Tag: සුළං සීනු

එහෙත් මට ඇය හඹා යන්නටවත් ඈ හා කතාවට වැටෙන්නටවත් ඕනෑ වූයේ නැත. සමහරවිට ඇය මා හඳුනා ගන්නට ඇත.නමුත් ඇය මඳ සිනාවක් මවෙත පා කර යන්නට ගියා ය.ලෝචනා එනතුරු නිසල් සමඟ පණිවිඩ සංවාදයක පැටලවී සිටි මට ඒ අහම්බයකින් දුටු තරුණ වෛද්‍යවරිය ගැන ඔහුටවත් කියන්නට ඕනෑ වූයේ නැත. ඈ මෙහි වෛද්‍යවරියක්...
මගේ හැඟීම් බෙදා ගන්නට කවුරු හෝ මට ඕනෑ විය.දේවක කෙරෙහි මහත් ප්‍රේමයකින් වසර ගණනාවක් දුක් ඉහිලූ හදවත ගලක් බවට පත් කර මම සංකල්පගේ බිරිඳ වූයෙමි.තවම මා හිඳින්නේ ඒ ගල් ගැසීමෙනි. "ඇයි කෙල්ලෙක්ට තනියම ඉන්න බැරි.. මට උපාධියක් තියනවා. රස්සාවක් තියනවා. ගෙයක් හදාගෙන වාහනයක් අරන් තනියම ඉන්නං අම්මා මම.. නැත්නම් වෙන...
එහෙත් නිසල් දුරකථනය ක්‍රියා විරහිත කරගෙන ය. හදවතට දැනෙන අපහසුව සහ වේදනාව ලෝචනාගෙන් සඟවන්නට තැත් දරමින් මම දවස අසීරුවෙන් ගෙවා දමමින් හුන්නෙමි. "නිසල් දවස් කීපයක් නිවාඩු අරන්ලු. දැන් ඉතිං වැඩියෙන් බර ඇදපංකො.." භාතිය එසේ කියාගෙන පැමිණියේ ය.ඕපාදූපය දැන ගන්නා රිසින් අපි ඔහු වටා රොක් වුණෙමු. "එච් ආර් එකෙන් කිව්වෙ. ඌ මේල් එකක්...
එහි වූයේ නිසල් ය. සැබෑවටම මට ඇති ගැටලුව වසර කිහිපයක් තිස්සේ හොඳම මිතුරිය වූ ලෝචනාට ද වටහා ගත නොහැකි නම් අද ඊයේ හිතවත් වූ නිසල් කෙසේ තේරුම් ගන්නදැයි මම සිතන්නට වීමි. අනිත් කාරණය ඔහු පිරිමියෙකි. අනිවාර්යයෙන් ඔහු සංකල්පට එසේ වන්නට ඇති හේතු ගැන කාරණා මවමින් ඉදිරිපත් කරනවාට සැක නැත. "සංක...
මම වහා දෑස් ඔසවා බැලුවේ කවුරු හෝ වාහනය නැවැත්වීමේ ගැටලුවකට මැදිව ඇතැයි සිතමිනි. නමුත් සිටියේ පුරුදු දෑසකි. මම වහා වීදුරුව පහත හෙළීමි. ඔහු මුලින්ම බැලුවේ ටිමී දෙස ය. "ෂා..සීනුට යාලුවෙක් හම්බෙලා වගේ.." මම පුළුල් සිනාවක් නැගිමී. මොහොතකට පෙර හඬමින් හුන් දෑසේ කඳුළු වියළී ද නැත. "අද එයාට තාත්ති ගිෆ්ට් කරේ නිසල්. අපි...
ගේට්ටුවෙන් එපිට රැඳී සිටියේ තරුණයෙකි. ප්‍රසන්න සිනාවක් සහිත ඔහු දෙස මම විමසිලිමත් ව බැලීමි. "මිස්ට සංකල්ප එදිරිමාන්නගෙ ගෙදර නේද මිස් මේ?" සංකල්ප පැය කිහිපයක් යන්නටත් මත්තෙන් සීනුගේ ඉල්ලීම ඉටු කර ඇත. තරුණයා බලු පැටවෙකු රැගෙන පැමිණ ඇත. ප්‍රීතිමත් නිල් දෑස සහිත කුඩා බලු පැටවා සීනු වෙත පැන්නේ ඇසිල්ලකිනි. කුඩාවුන්ට මිත්‍රත්වයක් ගොඩ නගා...
සීනු සංකල්පට ඇමතුමක් ගන්නට බොහෝ වෙලා යත්න දැරී ය. ඇගේ හිත නොරිදවා ඔහුට ඈ ලවා වොයිස් මැසේජයක් යැවීමට මම වග බලා ගතිමි. නැතිනම් ඇගේ ළපටි හදවත මහත් දුකකට පත් වීම නොවැළැක්විය හැකි දෙයකි. "තාත්ති බිසීනෙ. අපි හවස් වෙලා යං බව්වෙක් ගේන්න.පෙට් ෂොප් එකකට.." ඈ දිලිසෙන දෑසින් හිස වැනුවා ය. ගේට්ටු සීනුව...
මගේ සිතුවිලි අහුර බිම වැටුණේ මධ්‍යම රාත්‍රියට කිට්ටු වෙද්දී සංකල්ප පැමිණි නිසා ය. ඔහු පැමිණි බව දැනී දෑස් තද කර පියා ගත් මම නින්දට වැටුණු සේ හුන්නෙමි.ඔහු සමඟ කතාවට වැටෙන්නටවත් මට ඕනෑ වූයේ නැත. සංකල්ප සීනුව සෙමින් සිප ගනිද්දී මම දෑස් හැරියෙමි.සීනු සිහිනයෙන් "තාත්තී.. "කියමින් ඔහුට තුරුළු වූවා ය.සංකල්ප නිදි...
අගනුවරට සමීප නගරයක පිහිටි නිහඬ නිස්කලංක නිවාස සංකීර්ණය නංගීත් මමත් මතක ඇති කාලයේ පටන් හැදී වැඩුණු තැන ය. ඉතා සන්සුන් සහ වැදගත් අසල්වැසියන් පිරිසක් මැද ගෙවී ගිය ඒ කාලය සුන්දර ය.සෙල්ලම් කරන්නට ඕනෑ තරම් මිතුරන් සිටිය ද මට සමවයස් මිතුරියක ලැබෙන්නේ තුනේ පන්තියේ උගනිද්දී ය. තාරුකා සහ ඇගේ පවුලේ...
සංකල්ප එනතුරු කෝපයෙන් පුපුරමින් බලා හිඳීම මට මහත් වෙහෙසකර විය.ඔහු අඩුම තරමේ මට ඇමතුමක් හෝ දුන්නේ නැත. "වෙලාව පහු වෙනකොට මං වෙව්ලපු තරම් සුදු මැණිකේ.මහත්තයා ෆෝන් එක ගත්තෙත් නෑනෙ.." නීතා පන්සිය විසි වෙනි වතාවටත් එසේ කියමින් මා අත කෝපි කෝප්පයක් තැබුවා ය. අනතුරුව ඌණපූර්ණය එක් කළා ය. "අද ඉතිං මොකුත් කෑවෙත් නෑනෙ....