපෙන්නේ ගිනුම් අංශයට නොව නළු...