Tag: ඔබ දකින තුරා

oba dakina thura
කේෂි මේ දිසත් පැමිණි බව දැන පැමිණි ගමනක් නොවේ. ඇය ආවේ තාත්තා ව මුණගැසී දිසත් ව යළි ගෙදර ගෙනැවිත් දෙන ලෙස කියන්නට ය. මේ වෙලාවේ අහඹු ලෙස වුව දිසත් හමු වීම ගැන ඇය ප්‍රීතිමත් වූවා ය. "හොඳ වෙලාවට මං දැන් ආවෙ. දිසත් අපි යමු...ප්ලීස්...ඩිවෝස් එකක් ගැන කතා නොකර ඉමු දිසත්....
oba dakina thura
දිසත් සිය අලුත් නවාතැනට බෙහෙවින් රිසි වූයේ ය. එක කාමරයකින් ද කුඩා ආලින්ද කොටසකින් හා පැන්ට්‍රියකින් ද සඳැල්ලකින් ද යුතු වූ එය නිදහස් තැනකි. සඳැල්ලේ යකඩ වැටෙන් පහළට කඩා හැලෙන සේ වර්ණවත් බෝගන්විලා සිටවූ කළු පාට ප්ලාස්ටික් මල් පෝච්චි පෙළක් තබා තිබිණි. නිවසේ ඔහු කැමති ම තැන එය විය....
oba dakina thura
අම්මා ගේ උරහිස මත නිකට රන්දා ගෙන අමාරසී බලා සිටියා ය. තාත්තා බිස්කට් ටින් එකට තට්ටු කරමින් තාල ඇල්ලුවේ ය. දෙතුන් වතාවක් ඇවිටිලි කිරීමෙන් පසු දිසත් හෙමිහිට හඬ අවදි කළේ ය. "ගහක මල පිපිලා පිපෙන්නේ ඇයි ද නොදන්නෙමී...හිතක මල් පිපිලා පිපෙන්නේ ඇයි ද නොදන්නෙමී...නුඹට සිත බැඳුණේ කිමැයි මා තව ම...
oba dakina thura
අවශ්‍යතාවයක් සඳහා මෝටර් රථය වෙත ගොස් යළි කාර්යාල පරිශ්‍රය වෙතට යමින් සිටි දිසත් ට, පිය ගැට පෙළ පාමුල දී අජිත් ව හමු විය. දෙදෙනා ගේ ම මුහුණු මත උනුන් හැඳින ගත් ගමන් ඇඳුණේ ලොකු සිනහවකි. දිසත් ඒ ළෙංගතු කමෙන් ම විත් අජිත් ළඟ නතර විය. "අංකල්" "කොහොමද මිස්ට දිසත්.." "අංකල් තාම ඩියුටි...
oba dakina thura
දිසත් ගේ මංගල මුදුව කණ්ණාඩි මේසය මතින් ගත් කේෂි, එය විසි කොට දැමුවා ය. මුදුව පෙරලී ඇඳ යටට ගොස් අඳුරු මුල්ලක නතර විය. ඇය කෙතරම් කෝපයකින් වියරු වැටී සිටියේ ද යත් ගෙදර බඩු මුට්ටු බොහොමයක් බිම පෙරලී, කැඩී, බිඳී, කුඩු වී ගියේ ය. පරාක්‍රම සමග වසන්ති සේනානායක දියණිය ගේ...
oba dakina thura
සුපර් මාකට් එකක් ළඟ රථ ගාලේ දිසත් ගේ රිය නැවතිණ. "මං ඉක්මන්ට එන්නං" කියා ගෙන ඔහු රියෙන් බැස්සේ අමාරසී ගේ ඇස් මත ඔහු ගේ දෑස් පතිත වත්දී ය. දිසත් ඉක්මන් අඩි තබා සුපර් මාකට් එක දෙසට යන හැටි, දෑස් පා කොට අමා බලා ගෙන සිටියා ය. රිය දොර හැර ගෙන...
oba dakina thura
"ඔයාට ඩිවෝස් වෙන්න ඕන නැති වුණාට මට තවත් ඔයත් එක්ක මෙහෙම ඉන්න ඕන කමක් නෑ කේෂි" දිසත් එසේ කීවේ සිය කෝපයෙහි කෙළවර දී කෑ ගසා ය. ඔහු ගේ එවන් විලාශයක් ඇය දැක ඇත්තේ ම නැති තරමි. මේ මොහොතේ ඔහු බෙහෙවින් කෝප ගෙන ඇති බව ඇය හැඳින්නා ය. "දිසත්...ඇයි ඔහොම කතා කරන්නෙ...ඇයි...
oba dakina thura
පරාක්‍රම සේනානායක කියන්නේ නිහඬ මිනිසෙකි. ඒ වගේ අය හැඟීම් මත ක්‍රියා කරනවා අඩු ය. ඔවුන් තීරණ ගන්නේ හදවතට වඩා බුද්ධිය ට ඉඩ දීමෙනි. මනුස්ස කම් වලට වඩා ලාභය ගැන සිතීමෙනි. නො එසේ ව කෝටිපති ව්‍යාපාරිකයෙකු වීම පහසු නැත.  කේෂි වනාහි පරාක්‍රම ගේ එක ම දරුවා වූවා ය. ඔහු රැස් කළ...
oba dakina thura
මේ හැබෑවක් ද නැත්නම් මායාවක් ද යන ද්විත්ව සිතිවිලි අතරේ අමාරසී දෝලනය වන්නට වූවා ය. වට පිටේ සියලු නෙත් ඈ වෙත යොමු වී ඇති බව ඇය ට දැනේ. එය වූ කලී නම් දැරූ ඇඟළුම් ආයතනයකි. දහස් ගණනක සේවක ප්‍රජාවක් ඒ පරිශ්‍රයේ ගැවසෙති. කාර්යාලයට අදාල සේවක පිරිස ගත්තත් අති විශාල...
oba dakina thura
පබසරා පොඩි එකාවත් ඔක්කේ ගසා ගෙන මහ ගෙදර එත්දී අමාරසී හිටියේ යහනේ වැතිර බිත්තිය පැත්තට හැරී ගෙන ය. දෙගිඩියාවක ගැස්ම සේ ම මිහිරක ඉසියුම් රසය ද ඇගේ හදවතේ සිට සංස්ථානික මහා ධමනිය ඔස්සේ සිරුර පුරා රුධිර දහර ට කාන්දු වෙමින් තිබිණ. කාමරයේ දොර තිරය මෑත් කොට බැලූ පබා, අක්කා...