Tag: නිබ්බුත ගීත
"මං කියන්න ගියේ හතළිහ පැන්නට පස්සෙ ගෑනු ජීවිත හරියට මුහුදෙ ගැඹුරුම තැනක් වගේ කියල..ගැඹුරු වැඩිම තැන් හරි නිශ්චලයි. සන්සුන්. හතළිහක් වෙනකොට ගෑනු අපිටත් වෙන්න තියන ඔක්කොම දේවල් වෙලා ඉවරයි. ආදරේ කරල…ප්‍රතික්ශේප වෙලා…රිදිල…අඬල…තුවාල කැළැල් එක්ක වෙන ජීවිත ගත කරල..බැඳල..ළමයි හම්බ වෙලා…ළමයි වෙනුවෙන් ජීවත් වෙලා…මැරේජ් ලයිෆ් එක ගැන කලකිරිල..ඩිවෝස් වෙලා…ළමයි ලොකු...
සුසානය පාළුවට යමින් තිබේ. දැන් අහස කරා නික්ම යන්නේ අවසන් දුම් රොටු කිහිපය විය යුතු ය. ආදාහන කටයුතු වෙනුවෙන් පැමිණ සිටි සෑම සියලු දෙනා ම පාහේ නික්ම ගොස් දැන් ඉතිරි ව ඉන්නේ අපේ පවුලේ කිහිප දෙනා පමණක් කියා සිතමි. මගේ ඇස් වල කඳුළු නැත ද මහත් හිස් කමක් එහි...
'ලන්ඩන් බියර්මවුන්ට් අපාට්මන්ට්' ඒ රාත්‍රියෙහි මට පෙනුණේ මිහි බට දෙව් ලොවක් ලෙසට ය. ලෝචන මදුරාපුර, සදෙව් කුමරෙකු ලෙස මගේ අතක් පරිස්සමට අල්ලා ගෙන සිටියේ ය. පරිසරයේ වූ සිහිලැල් බව ගතට ඒ හැටි නො දනවන්නට අප හැඳ උන් උණුසුම් කබා සේ ම හදවත් වල වූ උණුසුම ද හේතු වන්නට ඇත....
ඒ ජනේලය ළඟට ලන්ඩන් නුවර කාර්ය බහුල වීදි වලින් කොටසක් ද මහල් නිවාස සංකීර්ණයේ ඇතැම් කොටස් ද පෙනේ. මා මේ තාරකා මල් බඳුන දුටුවේ ඒ කොතැනක සිට දැයි මෙතැන සිට බලා හරියට ම කිව නොහැකි ය. කොතැන සිට හෝ අපට අවශ්‍ය දේ හඳුනා ගැනීමේ ඉව අප සතුව පැවතිය යුතු...
යළි කවදා හෝ ලෝචන මදුරාපුර මගේ ඇසින් දැක ගන්නට ලැබේවි ද මගේ අතින් ස්පර්ශ කරන්නට ලැබේවි ද කියා මා නිශ්චිත වශයෙන් දැන සිටියේ නැත. කාලය දීර්ඝ ලෙස ගෙවී යත්දී, යන්තම් එවැනි බලාපොරොත්තුවක ආලෝක පුංජයක් දැල්වෙමින් තිබුණා වුණත් එය නිවි නිවී යන්නට ඇත. එනමුත් එක මොහොතකට හෝ හදවතේ ඔහු නිවී...
'ලන්ඩන් බියමවුන්ට් අපාට්මන්ට්' තුළට පිවිසෙත්දී මගේ හදවතට කුමක් හෝ සිදු වෙනු මට දැනිණ. එය රිදීමක් ද පෑරීමක් ද විඳීමක් ද විඳවීමක් ද කියා වෙන් කොට හැඳිනිය නො හැකි ය. විදුලි සෝපානය අපගේ තාවකාලික නිවස්නය පිහිටන නව වැනි මහලේ නතර වන විටත් ඒ අමුත්ත හදවතෙන් බැහැර වී නො තිබිණ. අවට...
රාත්‍රී ආකාසය පුරා තරු මල් ඉහිරී තිබිණි. මට මගේ තාරකා මල් යාය සිහිපත් විය. මුලින් ම දර මඩුවේ ගෙදර අපිළිවෙල යායක් ලෙස ද ඉන් පසු මධාරා අක්කා ගේ ගෙදර තාප්පය අයිනේ බෝඩරයක් ලෙස ද මම තාරකා මල් වැව්වෙමි. දවසේ කොයි වෙලාවක හෝ ඒ මල් යාය දකිත්දී මගේ හිත චමත්කාරයෙන්...
මධාරා අක්කා ගේ දුරකතනය අංකනය කිරීමෙන් පසු එළඹි තත්පර කිහිපයක නිහඬතාව තුළ මා අප්‍රාණික ව යනවා වාගේ මට දැනිණ. ඒ අප්‍රාණික බව දෙපා වලින් ඇරඹී සිරුර දිගේ ඉහළට ගමන් කරමින් තිබිණ. ඒ තත්පර දෙක තුනක නිහඬ බව තුළ මට නො හිතුණ දෙයක් නැති තරමි. ලෝචන පිළිබඳ අශුභදායී ආරංචියක් අසන්නට...
ලෝචන මදුරාපුර මුලින් ම ප්‍රේමාරාධනය කළ දවස් ගැන මම නැවත මෙනෙහි කළෙමි. එතකොට මා සිටියේ උසස් පෙළ පළමු වසරේ ය. එදා ලෝචනට සිසිල් බීම වීදුරුවක් ගෙන කාමරයට ගිය වෙලාවේ ඔහු කාමරයේ දොර වසත්දී දැනුණා වූ චකිතය මට දැනුත් සිහි කර ගත හැක. එදා තදින් ඔහු මා වැළඳ ගත්දී මා...
වෛද්‍යවරියක ලෙස මට ප්‍රථම පත්වීම ලැබුණේ රජරට ප්‍රාදේශීය රෝහලකට ය. හැම තත්පරයක ම කුමක් හෝ වැඩක නිරත වෙමින් මාව අමතක කරන්නට ඕනෑ වී තිබි නිසා ඒ වගේ දුෂ්කර පෙදෙසක දුක් විඳින මිනිසුන්ට සේවය කිරීමට අවස්ථාව ලැබීම මම භාග්‍යයක් කොට සැලකුවෙමි. මේ වෙත්දී මාත් එක්ක වෛද්‍ය පීඨයේ උගත් මිතුරු මිතුරියන්...