Tag: මා හද තුළ ඔබ

ලෝකය මතින් විවිධ ඍතු ගෙවී යන්නේ ය. කුණාටු, සුළි සුළං, ටර්නාඩෝ, සුනාමි සේ ම කටුක ඉඩෝර ද සාගත හා වසංගත ද පැමිණෙන්නේ ය. යම් කිසි කාලයක් දරුණු පීඩා සිදු කරනා නමුදු, වසන්තයකට සේ ම කුණාටුවකට ද එක තැන නතර වී සිටිත නො හැකි ය. පැමිණියහොත් ඒවා යළි නික්ම යා...
උදාරි හෙමි හෙමිහිට සුව වෙමින් සිටියා ය. මුලින් ම ප්‍රබෝධවත් වී ආවේ ඇගේ සිරුරයි. මුලින් වැහැරෙන්නට පටන් ගත්තේ ද සිරුර ය. සිය සැමියා විසින් ඇයව ඒ අඳුරු කුටිය වෙත ගෙන ගිය දවස උදාරි ගේ දිවියෙහි අඳුරු ම දිනයයි. එහි ඇය සදාකාලික සිරකාරියක වූ බව දැනෙත්දී ඉන් මිදීගන්නට උදාරි හැම...
ඉනික්බිති සිදු වූ සියල්ල සිනමා පටයක රූපරාමු සේ ය. සැබෑ ජීවිතයක් මත සිදු විය හැකි යයි සිතිය නො හැකි තරම් ය. සිනමා පට වල දක්නා සියලු සිදුවීම් සැබෑ ජීවිත මත්තෙහි යම් අවස්ථාවක සිදු විය හැකි බව අපට විශ්වාස කරන්නට සිදු වන්නේ ද එවන් මොහොත වල ය. රටින් පලා යාමට උත්සාහ...
පොලිස් දෙපාර්තමේන්තුවට එය සුවිශේෂ සිදුවීමක් විය. ඔවුහු වහ වහා සමනල් වෙතින් කට උත්තරයක් ලබාගෙන පැමිණිලි පොතේ පැමිණිල්ලක් සටහන් කරගත් අතර වහා ක්‍රියාත්මක වී උදාරි ව රෝහල්ගත කළහ. ඒ සමග ම ගයාත්‍රි ව අත්අඩංගුවට ගැනීම සඳහා ද ඒ රහස් කුටිය නිරීක්ෂණය කිරීම පිණිස ද පොලිස් කණ්ඩායම් යොමු කරවන ලදී. නමුත්...
සමනල් දිවයුරු රණසිංහ හැබෑ තරුණයෙකු සේ හිතපදැඩි කරගෙන හිස කෙළින් තබාගෙන සිටියේ ය. නමුත් ඔහු ගේ ඇතුළාන්තයෙහි තිගැස්මෙහි තරංග රැලි නො නැගුවා නොවේ. මේ බිත්ති අල්මාරියෙහි වන්නේ කුමක් ද? ඒ තරම් අසාධ්‍ය තත්වයක හිඳගෙනත් ඩිලන් රණසිංහ ට සිහිපත් වූ වැදගත් කාරණය කුමක් ද? සමනල්ව ම ළඟට කැඳවා අල්මාරියේ මේ...
"අනේ...මං කොච්චර බයෙන්ද හිටියෙ ඔයා ආන්සර් නොකරනකොට...හිතා ගන්න බැරි වුණා කලබලේම ලයින් එක කට් කරල මෙහෙම වෙනකොට...ඔයාට කරදරයක් නෑ නේද...දෙයියනේ දැනුයි මගෙ ඇඟට ලේ ටිකක් ඉනුවෙ" සමනල් ගේ දුරකතනය හා සම්බන්ධ වූ ගමන් තඹරු ඉවසිල්ලක් නැතිව කියවාගෙන ගියා ය. නමුත් ඒ වචන අතරේ දෝරෙ ගැලුවේ අතිශයින් ම ආදරය බව සමනල්...
ඩිලන් රණසිංහ දුටු සමනල් තුළ ඇති වූයේ නො රිස්සුමකි. සිය නවාතැන හොයාගෙන එක ගැන යමක් ඔහුගෙන් විමසිය යුතු නැත. ඔහු ට එය මහ කාරියක් නොවේ. නමුත් මේ විදිහට තාත්තා තව දුරටත් කටුවක් වාගේ සිය හදෙහි ඇනි ඇනී, පැටලි පැටලී ඉන්නා එකට ඔහු කැමති නැත. "ඇයි..." එය තරමක් රළු ප්‍රශ්නයකි. පියා දැකීමෙන්...
වැස්ස නවතින පාටක් නැත. නිරිත දිග මෝසම සක්‍රිය වූ ගමන් මැයි මාසයේ වැසි වැටෙන්නේ එහෙම ය. පැල් බැඳගෙන එක දිගට ය. ආත්මය ම ගිනි ගොඩක දවා ලූ ඒ දර්ශනය නෙතු මත පතිත වීමෙන් පස්සේ ඩිලන් රණසිංහ මේ හිස් කරන්නේ කී වෙනි විස්කි විදුරුව දැයි ඔහු ම නො දනී. නමුත්...
ශනිදාව නිසොල්මන් ය. පෙර දා රාත්‍රියේ පටන් විටින් විට ඇද හැළුණ වැස්ස උදේ සිට මුරුගසං වැස්සක් බවට පත් ව තිබේ. කැෆේ එකේ වැඩ කරන ගෑනු ළමයා නිවාඩුවක් ඉල්ලූයෙන් කේක් ඇන්ඩ් කොෆී අවකාශයෙහි වූයේ ගෙදර අය පමණකි. නො නවතින වර්ෂාව නිසා කම්මැළි සිතී සඳැස් උපකාරක පන්ති නොයා ගෙදර නැවතුණේ ය....
හැම දා ම හැම දේ ම එක ම විදිහට පවත්නේ නැත. සියල්ල වෙනස්කම් වලට ලක් වේ. වෙනස් වන ලෝකයෙහි වෙනස් නොවන එක ම දෙය වෙනස් වීමය යනුවෙන් කියමනක් ද තිබේ. නමුත් මේ දේවල් මෙහෙම වෙනස් වේවියි ඩිලන් රණසිංහ කිසි දා නො සිතන්නට ඇත. උදා වෙමින් තිබෙන්නේ කුණාටුවක පෙරනිමිති වී...