Tag: ඒකපාර්ශ්වික

අහස් ගුවන්තොටුපළ වෙත යාමට සූදානම් වී බලා සිටියේ විශ්මිත පැමිණෙන තුරුය. විශ්මිත  වාහනය ගෙමිදුලට ඇතුල් කරන විට අහස් ඉදිරියට ආවේය. විශ්මිත වාහනයෙන් බැස ගත්තේ අමාරුවෙන් මවා ගත් සිනහවකිනි.  " උඹ පරක්කුයි නේ බන්. කොහෙද ගියේ ? phone එක ආන්සර් කළෙත් නැහැ "  අහස් කියන්නේ විශ්මිත ගේ ප්‍රමාදය ගැනය. එහෙත් ගුවන් තොටුපළ...
නිම්නාද නිසා මුහුණ දීමට සිදුවූ සිදුවීම දින ගණනාවක් යනතුරු සිතෙන් ඉවත් කර ගැනීමට මේඝා ට හැකි වූයේ නැත. සුපුරුදු පරිදි කාර්යාලයට ගොස් රැකියා කටයුතුවල නියැලීමට සිදු වූවද මේඝා පසු වූයේ කම්පනයෙනි.  ඇගෙන් පිළිතුරක් බලාපොරොත්තුවෙන් අහස් බලා සිටියද එය වේදනාවක් පමණක් බව අහස් අත්දකිමින් උන්නේය. නමුත් පසුගිය දිනවල නිම්නාදගේ හැසිරීම...
මේඝා සිර මැදිරිය වෙත දෙපා එසවූයේ බොහෝ වරක් සිතීමෙන් පසුව ය. යකඩ කූරු අතරින් පෙනෙන නිම්නාදගේ පසුතැවිලි සහගත මුහුණ මේඝා ගේ හිත කම්පාවට පත් කළත් ඉන් නොසැලී ඉන්නට මේඝා අදිටන් කර ගෙන සිටියාය.  " මට සමාවෙන්න මේඝා "  නිම්නාද වචන පිට කළේ ඇහෙන නෑහෙන ගානටය. දිය යුතු පිළිතුර කුමක්දැයි මේඝා කල්පනා...
නිම්නාද ගමන් කල මෝටර් රථය පහු කර ඇවිදින් එහි මග හරස් කර නතර කලේ අහස් ගේ ජීප් රිය ය. අහස් යක්ෂාරූඩ වී මෙන් එයින් බැස එද්දි නිම්නාද ද වාහනයෙන් බසින්නට සූදානම් වී සිටියේය. " මං අද ඕකව මරනවා "  නිම්නාද කෝපයෙන් ගුගුලේය. අනතුරුව ඔහු හැකි තරම් වේගයෙන් මේඝාට කම්මුල් පහරක් එල්ල...
මේඝා දින කිහිපයක්ම ගත කළේ දෙගිඩියාවෙනි. තමා ලබා දුන් පිළිතුර නිසා අහස් අමනාපයට පත්වී ඇතැයි සිතුවත් එය එසේ සිදු වී තිබුණේ නැත. අහස් වෙනදා මෙන්ම ඉඳ හිටක දුරකථන ඇමතුමකින් හෝ කෙටි පණිවිඩයකින් මේඝා පිළිබඳව සොයා බලන්නට අමතක කළේ නැත.  " මං කැමති නෑ අහස් "  පෙර දිනක රාත්‍රියේදී මේඝා එසේ කී...
වසරේ නිරූපණ ශිල්පියා ලෙස සම්මානයට පාත්‍ර වූ අහස්ට ජාත්‍යන්තර නිරූපණ තරගයක් සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට අවස්ථාව හිමි වී තිබුණි. සිංගප්පූරුවේ පැවැත්වීමට සූදානම් කර තිබෙන එම තරගයට සහභාගී වීම සඳහා සති කිහිපයක් විදෙස් ගත වීමට තමන්ට සිදුවන බව අහස් පැවසුවේ ධනුක, නිකිනි සහ මේඝා සමඟ සූදානම් කරගත් රාත්‍රී ආහාර...
නිම්නාදගේ හැර යාමෙන් පසුව මේඝා පළවෙනි වතාවට පිටතට යාම සඳහා බොහෝ වේලාවක් තිස්සේ ඇඳුමක් තෝරමින් උන්නාය. අතට අහුවෙන ඇඳුමකින් සැරසී කාර්යාලයට සහ අනෙක් තැන් වලට ගියා මිසක පෙරදී මෙන් උනන්දුවෙන් සූදානම් වී කොහේවත් ගිය දිනයක් මේඝා ගේ මතකයේ තිබුණේ නැත. ඉතින් බොහෝ කාලයකට පසුව මේඝා පුදුමාකාර ආසාවකින් ඇඳුම් අල්මාරිය...
ආදරයත් වෛරයත් අතර පවතින්නේ කෙස් ගහක තරම් වෙනසක් යැයි යන කියමන සනාථ කරමින් නිම්නාද උන්නේ මේඝා කෙරෙහි උපන් කෝපයෙන් දැවෙමිනි. තමා හට සියල්ල අහිමි වීමට මේඝා ගේ කිසිදු වරදක් නැතත් නිම්නාද හේතු රහිතව ඇය පිළිබඳව වෛරයක්   ගොඩ නගා ගෙන සිටියේය. තමා කෙරෙහි නම්මා ගැනීමට ගත් උත්සාහයන් ව්‍යර්ථ වීම නිම්නාදට...
" වසරේ නිරූපණ ශිල්පියා " ට හිමි සම්මානය තම දෝතට ගැනීම සඳහා අහස් වේදිකාවට ගොඩ වූයේ මේඝා සිහි කරමිනි. මෙම ජයග්‍රහණයේ සතුට බෙදා ගන්නට ඇය පේන මානයක හෝ හිටියා නම් මොන තරම් හොඳ දැයි අහස් ට තදින්ම සිතුනි. මේඝා සම්පූර්ණයෙන්ම හිත හදාගන්නා තුරු ඇය ගෙන් ඈත්වී සිටීමට තමා ගත්...
අහස්ව මුණ ගැසීමට මේඝා බලාපොරොත්තුවෙන් උන්නත් එය සිතූ තරම් පහසු වූයේ නැත. අහස් නිර්දේශ වී උන් සම්මාන උළෙලේ අංගයන් සඳහා පුහුණු කිරීම් යොදා ගෙන තිබුණු නිසා අහස් වෙනදාටත් වඩා බොහෝ කාර්ය බහුල විය. " අම්මෝ උඹව අවෝඩ් එකකට නොමිනේට් වෙලා මෙහෙම නම් අවෝඩ් එකක් හම්බ උනොත් කොහොමට තියෙයිද ? " අහස්...