Tag: පමා වී පිපුනු මල්
"මම ඇත්තටම මෙහෙම සිද්ධියක් දැනගෙන හිටියෙ නෑ"
කිමල් කිව්වේ ආරියරත්න මහතාටය. කුමක් හෝ හේතුවකට දුරකතනය දමා ගැසීම නිසා බිඳුණ වීදුරු මල්.පෝච්චියෙන් විසිරුණු වීදුරු කටු මත හිටගෙන කඳුලක්වත් මුහුණේ නැතුව අමුතුම විදියට බලාගෙන උන් අරුණලීව ගෙදර එක්කරගෙන ආවේ කිමල් ය.
අරුණලී ඇඬුවේ නැතත් නිශ්ශබ්ධව කාරයේ ඉදිරිපස වාඩ් වී හිඳිද්දී දෙනෙත් වලින් කඳුලු...
"අයෑම් සොරි"
මෙනුක කිව්වේ රමිත්ගේ උරහිස මත හිස තබාගෙනය. අසරණ වූ මොහොතක ගිලෙන්නට යන මිනිසෙකු පිදුරු ගහක එල්ලී පණ බේරගන්නට තනනවාක් මෙන් මෙනුක එදා රැයේ රමිත් ව හමුවිය. ඒ සුපුරුදු බාර් එකෙන් හොඳටම බීමත්ව එලියට එද්දී පය පැකිලී වැටෙන්නට ගිය මොහොතකය. තමව කවුරුන් හෝ අල්ලාගත් බව තේරුණද ඒ රමිත් විය...
"අනේ මන්දා පුතේ මෙනුක මෙහෙටත් කතා කරා. තාත්තාට හොඳටම තරහ ගිහින් හිටියෙ. මොනවද මොනවද කිව්ව මං දන්නෙ නෑ"
අම්මා උන්නේ කණස්සල්ලෙනි. ටින් කිරි තේ පාටියේ උණුසුම් සතුට විනාස කරමින් මෙනුක ඒ මොහොතේම කතා කලේ ඇයිද කියා අරුණලී දිගින් දිගටම සිතුවාය.
"ප්ලීස් මෙනුක මම කිව්වනෙ මට කෝල් කරන්න එපා. එක එක දවසට...
"ඔන්න අපි ට්‍රීට් දෙන්නෙත් මෙහෙම"
"ගන්නෙත් මෙහෙම" කියා මහ හඬින් සිනාසෙමින් කේශීනි සමග ටින් කිරි තේ වීදුරුවට චියර්ස් දැම්මේ භාශිත ය.
අරුණලී උන්නේ ටින් කිරි තේ වීදුරුව අතේ තබාගෙන සෙමින් හුලං පිඹිමින් එය් නිවෙන්නට් හැර ය. බ්‍රහස්පතින්දා දවසක් නිසා කණ්ඩායමේ සියලුම දෙනා මේ ටින් කිරි තේ පාටියට ආවේ නැත. සමහරුන්ට ගෙදර...
"උඹ දැන් රමිත් එක්ක කතා කරන්නෙත් නැද්ද??" කුමිල ඇහුවේ උදෑසන වැඩට යන අතරවාරයේය. විවාහය බිඳ වැටී මෙනුක යලි ඔස්ට්‍රේලියාව බලා ඇවිදින් දැන් මසක් ගත වී ඇතත් මෙනුක සහ රමිත් අතර පෙර තිබූ සබඳතාවය කෙසේ වෙතත් මිතුදමක්වත් නැති බව කුමිල ඇතුලු අනෙක් මිතුරු මිතුරියන් සියල්ලන්ම දැන උන්නහ. එයට හේතුව ද...
"ඇයි බබා ඔයා මට කෝල් කරන්නෙවත් නැත්තෙ?"
මෙනුකගේ හඬ ඇසෙන්නේ වඩා බරැතිවය. එහි මද මත් බවක් ඇඳී තිබුණද තමා තවදුරටත් එයට සිත යොමුකල යුතු නොවන බව අරුණලී සිතුවාය. ඔහු කෙරේ, ඔහුගේ වේදනාවන් කෙරේ සිත යොමු කිරීමම මේ වේදනාකාරී බැඳීමෙන් මිදීම වඩ වඩාත් අපහසු සහ වේදනාව වැඩි කරන්නක් බව අරුණලී සිතුවාය.
"කෝල්...
"මෙහෙමයි මම දන්නෙ නෑ ඇයි මිස්ට සමරදිවාකර ඔයාවගේ මීට කලින් ඩිජිටල් මාකටින් එක්ස්පීරියන්ස් නැති කෙනෙක්ව හයර් කරේ කියල. ඔයාගෙ කන්සෙප්ට්ස් හොඳ උනාට අපි වගේ බුටික් ඒජන්සි එකක් ඉතින් කෙනෙක්ව හයර් කරද්දි එයාට මේන් ස්කිල් එකකට අමතරව තව මොනවහරි පුලුවන්ද කියලත් බලනව.
ඔයා ට්‍රැඩිශනල් මීඩියා පැත්තක ඉඳල ආව නිසා ඔයා බිස්නස්...
"වීරෙ හෙට එනවලු නේද?"
ඒ කතාබහ ඇතිවුනේ සඳුදා දවසක දහවල් වරුවේය. අරුණලී උන්නේ ලැප්ටොප් පරිගණකයට හිස ඔබාගෙන තවත් මසකින් පමණ වෙලඳ පලට නිකුත් කරන්නට බලාපොරොත්තුවෙන් හිඳින ශැම්පු වර්ගයක කැම්පේන් එකක ප්‍රසන්ටේශන් එක සකසමිනි. එහෙත් තමාගේ කණ්ඩායමේ නායකයා ගැන යමක් අසන්නට ලැබීම කතාබහකට මුල පුරන්නකි.
"මිස්ට වීරවර්ධන සැර ද?"
අරුණලී එසේ ඇසුවේ තමට...
ක්‍රියේටිව්ස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය පිහිටා තිබුනේ නුගේගොඩ සිට කොහුවල පැත්තට ඇවිදගෙන එද්දී දකුණු අත පැත්තේ අතුරු පාරක වූ පරණ නිවෙසකය. වසර හයක් වයසැති ක්‍රියේටිව්ස් ප්‍රයිවට් ලිමිටඩ් ඇඩ්වටයිසින් ආයතනය දිවයිනේ ප්රමුඛ පෙලේ ආයතන විශාල ප්‍රමාණයක සන්නාම වල ඩිජිටල් අලෙවිකරණ සහ ප්‍රවර්ධන වැඩ සටහන් මෙහෙයවින් උන්නහ.
අරුණලී ක්‍රියේටිව්ස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයා එක්...
අරුණලී විසින් සියදිවි නසාගන්නට කටයුතු කර බව මෙනුක දැනගත්තේ අම්මාගෙනි. අම්මා ඒ ගැන කිව්වේ වේදනාවකින් නමුත් මෙනුක ගැන කෝපයකිනි. අම්මාගේ කෝපවත් හඬේ තැවරී තිබුණේ " උඹ අපි හැමෝගෙන ජීවිත විනාස කරා" යන කතාව බව මෙනුක නොහැඳිනුවා නොවේ. ඒ නිසාම දුරකතනයෙන් අරුණලී අමතා කතා කල මෙනුක නැවත වරක් සමාව සහ...