Tag: දෑත දරා
" උඹලෑ බබා බලන ආන්ටි කිව්වා විදියට නම්, දියතලාව හොස්පිට්ල් එකේ ඩොකෙක් ඇවිල්ලත් උඹව බලලා කරලා ගිහින් තියෙනවා... අපි එනකොට උඹ හිටියෙත් ඔය විදියට හැබැයි ... එතකොට උඹේ රෙදි මාරු කරලා තියෙන්නෙත් ඩොක්ටර් වෙන්නෝනා හැබැයි .. මං ඒක ඒ ආන්ටිගෙන් අහන්න ගියේ නෑ බං ... අවුල් නේ..."
මිතුරා ඇහි බැම...
සින්දූපා මනුජගේ ගුවන් හමුදා නිළ ඇඳුම සම්පුර්ණෙන්ම ඉවත් කලේය. ඔහුගේ ගත හා ගැටීම පහසු නොවූ නිසාම විනාඩි දහය ඉක්මවන විට ඕ උන්නේ හති ලමිනි. මනුජගේ යටි කය වැසෙන්නට සාරතී ගෙන් ඉල්ලාගත් සරම දැවටූ සින්දූපා ඕර්ඩිකොලෝන් පෙඟවූ රෙදි කැබැල්ලකින් ඔහුගේ උඩු කය තෙමා දැමුවාය.
දියණිය නින්දේ තැබූ සාරතී ද විත් සින්දූපා ට...
සාරතී දියණිය නලවා ගන්නට උත්සාහ කරමින් උන්නේ මිදුලේය. සින්දූපා මනුජ අතෙහි වූ කුඩා බෑගයේ වූ ඖෂධ පැකට්ටු බැලුවාය. ඒවායෙන් එක් බෙහෙට් වේලක් භාවිතා කර ඇති බව නිගමනය කළාය.
මනුජ උන්නේ දෑස් ඇර ගන්නට අපහසුවෙන් උත්සාහ කරමිනි. ඉහල ශරීර උෂ්ණත්වය නිසාම ඔහුගේ දෑස් විවෘතව තබා ගෙන සිටීම පවා පහසු වූයේ නැත. ...
මනුජ නිවසට අවශ්‍ය කලමණා ගෙනවිත් තැබුවේ පියා එලෙසින් අවශ්‍ය නොව්න බව තරයේ පවසද්දීය. පසුදා දහවල් පෙරලා දියතලාවේ යෑමට ඇති බව පැවසූ පසු දියණිය තවත් වේලා සිටීමට අවශ්‍ය බව පවසමින් හඬා වැටෙන්නට වූවාය. ඇය නින්දට යැව්වේ බොහෝ මුසාවන් වලට පසුවය.
" ආහ් ලොකූ .."
"ම්ම්ම්..."
" මට තව ටිකක් සනීප වුනාම, මේවා වහලා දාලා තාත්තයි මායි...
සින්දූපා ගේ වෛද්‍ය මිතුරාගෙන් සින්දූපා ට විසුමක් වුයේම නැත. අවසානයේ සින්දූපා මිතුරා මඟ හැර සිටින්නට තීරණය කරගත්තාය. ඔහු දකිද්දී ආපසු මඟ හැර අන් මඟක ගියාය.
" බලමුකෝ කොච්චරක් දවස් ඔහොම මාව මඟ අරින්නද කියලා ඈ...."
දින දෙකකට පසු වෛද්‍ය මිතුරා සින්දූපා පසුපස හඹා විත් එලෙස පවසා, සින්දූපා ට කිසිවක් පවසන්නට ඉඩනොදීම...
නිර්ධාගේ අම්මාට ඉතා සාමකාමීව කරුණු පැහැදිළි කෙරූ මනුජ නිවෙසට ගොඩ වූයේ හිතේ බර එක්කමය. දියණිය සුව පහසුවෙන් සිටීම නිසා ඒ බර යම් තාක් සැහැල්ලු වූ බව මනුජට දැනුනේය. ඔහු දියණිය වඩාගෙන සිපගත්තේ ගත දොවාගන්නට තරම්වත් වේලා නොගෙනය.
"මගේ කුරුළු පැටියා... බත් කාලාද ?"
"ඕ.. බත් කෑවා... බේතුත් බිව්වා අප්පච්චී කෝල් කරාට...
පසුදින සාරතී පැමිණීමෙන් පසු මනුජ ඇය පිළිගත් ආකාරයේ වෙනස මනුජගේ පියා හඳුනාගත්තේය.
" උඹ බාලාංශේ වගේ නේ ලොකූ වැඩ.. අර මනුස්සයා උඹට කතා කරලා යද්දී උඹ නිකන් ඔහේ ඉන්නේ...?"
"මට ඇහුන් නෑ..."
"උඹේ ඔය චරියාවන් අපි උහුලගෙන හිටියට පිට මිනිස්සු ඕවා කාගෙන ඉඳීවි හිතන්නෙපා පුතේ ඈ... හොඳට මතක තියාගනින් ඒක .... අන්තිමේදි...
සාරතී සින්දූපාට මනුජගේ තොරතුරු පැවසුයේ සින්දූආ නොනවත්වාම මනුජගේ නොමනා හැසිරීම් වෙනුවෙන් බැණ වදිද්දීය.
" කිරි සප්පයෙක් එක්ක තනි වෙච්ච ඔය වයසේ මිනිහෙක්ගේ හිත නෝනේට අපිට තේරෙන්නේ නෑ නෝනේ..."
සාරතී එලෙසින් කතාව අරඹද්දී සින්දූපා මොහොතකට නිහඬ වූවාය. සාරතී පැවසූයේ කුමක්දයි යලි සිතුවාය.
"බබා මනුජ මහත්තයා ළඟට එක්ක ඇවිල්ලා මාසයක් ගියේ නෑ... කලින් කොළඹ...
සාරතී පැමිණියාට පසු මනුජ යම් තරමකින් සන්සුන් කරවා ගන්නට ඇයට හැකි විය. සාරතී දියණිය හා සමඟ උන්නාය. ඇය වෛද්‍යවරිය සමඟින් ඉතා හිතවත්ව කතා බහ කරනුද මනුජ දුටුවත්, ඔහු ඒ පිළිබඳව එතරම් ගනනකට ගත්තේ නැත.
පැය භාගයක් ඉක්ම ගිය තැන මිතුරා යළි කලබලයෙන් මනුජ වෙත දිව ආයේය
" උඹට මොන යකෙක් වැහිලද...
අවසානයේ මනුජව වාට්ටුවෙන් පිටතට රැගෙන ගියේ ආරක්ෂක අංශයේ නිළධාරීන් තිදෙනෙකි එක් විගෙනය. ඉන් එක් අයෙක් මනුජව හඳුනාගත්තේය.
" මේ කෑම්ප් එකේ සර් කෙනෙක් ...."
ඔහු අනෙක් අයට පැවසූවේය. අනෙක් අය මනුජව අත් හැර පසෙකට වූවේ ඉන් පසුවය. මනුජ තිදෙනාටම කිසිවක් නොපවසා අම්මාට ඇමතුමක් ගත්තේය.
දෙවතාවක් නාද වෙද්දී පිළිතුරු ලැබුණි.
" ඇයි පුතේ ?."
"අම්මේ......